ඔටෝ ගියර් ලෙඩ – ගියර් slip වීම

ඔටෝ ගියර් ලෙඩ – ගියර් slip වීම

ඔටෝ ගියර් වාහන පදින්න හරි ලේසි වුනාට නඩත්තු කරනකොට මැනුවල් වාහන වලට වඩා සැළකිලිමත් වෙන්න ඕන. එහෙම නැතිවුනොත් ගියර් බොක්ස් එක මාරු කරන තැනටම වැටෙන්න පුලුවන්. ඉතිං ලේසියට පදින්න ඔටෝ වාහන අරං මොකටද නිකම් දුක්විඳින්නෙ. හරි ඔය කතන්දර ඔක්කොම එක්ක අද අපි කතා කරමු ඔටෝ ගියර් වල එන ලෙඩ ගැන. දැනටම ගොඩක් වාහනවල මේ ලෙඩ නිසා කරදරේට පත්වෙච්ච අයත් මෙතන ඇති. ඔටෝ ගියර් ලෙඩ අතරින් අපි අද කතා කරමු Automatic Transmission Slipping කියන ලෙඩේ ගැන. ඔටෝ ගියර් වාහනයක් වුනාමා ආයෙ අනංමනං කතන්දර නෑ D එකට දැම්මම පාඩුවෙ ගියර් මාරුවෙවී smoothly…

Read More

ටර්බෝ එකේ ආයුකාලය වැඩි කරමු

ටර්බෝ එකේ ආයුකාලය වැඩි කරමු

ටර්බෝ වාහනයක් පදින එකේ ෆන් එක දන්නෙ ටර්බෝ වාහන තියන අය විතරයි. හැබැයි ඉතින් හරියට පාවිච්චි කරේ නැත්නම් ඒකෙ දුක දන්නෙත් ඒගොල්ලොම විතරයි. හරි! ටර්බෝ වාහනයක් තියන කෙනෙක් වාහනය ගැන සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු කිහිපයක් තියනවා. අද අපි කතා කරන්න යන්නෙ අන්න ඒ ගැන. 1.වාහනය ස්ටාර්ට් කර ධාවනයට පෙර විනාඩියක් පමණ idle තියන්න: Turbo එක හොඳින් lubricate වෙන්න ඕන. වාහනේ එන්ජිම සිසිල් අවස්ථාවල එන්ජිමේ උෂ්ණත්වය නියමත මට්ටමට එනතුරු අපි වාහනය ස්ටාර්ට් එකේ තියනවා නේ. ඒ වෙලාව හොඳටම ඇති ටර්බෝ එක lubricate වෙන්න. එහෙම නැතුව අපි දිව්වොත් මොකද වෙන්නෙ? ටර්බෝ…

Read More

CV Joint ගැන දැනගනිමු

CV Joint ගැන දැනගනිමු

Constant-velocity joints කෙටියෙන් CV joint ලෙස හඳුන්වන මෙමඟින් drive shaft එකේ සිට රෝදවලට බලය අවම ඝර්ශණයකින් හා play එකකින් ස්ථායි වේගයකින් විචල්‍යවූ කෝණයන්ගෙන් ගෙනයා හැක. තේරුනාද මන්දා… හරි සරලව කිව්වොත් වාහනේ ගියර් පද්ධතියෙන් එක කැරකැවුම් බලය රෝදවලට එකම වේගයකින් දෙන්න එපැයි. හැබැයි සස්පෙන්ශන් සහ ස්ටීරින්වීල් එකත් එක්ක රෝද එකම විදිහට තියෙන්නෙ නෑනේ. ඉහල පහල එහාමෙහා යනවානේ. ඉතින් එක විදිහට ඉන්නෙ නැති මේ රෝදවලට කැරකැවුම් බලය එකවිදිහට දෙන්න උදව් වෙන්නෙ මේ සීවී ජොයින්ට්. දැන්නම් තේරෙන්න ඇති කියලා හිතනවා. මේ සීවී ජොයින්ට් එන්නෙ front wheel drive vehicles වලට සහ නවීන independent rear…

Read More

ඕල්ටනේටරේ ගැන දැනගනිමු

ඕල්ටනේටරේ ගැන දැනගනිමු

ඕල්ටනේටරේ තමයි වාහනය විදුලිය උත්පාදනය කරන ප්‍රධාන අංගය. ඒ වගේම වාහනය චාර්ජ් එකේ තියාගන්නෙත් මේ ඕල්ටනේටරෙන්ම තමයි. වාහනේ එන්ජිම දුවන වෙලාවට ඕල්ටනේටරේ වාහනේ බැටරිය චාර්ජ් කරන අතර වාහනේ අනෙක් විද්‍යුත් පද්ධති වලට විදුලිය සපයන්නෙත් මෙයාම තමයි. පේනවා නේද මෙයා කොච්චර වැදගත්ද කියලා. ඕල්ටනේටරේ ඇතුලත ක්‍රියාදාමය සාමාන්‍ය වාහනේක ඕල්ටනේටරේ windings 2ක් තියනවා. එකක් stator (stationary outside winding) සහ අනික rotor (rotating inner winding). Voltage regulator එකක් හරහා වෝල්ටීයතාව rotor winding එකට සපයන අතර rotor winding එක energize වෙලා රොටර් එක කාන්දමක් බවට හැරෙනවා. මේ රොටර් එක කැරකෙන්නෙ එන්ජිමෙ ඩ්‍රයිව් බෙල්ට් එකෙන්. මේ රොටර් එකෙන් ඇති කරන චුම්බක…

Read More

සීට් බෙල්ට් ගැන දැනගනිමු

සීට් බෙල්ට් ගැන දැනගනිමු

සීට් බෙල්ට් ගැන මොනවද කියවන්න තියෙන්නෙ කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. හැබැ‍යි දන්න නොදන්න හැමෝටම අපි කියලා දෙන්නෙ අද සීට් බෙල්ට් ගැන. මේකට කියලත් කියනවා. සරලවම කිව්වොත් ඔව් සීට් බෙල්ට් එක තියෙන්නෙ වාහනයක ගමන් කරන පුද්ගලයන් වාහනයේ සිදුවන හදිසි ඒ වගේම හානි කරන චලනයන්ගෙන් ආරක්ෂා කරන්න. හදිසි අනතුරකදි වාහනයේ ගමන් කළ පුද්ගලයන් නිසිලෙස එයාර් බෑග් එකට ස්ථාන ගත කරන්න, වාහනයෙන් එළියට විසිනොවී තියාගන්න වගේ පුද්ගලයන්ගේ ආරක්ශාව වෙනුවෙන් නිමැවුනු මෙවලමකි. සීට් බෙල්ට් එක කරන්නෙ ඒ වගේ හදිසි අවස්ථාවල ප්‍රතිවිරුද්ධ බලයක් යොදා එම පුද්ගලයා සිරකරගැනීමයි. හරි ඔය ගැන ඔයිටවඩා කියන එකේ තේරුමක් නෑ….

Read More

මොනවද මේ GDI Engine

මොනවද මේ GDI Engine

Gasoline Direct Injection (GDI) එහෙමත් නැත්නම් Petrol Direct Injection, Direct Petrol Injection යන අර්ථයෙන් තමයි GDI එන්ජිම හඳුන්වන්නේ. මේක two-stroke සහ four- stroke පෙට්‍රල් එන්ජින් වල fuel injection කරන තවත් ක්‍රමයක්. මේකෙ විශේෂත්වය තමයි අනෙක් ඉන්ජින් වල පෙට්‍රල් මිශ්‍ර වාතය සිලින්ඩර වලට intake කරනකොට GDI එන්ජිමේ කෙලින්ම පෙට්‍රල්, සිලින්ඩර් තුළට inject කිරීමයි. මේක සිදුවෙන්නෙ අධික පීඩනයකින්. GDI එන්ජිමේ ප්‍රධාන වාසිය තමයි ඉන්ධන කාර්යක්ෂමතාවය හා වැඩි බලයක් නිපදවීම. ඒවගේම emissions level එකත් හොඳයි. ඒකට හේතුව තමයි අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය හා injection timings එන්ජිමේ ලෝඩ් එකට අනුව වෙනස් වෙමින් පාලනයකින් සිදුවීම. ඊට…

Read More

Engine Performance වැඩි කරමු- Part 2

Engine Performance වැඩි කරමු- Part 2

හරි අපි පහුගිය ලිපියෙන් පටන්ගත්තා වාහනයක වැඩිකරගන්න විදිහ. අද ඒකෙ ඉතුරුටික. 6.Velocity stack Velocity stack කියන්නෙ ට්‍රම්පට් එක හැඩයේ පොඩි ගැජට් එකක්. ඒක හයිකරන්නෙ එන්ජින් එකේ වායු පිවිසුම් ස්ථානයට. මේකෙන් එන්ජිමට smoothly air supply කරනවා. සාමාන්‍ය පයිප්පය හරහා වායු ගමන් කරනවාට වඩා කාර්යක්ෂම ලෙස වාතය ගමන් කිරීමෙන් අපිට එන්ජිමෙන් වැඩි horsepower එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. 7.Fuel line right-sizing විහිලුවක් වගේ නේද? හැබැයි ඔබ විශ්වාස කරන එකක් නෑ. අපිට ඉතිං 5/16-inch fuel line එකකින් 450 horsepower විතර ගන්න බෑ. නිකමට හිතන්න ඔයා කැමතිම බීමක් සිහින් බීම බටයකින් හා මහත බීම බටයකින්…

Read More

Engine Performance වැඩි කරමු- Part 1

Engine Performance වැඩි කරමු- Part 1

අපි කවුරුත් කැමතියි engine performance හොඳට තියන වාහනයක් එලවන්න. කවුරුත් කැමති නෑ අනිත් වාහන අස්සෙ ගොළුබෙල්ලෙක් වගේ පසුබහින්න. සමහර වෙලාවට V8 V10 වගේ ලොකු එන්ජින් තියන වාහනයක් ඕවර්ටේක් කරගන්න බැරි වුනාම හිතට පොඩි දුකකුත් නැතුවාම නෙවෙයි. හරි අද අපි කියලා දෙන්න යන්නෙ වාහනේ engine preformance වැඩි කරගන්න පුලුවන් ක්‍රම 10ක්. මේක අතිශය වාහන ගැන කැක්කුමක් තියන අයට පමණයි ! 1.Synthetic lubricants Synthetic lubricants වලට පුලුවන් කාර්යක්ෂම ලෙස වාහනයේ ඝර්ශණය අඩුකරන්න. ඒ වගේම එන්ජිමේ ආයුකාලයත් වැඩි කරනවා. Conventional oil වලට වඩා හොඳ ලිහිසි තත්ත්වයක්, synthetic lubricants වලට පුලුවන් එන්ජිමේ චලනය වන…

Read More

හෑන්ඩ් බ්‍රේක් ගැන දැනගනිමු

හෑන්ඩ් බ්‍රේක් ගැන දැනගනිමු

පාකිං බ්‍රේක්, අපේ භාෂාවෙන් කිව්වොත් හෑන්ඩ් බ්‍රේක් ගොඩක් වෙලාවට අපේ ආරක්ෂකයෙක් වගේම අපේ සහයට ළඟ ඉන්න සගයෙක් කිව්වට වැරදි නෑ. මොකක්ද ඇත්තටම හෑන්ඩ් බ්‍රේක් එකෙන් වෙන්නෙ? ඔව් හෑන්ඩ් බ්‍රේක් එක තියෙන්නෙ ප්‍රධාන බ්‍රේක් පද්ධතියට අමතරව ක්‍රියාකරන්න, ඒ කියන්නෙ හදිසියෙ හරි ප්‍රධාන බ්‍රේක් පද්ධතියෙහි බිඳවැටීමක් සිදුවුවහොත් ක්‍රියාකරන්න තමයි හදිසි බ්‍රේක් එහෙමත් නැත්නම් හෑන්ඩ් බ්‍රේක් තියෙන්නෙ. ඇත්තටම කිව්වොත් නවීන වාහනවල පරණ වාහනවල වගේ හෑන්ඩ් බ්‍රේක් කාර්යක්ෂම නෑ. පාකිං බ්‍රේක් සම්බන්ධ වෙලා තියෙන්නෙ වාහනේ පසුපස බ්‍රේක් වලට, ඒක ඉදිරිපස බ්‍රේක්වගේ තදට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. නවීන වාහනවල නම් ගොඩක් වෙලාවට පාකිං බ්‍රේක් ක්‍රියාකරන්නෙ වාහනයක්…

Read More

A\C මදිද ?

A\C මදිද ?

A\C තියන වාහන පදින අය අතරෙ තියන පොදු ප්‍රශ්ණයක් තමයි ටික කාලයක් යනකොට A\C මදිවෙන එක. සමහර විට සීතල දවස් වලට ඇති වෙනවා හැබැ‍යි රස්නෙ දවස් වලට මදි. ඒ වෙලාවට ෂටර්ස් පහත්කරගෙන යනවා ඊටවඩා හොඳයි කියලා හිතෙනවා. හරි කොහොම වුනත් A\C හරියට maintain කරොත් ඔය ප්‍රශ්ණ නෑ. අපි අද කියන්න යන්නෙ අන්න ඒ ගැන. මුලින්ම කියන්න ඕන පොඩිම පොඩි A\C ගෑස් ලීක් වුනත් ඇති වාහනේ A\C මදිවෙන්න. ඒ නිසා ඔබ වාහනයක් මිළදීගත්ත ගමන් (භාවිත කළ ) හෝ A\C මදි කියලා දැනුන සැණින් කළයුත්තේ වාහනේ A\C ගෑස් ලීක් තියනවද බැලීමයි. ඊට…

Read More