Check Engine ලයිට් එක පත්තු වෙනවද?

Check Engine ලයිට් එක පත්තු වෙනවද?

පාලු පාරක නිදහසේ කැමතිම සින්දුව අහගෙන කිසිම කරදරයක් නැතුව ඩ්‍රයිව් කරනවා තරම් සතුටක් තවත් කොහෙද? හැබැයි එහෙම ඩ්‍රයිව් කරනකොට එකපාරටම ඩෑෂ්බෝඩ් එකේ කහපාට ලයිට් එකක් පත්තු වුනාම? මොනදේ කරන්නත් කලින් මුලින්ම වාහනේ පාර අයිනට කරලා නතර කරගන්න. අපි බලමු Check Engine ලයිට් එක පත්තු වෙන්න හේතු මොනවද කියලා. Bad Battery or Charging System බොහෝ නවීන වාහන පරණ වාහන වලට වඩා ඉතාමත් සංවේදී. ඔබගේ වාහනයේ බැටරිය අධික ලෙස සීතලට හෝ උණුසුමට නිරාවරණය වීම හානිවුවහොත් චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙන්න පුලුවන්. Exhaust Gas Regulation Valve මේ වෑල් එකෙන් තමයි අභ්‍යන්තර දහන…

Read More

ටයර් වලින් එන ප්‍රශ්ණ

ටයර් වලින් එන ප්‍රශ්ණ

ඔබට වාහනය හැසිරවීමේ හෝ පාලනය කිරීමේ ප්‍රශ්ණ තිබේද? පිටින් පෙනෙන්නට කිසිදු ප්‍රශ්ණයක් නැත්ද? ටයර් එක තමයි බොහෝවිට ප්‍රශ්ණයට මුල. හොඳින් ටයරය පරීක්ෂා කර බලන්න. නිතර වලවල් වල වැටීම නිසා හෝ වැරදි ලෙස ටයරය සවිකර තිබීම නිසා ටයරයේ ව්‍යුහයට හානිවී තිබිය හැක. ටයරයේ කැපුම් පාරවල්, ඉදිමුම්, රැළි වැටීම්, තැලීම්, සීරීම්, ටයර් කට්ට තැනින් තැන කැඩී තිබීම්, පැලීම්, ඉරිතැලීම් වැනි ලක්ෂණ එවිට පෙන්නුම් කරයි. ටයරයේ මතුවන එවැනි අඩුපාඩු නිසා වාහනය හැසිරවීමදී පැත්තට අදින ගතියක් දැනීම හා වාහනය අනවශ්‍ය ලෙස දෙදරීම සිදුවේ. බොහෝ විට සමහර ලෙඩ ටයරයෙන් පිටතට පෙන්නුම් නොකරන අතර ඒවා ටයරය…

Read More

ටයර් ඉක්මණින් ගෙවීයාමට හේතු

ටයර් ඉක්මණින් ගෙවීයාමට හේතු

ටයර් වලින් කාර්යක්ෂම සේවයක් ඉටුකර ගැනීමට නම් ඒවා නිතර නඩත්තු කර යුතුයි. කෙසේ නඩත්තු කලද භාවිතයත් සමඟ කාලයත් සමඟ ටයර් ගෙවී යාම අපට නතර කරන්න බෑ. ගෙවුනු ටයර් භාවිතය ඉතාම අනතුරුදායකයි. ඒ එම ටයර් වල කට්ට රටා අවම වීමත් ඒ හේතුවෙන් ඝර්ශණය අවමවීමත් යන හේතු නිසාය. සමහර වෙලාවට අපි බලාපොරොත්තු වනවාටත් වඩා ඉක්මණින් ටයර් ගෙවෙනවා. ඒ කියන්නෙ ටයර් වේගෙන් ගෙවෙන්න පටන්ගන්නවා. ඇයි එහෙම වෙන්නෙ? ටයර් එලයින්මන්ට් වෙනස් වුනාම තමයි මූලිකවම ටයර් ඉක්මණින් ගෙවෙන්න පටන්ගන්නෙ. මීට අමතරව ගෙවුනු ස්ටියරින් සහ සස්පෙන්ශන් කොටස් නිසාද ටයර් ඉක්මණින් ගෙවෙන්න පටන්ගන්නවා. ටයරයේ වායු මට්ටම, ටයරයේ…

Read More

ටයර් නිවැරදිව නඩත්තු කරමු

ටයර් නිවැරදිව නඩත්තු කරමු

හොඳ ටයර් සෙට් එකක් වාහනයේ තිබීම ඉතාම වැදගත් වගේම ඒ ටයර් නඩත්තු කිරීමත් ඉතාමත් වැදගත්. මොකද ඕනම මාර්ග තත්ත්වයක ඕනම කාලගුණ තත්ත්වයක වාහනේ හොඳින් හසුරුවාගැනීමට හොඳ ටයර් සෙට් එකක් තිබීම වැදගත්. ඒ වගේම තමයි අද කාලෙ ටයර් සෙට් එකක් මාරු කරනවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි ටයර් වල මිලත් එක්ක. කොහොම නමුත් ටයර් හරියට නඩත්තු කරොත් ඒ කියන්නෙ ටයර් වායු පීඩනය, එලයින්මන්ට්, පදවන ආකාරය වගේ දේවල් ගැන සැළකිලිමත් වුනොත් ටයර් ගෙවෙන එක අඩු කරගන්න පුලුවන්. ටයර් වල ආයුකාලය වැඩි කරගන්න පුලුවන්. නිවැරදි වායු පීඩනයක් පවත්වාගෙන යෑම මේක ඉතාමත් වැදගත් වගේම…

Read More

නයිට්‍රජන් පිරවූ ටයර් වල වාසි අවාසි

නයිට්‍රජන් පිරවූ ටයර් වල වාසි අවාසි

ටයර වලට නයිට්‍රජන් පිරවීම වර්තමානයේ ජනප්‍රිය වුනාට අලුත් ටයර වලට පිරවීම සහ නයිට්‍රජන් ටයර් නඩත්තුව පිළිබඳව ඇත්තේ තරමක මතබේදකාරී තත්වයකි. නයිට්‍රජන් සපයන්නන් පවසන්නේ නයිට්‍රජන් පිරවීමෙන් ටයරවල performance, ආයුකාලය, රියදුරුගේ ආරක්ෂාව සහ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩිවන අතර පරිසර හිතකාමී බවින් යුක්ත බවයි. නමුත් අනෙක් අය පවසන්නේ මෙය වැඩකට නැති පාරිභෝගිකයන්ගෙන් වැඩිපුර මුදල් අයකර ගැනීමට වෙළඳපොලට ආ උපක්‍රමයක් ලෙසයි. නමුත් සත්‍ය කථාව ඇත්තේ ඔය දෙක මැදයි. නයිට්‍රජන් හැම වායු පිරවුම් ස්ථානයකම නොමැති නිසා සුලබතාවය අවම වන අතර අනෙක් අතට සාමාන්‍ය වායු පිරවුමකට වඩා නයිට්‍රජන් පිරවීම මිල වැඩිවේ. නයිට්‍රජන් පිරවීමේ වාසිය වාහනය පදවන ආකාරය…

Read More

ඇලෝයීවීල් ගැන දැනගනිමු

ඇලෝයීවීල් ගැන දැනගනිමු

වාහනය අද වෙනකොට මිනිසාට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙලා ඉවරයි. අද මිනිස්සු තමාට හැකි පමණින් කුමන ආකාරයේ හෝ වාහනයක් මිලදීගැනීමට තමයි උත්සහ කරන්නෙ. කෙසේ වෙතත් වාහනය මූලික අවශ්‍යතාවයක් කරගත් මිනිස්සු අතරෙ වාහනය තමුන්ගෙ වත්කම, සමාජ තත්වය සහ බලය පෙන්වන උපකරණයක් ලෙස භාවිතා කරන අයත් ඉන්නවා. ඒ වගේම සමහර අය වාහනයේ original condition වෙනස් කරමින් වාහනයේ performance සහ appearance වෙනස් කරමින් වාහන භාවිතා කරනවා. ඔය අතරේ ඉතාමත් ජනප්‍රිය modification එකක් තමයි ඇලෝයීවීල් කියන්නෙ. අපේ ගොඩක් අය පෙනුම මත පමණක් පදනම් වෙලා වාහනයට ඇලෝයීවීල් එකතු කරනවා. නමුත් වාහනයට ඇලෝයීවීල් එකතු කිරීමේදී වාහනයේ පෙනුම පමණක්…

Read More

CV එක සම්බන්ධව නිතර ඇසෙන ප්‍රශ්ණ 10කට පිළිතුරු

CV එක සම්බන්ධව නිතර ඇසෙන ප්‍රශ්ණ 10කට පිළිතුරු

ප්‍රශ්ණය: මම අලුතෙන් CV ජොයින්ට් දැම්මට පස්සෙ වාහනේ ABS ලයිට් එක පත්තු වෙලාම තියනවා, නැතිවෙන්නෙ නෑ. ඒ ඇයි? පිළිතුර: CV ජොයින්ට් එක මාරු කරන අවස්ථාවේදී ඇක්සලය අසළ ඇති සෙන්සර් රිං එක හෝ සෙන්සර් වයර් එක හානිවීම නිසා ABS මොඩියුලයට අක්‍රමවත් ආකාරයෙන් සංඥා නිකුත්වීම නිසා ABS ලයිට් එක පත්තුවේ. ප්‍රශ්ණය: මම වාහනය ධාවනයේදී වාහනයේ ස්ටියරින් වීල් ගොඩක් කරකවන අවස්ථාවල ක්ලික් ශබ්දයක් හෝ ටක ටක ශබ්දයක් ඇසේ. ඒ මොකක්ද? පිළිතුර: මෙම ශබ්දයට හේතුව outer CV ජොයින්ට් එක ගෙවීයාම හෝ හානිවී තිබීමයි. මෙයට ඇති එකම විසඳුම හැකි ඉක්මණින් CV ජොයින්ට් එක මාරු කිරීමයි….

Read More

ඔයිල් ෆිල්ටර් ගැන දැනගනිමු

ඔයිල් ෆිල්ටර් ගැන දැනගනිමු

එන්ජිමක ජීවන රුධිරය එන්ජින් ඔයිල් වේ. ක්‍රියාකාරී එන්ජිමක එන්ජින් ඔයිල් චක්‍රයක් ලෙස එන්ජිම හරහා ගමන් කරන අතර ඒ යන අතරතුර විවිධ කුණු දුහුවිලි සහ එන්ජිම තුළ ගැටෙන ලෝහ වලින් හටගන්නා කුඩා සුන්බුන් වැනිදෑ සියල්ල මේ එන්ජින් ඔයිල් එකට එකතුවේ. ඉතින් මේ අපද්‍රව්‍ය ඒ ආකාරයටම එන්ජිම හරහා ගමන් කිරීමට සැලැස්වුවහොත් එයින් එන්ජිමේ අභ්‍යන්තර කොටස් ලිහිසි වනවාට වඩා වෙන්නෙ ඒවා වඩාත් ඉක්මණින් ගෙවී යාමයි. ඉතින් ඒ හානිය වලක්වාගන්න තමයි ඔයිල් ෆිල්ටරේ තියෙන්නෙ. ඔයිල් ෆිල්ටරේ එන්ජින් ඔයිල් වල එම අපද්‍රව්‍ය පෙරා පිරිසිදු එන්ජින් ඔයිල් නැවත එන්ජිම වෙත යවනවා. සෑම සැතපුම් 3000කට සැරයකම කරන…

Read More

එයාර් ෆිල්ටර් ගැන දැනගනිමු

එයාර් ෆිල්ටර් ගැන දැනගනිමු

සමහර අය අහල ඇති සමහර අය අහල නැතුව ඇති. සමහර අය ජීවිතේට චෙක් කරලවත් නැතුව ඇති. මේ හැමෝම වෙනුවෙන් අද අපි කතා කරන්න හිතුවා මේ එයාර් ෆිල්ටරේ ගැන. මොකක්ද මේකෙන් වෙන්නෙ? සරලවම කිව්වොත් එයාර් ෆිල්ටර් එක කරන්නෙ වාතයත් සමඟ පැමිණෙන අනවශ්‍ය කුණු දුහුවිලි හසුකර ගැනීමයි පිරිසිදු වාතය අනෙක් පසට යැවීමයි. ඒ කියන්නෙ එන්ජිමට ලැබෙන වායු සැපයුම පිරිසිදු කිරීමයි. මේක ඉන්ධන කාර්යක්ෂමතාවයටද බලපානවා. වායු සැපයුම පිරිසිදු වුනොත් තමයි හොඳ ඉන්ධන දහනයක් ලබාගන්න පුලුවන් වෙන්නෙ. ඉතින් එයාර් ෆිල්ටර් එක අවහිර වෙලා පළුදු වෙලා තිබ්බොත් පෙට්‍රල් කරනවා අඩුවෙන්න පුලුවන්. මොනවද එයාර් ෆිල්ටර් වර්ග?…

Read More

Short Shifter එකකට මාරු වෙමුද?

Short Shifter එකකට මාරු වෙමුද?

මැනුවල් වාහනයක් පදින ඔබේ වමත නිතරම ඇත්තේ ගියරය උඩයි. එහෙමත් නැත්නම් ෂිෆ්ටරය උඩයි. මොකක්ද මේ short shifter කියන්නෙ? Short shifter නම ඇසූ පමණින් බොහෝ අය වරදවා වටහා ගන්නේ දිගින් අඩු ලිවරයකි. නමුත් එය වැරදි අදහසකි. ඇත්තටම කෙටි ෂිෆ්ටරයකින් සිදුවන්නේ ගියර් මාරුකරන විට ගියර් අතර දුර ප්‍රමාණය අඩු කිරීමයි. සමහර ෂිෆ්ටර් වල ගියර් අතර දුර ප්‍රමාණය අඩුකිරීමට මෙන්ම වැඩිකිරීමට ෂිෆ්ටර් එක adjust කිරීමෙන් පුලුවනි.     එතකොට ෂිෆ්ටර් එකේ දිග එහෙමත් නැත්නම් උස අඩු කරොත් මොකද වෙන්නෙ? ෂිෆ්ටර් එකේ දිග අඩුවන්නට අඩුවන්නට ගියර් මාරුකිරීමට යෙදිය යුතු බලය වැඩිවේ. භෞතික විද්‍යාත්මකව අපි…

Read More