ඇලෝයීවීල් ගැන දැනගනිමු

ඇලෝයීවීල් ගැන දැනගනිමු

වාහනය අද වෙනකොට මිනිසාට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙලා ඉවරයි. අද මිනිස්සු තමාට හැකි පමණින් කුමන ආකාරයේ හෝ වාහනයක් මිලදීගැනීමට තමයි උත්සහ කරන්නෙ. කෙසේ වෙතත් වාහනය මූලික අවශ්‍යතාවයක් කරගත් මිනිස්සු අතරෙ වාහනය තමුන්ගෙ වත්කම, සමාජ තත්වය සහ බලය පෙන්වන උපකරණයක් ලෙස භාවිතා කරන අයත් ඉන්නවා. ඒ වගේම සමහර අය වාහනයේ original condition වෙනස් කරමින් වාහනයේ performance සහ appearance වෙනස් කරමින් වාහන භාවිතා කරනවා. ඔය අතරේ ඉතාමත් ජනප්‍රිය modification එකක් තමයි ඇලෝයීවීල් කියන්නෙ. අපේ ගොඩක් අය පෙනුම මත පමණක් පදනම් වෙලා වාහනයට ඇලෝයීවීල් එකතු කරනවා. නමුත් වාහනයට ඇලෝයීවීල් එකතු කිරීමේදී වාහනයේ පෙනුම පමණක්…

Read More

එයාර් ෆිල්ටර් ගැන දැනගනිමු

එයාර් ෆිල්ටර් ගැන දැනගනිමු

සමහර අය අහල ඇති සමහර අය අහල නැතුව ඇති. සමහර අය ජීවිතේට චෙක් කරලවත් නැතුව ඇති. මේ හැමෝම වෙනුවෙන් අද අපි කතා කරන්න හිතුවා මේ එයාර් ෆිල්ටරේ ගැන. මොකක්ද මේකෙන් වෙන්නෙ? සරලවම කිව්වොත් එයාර් ෆිල්ටර් එක කරන්නෙ වාතයත් සමඟ පැමිණෙන අනවශ්‍ය කුණු දුහුවිලි හසුකර ගැනීමයි පිරිසිදු වාතය අනෙක් පසට යැවීමයි. ඒ කියන්නෙ එන්ජිමට ලැබෙන වායු සැපයුම පිරිසිදු කිරීමයි. මේක ඉන්ධන කාර්යක්ෂමතාවයටද බලපානවා. වායු සැපයුම පිරිසිදු වුනොත් තමයි හොඳ ඉන්ධන දහනයක් ලබාගන්න පුලුවන් වෙන්නෙ. ඉතින් එයාර් ෆිල්ටර් එක අවහිර වෙලා පළුදු වෙලා තිබ්බොත් පෙට්‍රල් කරනවා අඩුවෙන්න පුලුවන්. මොනවද එයාර් ෆිල්ටර් වර්ග?…

Read More

Short Shifter එකකට මාරු වෙමුද?

Short Shifter එකකට මාරු වෙමුද?

මැනුවල් වාහනයක් පදින ඔබේ වමත නිතරම ඇත්තේ ගියරය උඩයි. එහෙමත් නැත්නම් ෂිෆ්ටරය උඩයි. මොකක්ද මේ short shifter කියන්නෙ? Short shifter නම ඇසූ පමණින් බොහෝ අය වරදවා වටහා ගන්නේ දිගින් අඩු ලිවරයකි. නමුත් එය වැරදි අදහසකි. ඇත්තටම කෙටි ෂිෆ්ටරයකින් සිදුවන්නේ ගියර් මාරුකරන විට ගියර් අතර දුර ප්‍රමාණය අඩු කිරීමයි. සමහර ෂිෆ්ටර් වල ගියර් අතර දුර ප්‍රමාණය අඩුකිරීමට මෙන්ම වැඩිකිරීමට ෂිෆ්ටර් එක adjust කිරීමෙන් පුලුවනි.     එතකොට ෂිෆ්ටර් එකේ දිග එහෙමත් නැත්නම් උස අඩු කරොත් මොකද වෙන්නෙ? ෂිෆ්ටර් එකේ දිග අඩුවන්නට අඩුවන්නට ගියර් මාරුකිරීමට යෙදිය යුතු බලය වැඩිවේ. භෞතික විද්‍යාත්මකව අපි…

Read More

කැලිපර් පේන්ට් vs කැලිපර් කවර

කැලිපර් පේන්ට් vs කැලිපර් කවර

කැලිපර් කවර දාන්න හිතුවද? එහෙමත් නැත්නම් කැලිපර් පේන්ට් කරන්න හිතුවද? හරි අද අපි කතා කරමු ඒ ගැන. බ්‍රේක් කැලිපර් කියන්නෙ කොහොමත් පිරිසිදුව ලස්සනට තියන දෙයක් නෙවෙයි. කුණු දුහුවිලි වගේම මලකඩද රැඳෙන තැනක් තමයි බ්‍රේක් කැලිපර් කියන්නෙ. පල්ස් සයිස් සිහින් ස්පෝක් වීල් තියන වාහනයක මේ කැලිපර් එළියට පේන්න ගන්නවා. ඉතිං ඒක වාහනේට කැතයි. ඉතිං මෙන්න මේ මූලික හේතුව නිසානේ අපි කැලිපර් පේන්ට් කරන්නෙ හෝ කවර දාන්නෙ. හරි අපි මුලින්ම බලමු කැලිපර් පේන්ට් කිරීම ගැන. කැලිපර් පේන්ට් කරනවා කිව්වම ගොඩක් අයට හිතෙන්නෙ මේක වැරදි විදිහට. ඒ කියන්නෙ කැලිපර් පේන්ට් කරන එක අඩු…

Read More

සීට් බෙල්ට් ගැන දැනගනිමු

සීට් බෙල්ට් ගැන දැනගනිමු

සීට් බෙල්ට් ගැන මොනවද කියවන්න තියෙන්නෙ කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. හැබැ‍යි දන්න නොදන්න හැමෝටම අපි කියලා දෙන්නෙ අද සීට් බෙල්ට් ගැන. මේකට කියලත් කියනවා. සරලවම කිව්වොත් ඔව් සීට් බෙල්ට් එක තියෙන්නෙ වාහනයක ගමන් කරන පුද්ගලයන් වාහනයේ සිදුවන හදිසි ඒ වගේම හානි කරන චලනයන්ගෙන් ආරක්ෂා කරන්න. හදිසි අනතුරකදි වාහනයේ ගමන් කළ පුද්ගලයන් නිසිලෙස එයාර් බෑග් එකට ස්ථාන ගත කරන්න, වාහනයෙන් එළියට විසිනොවී තියාගන්න වගේ පුද්ගලයන්ගේ ආරක්ශාව වෙනුවෙන් නිමැවුනු මෙවලමකි. සීට් බෙල්ට් එක කරන්නෙ ඒ වගේ හදිසි අවස්ථාවල ප්‍රතිවිරුද්ධ බලයක් යොදා එම පුද්ගලයා සිරකරගැනීමයි. හරි ඔය ගැන ඔයිටවඩා කියන එකේ තේරුමක් නෑ….

Read More

වාහනේ ආරක්ෂාවට Bull Bar

වාහනේ ආරක්ෂාවට Bull Bar

බුල්බාර් කියන්නෙ වාහනේ විවිධ ඝට්ටනයන් වලින් ආරක්ෂා කරගැනීම සඳහා වාහනේ ඉදිරිපසට යොදන ආරක්ෂිත යකඩ හෝ ඇලුමිනියම් ආවරණයක්. දැන් දැන් අලුත් වාහනවල නම් පොලිකාබනේට් සහ පොලි එතිලින් වගේම ප්ලාස්ටික් වලින් හදපු ඒවත් එනවා. කොහොම වුනත් බුල්බාර් කියන නම හැදුනෙ ඕස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවල දුෂ්කර පැතිවල මාර්ග හරහා නිතර ඉබාගාතේ ඇවිදින හරක් වාහනවල හැප්පෙන එකෙන් වාහන ආරක්ෂා කරගන්න ගහපු ආවරනයක් නිසා. කොහොම වුනත් බුල්බාර් වලින් වාහන ආරක්ෂා වුනාට බුල්බාර් නිසා පදිකයන්ට වෙන හානිය වැඩී කියලා තමයි ඒ ගැන research කරපු අය කියන්නෙ. බුල්බාර් වලින් මොකද වෙන්නෙ? වාහනයේ ඉදිරිපස ආරක්ෂා කිරීම ඔව් අපි…

Read More

හෙඩ්ලයිට් නඩත්තුව හරියට කරමු

හෙඩ්ලයිට් නඩත්තුව හරියට කරමු

හෙඩ්ලයිට් චෙක් කරනවද පුරුද්දක් විදිහට? හෝදනකොට හෝදලා පිහිදනකොට පිහිදලා බල්බ් එකක් පිච්චුනාම අලුත් එකක් විතරක් දාලා හරියන්නෙ නෑ. ඊට පස්සෙ එළිය මදි කියලා ඕන තැනටයි එපා තැනටයි හැම තැනම ෆුල් එක ගහගෙන ගිහින් හරියන්නෙ නෑ. හරි හරි අද අපි බලමු හෙඩ්ලයිට් හරියට නඩත්තු කරන විදිහ. හෙඩ්ලයිට් නඩත්තුවේදී සැලකිය යුතු මූලික කරණු මොනවද? එලයින්මන්ට් බල්බ් quality ආයුකාලය ලයිට් එකේ පාට ලෙන්ස් එකේ පිරිසිදුකම එලයින්මන්ට් මුලින්ම හෙඩ්ලයිට් වල එලයින්මන්ට් හරියට තියනවද බලන්න. අලුත් වාහන වල නම් එලයින්මන්ට් හදන්න ඉලෙක්ට්‍රික් ස්විච් එකක් තියනවා. අනිත් වාහන වල තියෙන්නෙ පොඩි adjustment screw එකක්. හරි හෙඩ්ලයිට්…

Read More

Wiper Blades හරියට නඩත්තු කරමු

Wiper Blades හරියට නඩත්තු කරමු

පැහැදිලි දර්ශනය ආරක්ෂිත රිය ධාවනයක මූලික කරුණකි. ගොඩක් වෙලාවට අපේ අයට wiper blades මතක්වෙන්නෙ වැහිකාලයක් එනකොට විතරයි. එහෙම බෑ. Wiper blades නිතර පරීක්ෂා කරන්න ඕන. නිතර නඩත්තු කරන්න ඕන. නැත්නම් windshield එකටත් වගකියන්න වෙනවා. Wiper Blades නරක්වෙන්න හේතු මොනවද? හිරු: පාරජම්බුල කිරණ ඔයිල්: කාර් වැක්ස් අනෙක් වාහන වලින් පිටකරන තෙල් වර්ග වාතයේ ඇති සුන්බුන්: වැලි, මඩ, කුණු සහ දූවිලි තෙතමනය: වැසි වතුරෙහි අඩංගු ඇසිඩ් හා මුහුදු ආශ්‍රිත වාතයේ ඇති ලුණු ගතිය Wiper Blades පොදු ප්‍රශ්ණ මොනවද? Windshield එකෙහි ඉරි ඇඳීම- අධික උෂ්ණත්වය සමඟ wiper bladesවල රබර් කොටස උණුවී නැවත ඝණවූ පසු ඇතිවන…

Read More