එයාර් ෆිල්ටර් ගැන දැනගනිමු

එයාර් ෆිල්ටර් ගැන දැනගනිමු

සමහර අය අහල ඇති සමහර අය අහල නැතුව ඇති. සමහර අය ජීවිතේට චෙක් කරලවත් නැතුව ඇති. මේ හැමෝම වෙනුවෙන් අද අපි කතා කරන්න හිතුවා මේ එයාර් ෆිල්ටරේ ගැන. මොකක්ද මේකෙන් වෙන්නෙ? සරලවම කිව්වොත් එයාර් ෆිල්ටර් එක කරන්නෙ වාතයත් සමඟ පැමිණෙන අනවශ්‍ය කුණු දුහුවිලි හසුකර ගැනීමයි පිරිසිදු වාතය අනෙක් පසට යැවීමයි. ඒ කියන්නෙ එන්ජිමට ලැබෙන වායු සැපයුම පිරිසිදු කිරීමයි. මේක ඉන්ධන කාර්යක්ෂමතාවයටද බලපානවා. වායු සැපයුම පිරිසිදු වුනොත් තමයි හොඳ ඉන්ධන දහනයක් ලබාගන්න පුලුවන් වෙන්නෙ. ඉතින් එයාර් ෆිල්ටර් එක අවහිර වෙලා පළුදු වෙලා තිබ්බොත් පෙට්‍රල් කරනවා අඩුවෙන්න පුලුවන්. මොනවද එයාර් ෆිල්ටර් වර්ග?…

Read More

Short Shifter එකකට මාරු වෙමුද?

Short Shifter එකකට මාරු වෙමුද?

මැනුවල් වාහනයක් පදින ඔබේ වමත නිතරම ඇත්තේ ගියරය උඩයි. එහෙමත් නැත්නම් ෂිෆ්ටරය උඩයි. මොකක්ද මේ short shifter කියන්නෙ? Short shifter නම ඇසූ පමණින් බොහෝ අය වරදවා වටහා ගන්නේ දිගින් අඩු ලිවරයකි. නමුත් එය වැරදි අදහසකි. ඇත්තටම කෙටි ෂිෆ්ටරයකින් සිදුවන්නේ ගියර් මාරුකරන විට ගියර් අතර දුර ප්‍රමාණය අඩු කිරීමයි. සමහර ෂිෆ්ටර් වල ගියර් අතර දුර ප්‍රමාණය අඩුකිරීමට මෙන්ම වැඩිකිරීමට ෂිෆ්ටර් එක adjust කිරීමෙන් පුලුවනි.     එතකොට ෂිෆ්ටර් එකේ දිග එහෙමත් නැත්නම් උස අඩු කරොත් මොකද වෙන්නෙ? ෂිෆ්ටර් එකේ දිග අඩුවන්නට අඩුවන්නට ගියර් මාරුකිරීමට යෙදිය යුතු බලය වැඩිවේ. භෞතික විද්‍යාත්මකව අපි…

Read More

එන්ජින් ඔයිල් ගැන දැනගනිමු

එන්ජින් ඔයිල් ගැන දැනගනිමු

ඔයාගේ වාහනේට දාලා තියන එන්ජින් ඔයිල් එක මොකක්ද? ඔව් වාහන හිමියෙක් වුනාම ඒක නොදැන ඉන්න විදිහක් නෑ. හැබැයි ඔයා වාහනේට දාලා තියෙන්නෙ වාහනේට ගැළපෙන හරිම එන්ජින් ඔයිල් එකද? කවුද වාහනේට එන්ජින් ඔයිල් දැම්මෙ? ඔව් සර්විස් එකේදි තමයි දැම්මෙ. හැමදාම උදේට ඔයිල්කූර චෙක් කරාට විතරක් මදි. එන්ජින් ඔයිල් ගැනත් දැනගෙන ඉන්න ඕන. හරි අද අපි කතා කරමු අන්න ඒ ගැන. Viscosity ඒ කියන්නෙ උකුගතිය. මේක රේට් වෙන්නෙ ෆැරන්හයිට් අංශක 0 දි උකුගතියද W අකුරෙන් Winterද සහ ෆැරන්හයිට් අංශක 212 දි උකුගතිය ලෙසයි. ඒ අනුව 10W-30 යනු ෆැරන්හයිට් අංශක 0 දි 10…

Read More

රොටරි එන්ජිමක වාසි අවාසි

රොටරි එන්ජිමක වාසි අවාසි

පසුගිය ලිපියකින් අපි කතා කළ රොටරි එන්ජිම ගැන. අද අපි කතා කරන්න යන්නෙ රොටරි එන්ජිමක වාසි අවාසි ගැන. ඒවා ගැනත් අපි දැනගෙන ඉන්න එපැයි. හරි මුලින්ම බලමු අපි රොටරි එන්ජිමක වාසි. වාසි එන්ජිමේ බලය එන්ජිමේ බරට අනුපාතිකව ගත් කළ පිස්ටන් එන්ජිමකට වඩා රොටරි එන්ජිමේ බලය වැඩිය එකිනෙක ගැටෙන කොටස් නොමැත පිස්ටන් එන්ජිමකට වඩා වැඩි RPM අගයකට යාහැක කිසිදු දෙදරුමක් නොමැතිව ක්‍රියාකරයි පිස්ටන් එන්ජිමකට වඩා රොටරි එන්ජිමේ කොටස් අඩුයි පිස්ටන් එන්ජිමක combustion charge එක පිරීමට mainshaft එක අංශක 180ක් කැරකැවෙන අතර රොටරි එන්ජිමක එය අංශක 270ක් වේ. ඒ කියන්නෙ වායු ඉන්ධන…

Read More

මොකක්ද මේ රොටරි එන්ජිම ?

මොකක්ද මේ රොටරි එන්ජිම ?

මොකක්ද මේ රොටරි එන්ජිම? මේකත් අපේ සාමාන්‍ය වාහන වල තියන අභ්‍යන්තර දහන එන්ජිම වගේමයි. හැබැ‍යි මේ එන්ජිම අපේ පිස්ටන් වලින් දුවන එන්ජිමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. පිස්ටන් එන්ජිමේ intake, compression, combustion and exhaust යන අදියර 4ම එක සමාන සිලින්ඩර 4ක් තුළ සිදුවෙනකොට රොටරි එන්ජිමේ ඒ අදියර 4ට වෙන වෙනම කොටස් 4ක් තියනවා. හරියට නිකම් එක එක සිලින්ඩරයට එක එක කාර්ය වෙන් කරලා තියනවා වගේ වැඩක් තමයි රොටරි එන්ජිමෙන් වෙන්නෙ. රොටරි එන්ජිමේ මූලධර්මය මොකක්ද? රොටරි එන්ජිමත් පිස්ටන් එන්ජිමක වගේම පීඩනය යොදාගෙන තමයි වායු හා ඉන්ධන මිශ්‍රණය දහනය කරන්නෙ. පිස්ටන් එන්ජිමේ සිලින්ඩර තුළ…

Read More

කැබ් තට්ටුව නඩත්තු කරමු

කැබ් තට්ටුව නඩත්තු කරමු

Truck Bed එහෙමත් නැත්නම් කැබ් එකක තට්ටුව කියන්නෙ නිතර රැකබලාගත යුතු නිතර නඩත්තු කළ යුතු කොටසක් නෙවෙයි. නමුත් තට්ටුව ගැන දක්වන නොසැළකිල්ල නිසා කැබ් එකට වෙන්න පුළුවන් හානිය ඉතා විශාලයි. එය පදනම් වෙන්නෙ කැබ් තට්ටුව භාවිත කරන ප්‍රමාණය අනුවයි. ඔබ නිතර භාවිත කරනවා නම් තට්ටුව ගැන නිතර සැළකිල්ලෙන් සිටිය යුතුයි. ඒ විතරක් නෙවෙයි ඔබ ඔබ භාවිත කරන හේතුව, ඔබ ප්‍රවාහනය කරන බඩුබාහිරාදිය අනුවත් තට්ටුවේ ආරක්ෂාව පදනම් වෙනවා. සමහරවිට ඔබ යකඩ වැනි ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා වෙන්නට පුළුවන්, එහෙමත් නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටි වැනි දෑ ප්‍රවාහනය කරනවා වෙන්නට පුලුවන්. ඒ ආකාරයට බරින් අධිකදෑ…

Read More

Exhaust Back Pressure මිත්‍යාව

Exhaust Back Pressure මිත්‍යාව

Exhaust එක ලොකුවෙන්න එන්ජිමේ back pressure එක වැඩි වෙනවද? Exhaust තියරිය ගැන ගොඩක් අය වරද්දගන්න තැනක් තමයි මෙතන. ගොඩක් අයට මේ ගැන තියෙන්නෙ වැරදි වැටහීමක්. ඒ නිසා අද අපි මෙහි ඇත්ත නැත්ත ගැන කතා කරමු. Exhaust මූලික තියරීය මොකක්ද? Exhaust system එක නිර්මාණය කරලා තියෙන්නෙ වාහනේ අභ්‍යන්තර දහන එන්ජිමෙන් පිට කරන දහන වායුව ඉක්මණින් හා කාර්‍යක්ෂමව පිටකිරීමටයි. හැබැයි මේ දහන වායුව සුමටව ගලාගෙන යන්නෙ නෑ. මේ වායුව උපදින්නෙ පල්ස් ආකාරයට. සාමාන්‍යයෙන් සිලින්ඩර 4 එන්ජිමක එක් සම්පූර්ණ ක්‍රියාවලියකදි පල්ස් 4ක් උපදිනවා, සිලින්ඩර 6ක පල්ස් 6ක් උපදිනවා. ඉතිං මේ ආකාරයට අඛණ්ඩව නිපදවෙන…

Read More

ක්‍රෝම් කොටස් පිරිසිදු කරමු – Shine එකට තියාගමු

ක්‍රෝම් කොටස් පිරිසිදු කරමු – Shine එකට තියාගමු

අපේ ගොඩක් වාහනවල විවිධ ආකාරයේ ක්‍රෝම් කොටස් එනවා. ගොඩක් වෙලාවට ඉදිරිපස ෂෙල් එක, සමහර බම්පර්,වින්ඩ්ස්ක්‍රීන් රාමු, ඇලෝයීවීල්… මේ වගේ විවිධ වාහන වල විවිධ කොටස් ක්‍රෝම් වලින් නිමවා එනවා. හැබැයි ඔබ මේ ක්‍රෝම් කොටස් පිරිසිදු කරන ආකාරය පිළිබඳ දැනුවත්ද? දැන්වත් නැත්නම් මේ වෙනකොට ක්‍රෝම් කොටස් වල දිදුලන ගතිය නැතිවීගිහින් ඇති. හරි එහෙනම් අද අපි කතා කරමු වාහනේ ක්‍රෝම් කොටස් පිරිසිදු කරගන්නා ආකාරය ගැන. පළමු ක්‍රමය 1. බකට් එකකට උණු වතුර පුරවාගන්න. සාමාන්‍යයෙන් අපි වාහනයේ අනෙක් කොටස් පිරිසිදු කරන ආකාරයට ක්‍රෝම්කොටස් පිරිසිදු කරගන්න. මතක තබාගන්න වතුර මද රස්නය විය යුතුයි. 2. වතුරට සබන්…

Read More

ක්ලච් ලෙඩ – දෙදරීම, සිරවීම, තදවීම

ක්ලච් ලෙඩ – දෙදරීම, සිරවීම, තදවීම

අපි පහුගිය ලිපියෙන් කතා කළා ක්ලච් සම්බන්ධව එන්න පුලුවන් ප්‍රධාන ලෙඩක් ගැන. ඒ ක්ලච් එක ස්ලිප් වීම ගැන. අද අපි කතා කරන්න යන්නෙ ඊට අමතරව ක්ලච් එකේ එන්න පුලුවන් ලෙඩ කිහිපයක් ගැන. ක්ලච් එක දෙදරීම ක්ලච් එක වෙනකොට දෙදරීමක් ගැස්සීමක් වගේ එන එක සාමාන්‍යයි. නමුත් අනවශ්‍ය ලෙස දෙදරීමක් හෝ ගැස්සීමක් ඇතිවෙනවා නම් එය සළකා බැලිය යුතුයි. ගොඩක් වෙලාවට ක්ලච් linings වල ග්‍රීස් හෝ ඔයිල් වැටීම එක් හේතුවක් වෙන්න පුලුවන්. ඊට අමතරව පිච්චුනු හෝ හොඳින් මැදුනු linings නිසාත් මේක වෙන්න පුලුවන්. ඊට අමතරව ඇදගැසුණු පළුදුවුනු ෆ්ලයිවීල්, flywheel dowel pins හැලීම, ගෙවුනු…

Read More

ක්ලච් ලෙඩ – Slip වීම

ක්ලච් ලෙඩ – Slip වීම

සාමාන්‍යයෙන් මැනුවල් ගියර් පද්ධතියක් කියන්නෙ ඔටෝ ගියර් පද්ධතියකට වඩා reliable. කිසිදු කරදරයක් නැතිව සැතපුම් 100,000ක් දුවන්න පුලුවන් ඔබ හරියට පාවිච්චි කරොත්. හැබැයි මැනුවල් ගියර් පද්ධතියක එකම දුර්වල ස්ථානය තමයි කල්ච් එක කියන්නෙ. එන තරමක් ප්‍රශ්ණ එන්නෙ ක්ලච් එකට වගේම ගෙවෙන තරමක් ගෙවෙන්නෙත් ක්ලච් එකයි. පුදුමයක් නෙවෙයි මාරු වෙන ගියර් එකක් ගියර් එකක් ගානෙ ක්ලච් එක disengage and engage වෙනවා. ඒ විතරක්ද ට්‍රැෆික් එකේ යනකොට හැමතිස්සෙම කකුල ක්ලච් එක උඩ. ඉතිං කාලයත් එක්ක ක්ලච් එක ස්ලිප් වෙන්න, දෙදරන්න සහ අමුතු ශබ්ද නගන්න පටන්ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඇයි සමහර එන්ජින් වලින් හෝ…

Read More