Check Engine ලයිට් එක පත්තු වෙනවද?

84

පාලු පාරක නිදහසේ කැමතිම සින්දුව අහගෙන කිසිම කරදරයක් නැතුව ඩ්‍රයිව් කරනවා තරම් සතුටක් තවත් කොහෙද? හැබැයි එහෙම ඩ්‍රයිව් කරනකොට එකපාරටම ඩෑෂ්බෝඩ් එකේ කහපාට ලයිට් එකක් පත්තු වුනාම?

මොනදේ කරන්නත් කලින් මුලින්ම වාහනේ පාර අයිනට කරලා නතර කරගන්න. අපි බලමු Check Engine ලයිට් එක පත්තු වෙන්න හේතු මොනවද කියලා.

Bad Battery or Charging System
බොහෝ නවීන වාහන පරණ වාහන වලට වඩා ඉතාමත් සංවේදී. ඔබගේ වාහනයේ බැටරිය අධික ලෙස සීතලට හෝ උණුසුමට නිරාවරණය වීම හානිවුවහොත් චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙන්න පුලුවන්.

Exhaust Gas Regulation Valve
මේ වෑල් එකෙන් තමයි අභ්‍යන්තර දහන එන්ජිමෙන් පිටවන දහනය වූ වායුව exhaust එක හරහා වාහනයේ පසුපසට ගෙනයන්නෙ. මේක වායු විමෝචනය අවමව තබාගන්න සහ පිටත වායුව පිරිසිදුව තබාගන්න උදව් වනවා. ඉතින් මේ වෑල් එක හානි වුනොත් හෝ හිර වුනොත් වාහනය idle තත්වයේ තිබෙන විට රළු, ගැස්සෙන සුලු ගතියක් ගෙන එන අතර acceleration එක උදාසීන ගතියක් ගනියි. ඒත් සමඟම චෙක් එන්ජින් ලයිට් එක පත්තු වේ.

Vacuum Hoses at the Evaporation Emission Control System (EVAP)
EVAP system එකේ වැකියුම් හෝස් හානිවී හෝ බුරුල්වී ඇත්නම් ඒ හරහා වායුව ඇතුල්වෙයි. ඒ වගේම් හානිවූ හෝ පලුදුවූ වැකුම් හෝස් වලින් ඉන්ධන වාෂ්ප වායු පද්ධතියට කාන්දුවේ. එය චෙක් එන්ජින් ලයිට් එක පත්තුවීමට හේතුවක්.

Loose Gas Cap
හරි සරලයි. බොහෝ විට ඉන්ධන පිරවුම් හල් වල අයගේ නොසැලකිල්ල නිසා ගෑස් කැප් එක හරියට වැහුවෙ නැති වුනාම හෝ ගෑස් කැප් එකේ දෝෂයක් නිසා ඒ හරහා ඉන්ධන ටැංකියට වායු කාන්දුවීම එන්ජින් ලයිට් එක පත්තු වෙන්න හේතුවක්. මොකද එකේ අතිරික්ත වායුව ඇත්නම් එයා ඒක detect කරගන්නවා. ඉතින් චෙක් එන්ජින් ලයිට් එක පත්තු වුන ගමන් ගරාජ් ගානෙ දුවන්නෙ නැතුව මුලින්ම ගෑස් කැප් එක හරියට වැහිලද බලන්න.

Aftermarket Alarm/Electronic Interference
අපේ අය ගොඩක් පොඩි පොඩි ඉලෙක්ට්‍රික් කෑලි හයිකරනවා වාහන වලට. සිකියුරි එලාම්, රිමෝට් ස්ටාර්ට් වගේ දේවල්. මේවා හරියටම වයරින් වුනේ නැත්තම් වාහනේ පරිපථ වලට සිදුවන බලපෑමෙන් වුවද චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙන්න පුලුවන්.

Mass Airflow Sensor
මේ සෙන්සර් එකෙන් තමයි එන්ජිමට එන වායු ප්‍රමාණය කොච්චරද කියලා කරලා එයට අවශ්‍ය නිවැරදි ඉන්ධන සැපයුම ලබාදෙන්නෙ. මේ සෙන්සර් එක හානි වුනාම වාහනයක ඉන්ධන වලින් ධාවනය කල හැකි දුර ප්‍රමාණය 25% කින් අඩුකරනවා. එයින් ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුවන අතර එන්ජිමට සැපයෙන වායු ප්‍රමාණය වැඩිවීම detect කර චෙක් එන්ජින් ලයිට් එක පත්තුවේ.

Spark Plugs
ස්පාර්ක් ප්ලග් එකෙන් එන ස්පාර්ක් එකෙන් තමයි අභ්‍යන්තර දහන එන්ජිමේ දහනයට අවශ්‍ය විදුලි පුළිඟුව ලබාදෙන්න. සාමාන්‍යයෙන් හොඳ ස්පාර්ක් ප්ලග් එකක ආයුකාලය සැතපුම් 100,000ක්. හැබැයි මේවා නිතර පරීක්ෂා කර හානිවී ඇත්නම් මාරු කල යුතුයි. කරනකොට දෙදරීමක් ගැස්සීමක් එනවා නම් සමහර වෙලාවට එන්ජිම නවතිනවා නම් ඒත් එක්කම චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙන්න පුලුවන්.

Oxygen Sensor
මේ සෙන්සර් එකෙන් වාහනයෙන් පිටවන දුමෙහි කොපමණ ඔක්සිජන් ප්‍රමානයක් ඇත්දැයි පරීක්ෂා කරනවා. කාලයත් එක්ක මේ සෙන්සර් එක තෙල් සහ දැලි වලින් වැහෙනවා. ඉතින් එතකොට මේ සෙන්සර් එකෙන් දෙන්නෙ වැරදි දත්ත. ඒ වැරදි දත්ත එක්ක එන්ජිමේ වායු ඉන්ධන මිශ්‍රණය වැඩිවෙලා වාහනයේ කාර්යක්ෂමතාවය අඩුවෙනවා. ඉතින් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා.

Ignition Coil
මේ කොයිල් එකෙන් තමයි එන්ජිමේ දහනය අවශ්‍ය පුළිඟුව අවශ්‍ය වෝල්ට් ප්‍රමාණය බැටරියෙන් වැඩි කරලා දෙන්නෙ. ඉතින් මේ කොයිල් එක සවුත්තු වුනාම හරියට ස්පාර්ක් වෙන්නෙ නැතුව එන්ජිමේ ඉන්ධන කාර්‍යක්ෂමතාවය අඩුවෙනවා. ඒ විතරක් නෙවෙයි misfires වෙන්නෙත් එතකොටයි. එන්ජින් ලයිට් එක පත්තුවෙන්න ඒක තව හේතුවක්.

Catalytic Converter
මේක සාමාන්‍යයෙන් කැඩෙන කොටසක් නෙවෙයි. හැබැ‍යි කැඩුනොත් මිල අධිකයි. මේකෙන් කරන්නෙ කාබන් මොනොක්සයිඩ් සහ අනෙකුත් හානිකර වායුවෙහි හානිය අවම කිරීමයි. ඉතින් මේක කැඩුනම ඉන්ධන කාර්යක්ෂමතාව අඩු කරනවා. ඒත් එක්කම එන්ජින් ලයිට් එකත් පත්තුවීමේ සම්බාවිතාව වැඩියි.

(Visited 3,237 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment