ටයර් නිවැරදිව නඩත්තු කරමු

80

හොඳ ටයර් සෙට් එකක් වාහනයේ තිබීම ඉතාම වැදගත් වගේම ඒ ටයර් නඩත්තු කිරීමත් ඉතාමත් වැදගත්. මොකද ඕනම
මාර්ග තත්ත්වයක ඕනම කාලගුණ තත්ත්වයක වාහනේ හොඳින් හසුරුවාගැනීමට හොඳ ටයර් සෙට් එකක් තිබීම වැදගත්. ඒ
වගේම තමයි අද කාලෙ ටයර් සෙට් එකක් මාරු කරනවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි ටයර් වල මිලත් එක්ක.
කොහොම නමුත් ටයර් හරියට නඩත්තු කරොත් ඒ කියන්නෙ ටයර් වායු පීඩනය, එලයින්මන්ට්, පදවන ආකාරය වගේ දේවල්
ගැන සැළකිලිමත් වුනොත් ටයර් ගෙවෙන එක අඩු කරගන්න පුලුවන්. ටයර් වල ආයුකාලය වැඩි කරගන්න පුලුවන්.

නිවැරදි වායු පීඩනයක් පවත්වාගෙන යෑම

මේක ඉතාමත් වැදගත් වගේම නිතර පරීක්ෂා කළ යුතු දෙයක්. වාහනය නිතර වලවල් සහිත මාර්ග වල හෝ වේගය අඩාල
කරන ස්පීඩ් බම්ප් මතින් යන්නේ නම් ටයරයේ වායු පීඩනය පිළිබඳ වැඩි සැළකිල්ලක් දැක්විය යුතුයි. ටයරයට අවශ්‍ය නිවැරදි
වායු ප්‍රමාණය ලබාදීමෙන් ටයරයේ ගෙවීම අඩුවන අතරම ඉන්ධන කාර්යක්ෂමතාව, ස්ටියරින් වීල් එකේ පහසුව වගේම
වාහනය ධාවනයේදී සැපපහසුව වැඩිවේ. මේකට ඉතින් වායු පීඩනය මනින උපකරණයක් වෙළඳපොලෙන් මිලදීගත්තත් පාඩු
නෑ.

වාහනයේ නිශ්පාදකයා විසින් නිර්දේශිත වායු ප්‍රමාණය සොයාගන්නේ කෙසේද?

වාහනයේ ටයර වල තිබියයුතු නිවැරදි psi (pounds per square inch) අගය ටයරයේ පිටපැත්තේ හෝ වාහනයේ රියැදුරුගේ දොරේ ඇතුල් පැත්තේ සඳහන්ව ඇත.

ටයර් පැති මාරු කරන්න

ටයර් පැති ක්‍රමවත්ව මාරුකිරීමෙන් අනවශ්‍ය ලෙස ටයර් ගෙවීයාම අඩුකරගත හැක. ගොඩක් වෙලාවට අපේ සුලබව තියන
ෆ්‍රොන්ට් වීල් වාහනවල අපි දන්නවා පසුපස ටයර් වලට වඩා ඉක්මණින් ගෙවෙන්නෙ ඉදිරිපස ටයර්. මොකද කැරකැවුම් බලය
ලැබෙන්නෙ වාහනේ ඉදිරිපසට නිසා. ඉතින් මේ නිසා සැතපුම් 5000 කට සැරයක්ම වාහනේ ටයර් පැති මාරුකළ යුතුයි. පහත
රූප වලින් බලන්න ටයර් පැති මාරුකළ හැකි ආකාර.

tire 1

 

 

 

 

 

 

 

 

 

tire 2

 

 

 

 

 

 

 

 

 

tire 3

 

 

 

 

 

 

 

 

 

වාහනයේ එලයින්මන්ට් පරීක්ෂාකරන්න

එලයින්මන්ට් හා ටයර් ආයුකාලය අතර ඇත්තේ සෘජු සම්බන්ධතාවයකි. නිවැරදි එලයින්මන්ට් ඇත්නම් ටයර් සෙට් එක
ගෙවීයන්නේ සමානවයි. කාලයත් එක්ක වාහනවල එලයින්මන්ට් වෙනස්වේ. රිය අනතුරු, ටයර් මාරුකිරීම වැනිදෑ එක්ක ටයර්
එලයින්මන්ට් වෙනස්වේ. ඒ නිසා ඒ ගැන සැළකිල්ලෙන් සිටීම ඉතාමත් වැදගත්. එලයින්මන්ට් වෙනස් වුවහොත් ටයර්
ගෙවෙන්නේ පැත්තටය. ඉතින් ටයර් එකේ එක පැත්තක් විතරක් ගෙවෙනවා නම් ප්‍රශ්ණය තියෙන්නෙ එලයින්මන්ට් වලයි.

නිවැරදි ධාවන පුරුදු

ඔබ වාහනය ධාවනය කරන ශෛලිය අනුවද ටයර් වල ආයුකාලය තීරණයවේ. ඔබ අධික වේගයෙන් නිතර ධාවනය
කරන්නෙක් නම් එය ටයර් රබර් උෂ්ණත්වය ඉහළ ගොස් ටයර් ගෙවීම ඉක්මන් වන බව මතක තබාගන්න. ඒ වගේම තදින්
බ්‍රේක් කිරීම නිසා ටයරය අනවශ්‍ය ලෙස පොළොවේ ඇතිල්ලීම සහ තදින් හැරවීම නිසා ටයරවලට එන අනවශ්‍ය පීඩනය
නිසාද ටයර් ඉක්මණින් ගෙවෙයි. සෑම විටම ටයර වලට හිතකර වන්නේ සාමාන්‍ය වේගයයි.

ටයර් පිටතින් පරීක්ෂා කරන්න

අපි හැමෝම දන්න දෙයක් තමයි ටයරේ වායු පීඩනය අඩුවුනාම ටයරේ දෙපස පොළොව ස්පර්ශ වීමෙන් ටයරයේ දෙපැත්ත
ගෙවෙන අතර නියමිත ප්‍රමාණයට වඩා වායුපීඩනය වැඩිවූ කල ටයරයේ මැදකොටස ගෙවෙන්නට පටන් ගනියි. ඒ නිසා
නියමිත වායු පීඩනය ප්‍රමාණය නඩත්තු කිරීම ඉතාමත් වැදගත්.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර පිලිගැනීම නම් කුඩා කාසියක් ටයර කට්ටයට බැස්සුවිට කාසියෙන් හරි අඩක් කට්ටිය තුලට බසී
නම් එම ටයරය භාවිතා කිරීමට සුදුසුය. නමුත් ඊට වඩා අඩුවෙන් කාසිය බහින්නේ නම් එම ටයරය භාවිතයට නුසුදුසුවේ.
නමුත් ලංකාවේ බෝහෝ අය එම අවස්ථාවේදී ටයරය භාවිතයෙන් බැහැර කරනවාද?

කෙසේවෙතත් ටයරේ එකදු කම්බියක් හෝ මතුවී ඇත්නම් ටයරය ඉක්මණින් මාරු කර ටයරය පිපිරීමේ අවධානම
අඩුකරගන්න. ඒ විතරක් නෙවෙයි හොඳ ටයර් එකක් වුවද භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවිය හැක. ඒ ටයරයට බාහිරින් සිදුවූ
බලපෑමක් නිසා පළුදුවීමෙනි. ඒ නිසා නිතර ටයර් පරීක්ෂාව ඉතාමත් වැදගත්.

(Visited 2,913 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment