ඇලෝයීවීල් ගැන දැනගනිමු

78

වාහනය අද වෙනකොට මිනිසාට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙලා ඉවරයි. අද මිනිස්සු තමාට හැකි පමණින් කුමන ආකාරයේ
හෝ වාහනයක් මිලදීගැනීමට තමයි උත්සහ කරන්නෙ. කෙසේ වෙතත් වාහනය මූලික අවශ්‍යතාවයක් කරගත් මිනිස්සු
අතරෙ වාහනය තමුන්ගෙ වත්කම, සමාජ තත්වය සහ බලය පෙන්වන උපකරණයක් ලෙස භාවිතා කරන අයත් ඉන්නවා. ඒ
වගේම සමහර අය වාහනයේ original condition වෙනස් කරමින් වාහනයේ performance සහ
appearance වෙනස් කරමින් වාහන භාවිතා කරනවා.

ඔය අතරේ ඉතාමත් ජනප්‍රිය modification එකක් තමයි ඇලෝයීවීල් කියන්නෙ. අපේ ගොඩක් අය පෙනුම මත පමණක්
පදනම් වෙලා වාහනයට ඇලෝයීවීල් එකතු කරනවා. නමුත් වාහනයට ඇලෝයීවීල් එකතු කිරීමේදී වාහනයේ පෙනුම පමණක්
නොවෙයි වෙනස් වන්නේ. තව බොහෝදෑ වෙනස් වෙනවා. ඉතින් අද අපි හරියටම ඇලෝයීවීල් ගැන දැනගනිමු.

මොනවද වෙළඳපොලේ ඇති ඇලෝයීවීල් වර්ග

ප්‍රධාන වශයෙන් වෙළඳපොලේ ඇලෝයීවීල් වර්ග 2කි. ඇලුමීනියම් ඇලෝයී සහ මැග්නීසියම් ඇලෝයී එම වර්ග දෙකවේ. මේ
අතරින් වැඩිපුරම ඇත්තේ ඇලුමීනියම් ඇලෝයී වන අතර මැග්නීසියම් ඇලෝයී ඉතාමත් දුලබවේ. බොහෝවිට එම ඇලෝයී
භාවිතා කරන්නේ රේසින් කාර් වලටයි. ඊට අමතරව ඇන්ටික් වාහනවලින් සොයාගත හැක.

ඇලුමීනියම් ඇලෝයීවීල්ස්
මෙය වාහනයේ බර අඩුකරගැනීමට හොඳ විකල්පයක්. හැබැයි බර අඩුවුනාට මිලෙන් නම් කිසි අඩුවක් නෑ. කොටින්ම
කිව්වොත් නිශ්පාදකයා විසින් එකතු කළ වීල්ස් වලට වඩා ඇලුමිනියම් වීල්ස් වල මිළ වැඩිවේ. ඊට අමතරව appearance
සහ performance ඇලුමිනියම් වීල් වලින් වැඩිවේ. මේ ඇලුමිනියම් වීල්ස් නිශ්පාදනය කරන්නෙ casting නැමැති
ක්‍රියාවලියකිනි. ඒ කියන්නෙ ලෝහ උණු කර අච්චුවකට වත්කිරීමෙනි. ඊට අමතරව මේවා නිපදවන තවත් ක්‍රමයක් වන්නේ
forging ක්‍රමයයි. ඒ කියන්නෙ වීල් එක සාදන අමුද්‍රව්‍ය අධික පීඩනයක් යොදා තැලීමෙනි. මේ ක්‍රියාවලිය නිසා ඇලෝයීවීල්
එකේ දෝෂ සහ ඉරි තැලීම් අවමවේ. විවිධ නිශ්පාදකයන් මේ ක්‍රම දෙක යොදාගනිමින් ඇලෝයීවීල් නිපදවනු ලබයි.

මැග්නීසියම් ඇලෝයීවීල්ස්
රේසින් කාර් වැනි වාහන වලට යොදාගන්නේ මෙම වර්ගයයි. මැග්නීසියම් ඇලෝයී ඇලුමීනියම් ඇලෝයී මෙන් bend
වෙන්නේ නැත. හැබැයි එවා ඉරිතැලීමට ඇති හැකියාව වැඩිය. ඒවගේම තමයි වාහනය ගිනි ගත්තොත් ඇලෝයීවීල්ද ගිනි
ගනියි. මේවා ඇලුමීනියම් ඇලෝයී වලට වඩා මිලෙන් අධික වන නමුත් ඊට වඩා බරින් අඩුවන අතර performanceද
වැඩිවේ.

ඇලෝයීවීල් වල වාසි මොනවාද?

බරින් අඩුවීම
ඔරිජිනල් වීල් වලට වඩා මේවා බරින් අඩුවේ. ඉතින් මෙය සස්පෙන්ශන් වලට දෙන අමතර කරදරය අඩු කරනවා. ඊට අමතරව
බර අඩුවීම ස්ටියරින් වීල් එකට පහසුවක් ගෙනදෙන අතර ඉන්ධන කාර්යක්ෂමතාවයටද හොඳ බලපෑමක් සිදුකරනවා.

ශක්තිමත්බව වැඩියි
ස්ටීල් වීල් වලට වඩා මේවා සවිශක්තිමත් වේ. ඒවගේම නම්‍යතාවයත් ස්ටීල්වීල් වලට වඩා අඩුය. ඊට අමතරව උෂ්ණත්වය
පහකිරීම ස්ටීල්වීල් වලට වඩා කාර්යක්ෂම වන නිසා වීල් එක ඉරිතැලීම හෝ හානිවීම අඩුය. ඒ වගේම බේක්
කාර්යක්ෂමතාවයද වැඩිවේ. එයට හේතුව බ්‍රේක් අවට උෂ්ණත්වය අවමවීමයි. තවද open-weave design alloy
wheels මඟින් බ්‍රේක් වලට හොඳ සිසිලසක් මෙන්ම වාතාශ්‍රයක්ද ලබාදේ.

වාහනයේ පෙනුම වැඩිවීම
මේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ. ක්‍රෝම්, පොලිශ්, පේන්ට් කළ…. මේ ආකාරයේ විවිධ මාදිලිව වලින් වාහනයට
ගැලපෙන ලෙස එකතු කරගත හැක.

වටිනාකම
වාහනයේ වටිනාකම වැඩිවන අතර වාහනය නැවත විකිණීමේදී වුවද වාහනයේ මිල වැඩිවේ.

ඇලෝයීවීල් වල ලක්ෂණ හඳුනාගනිමු

අපි මුලින් කිව්වා වගේ ගොඩක් අය ඇලෝයීවීල් මිලදී ගන්නෙ පෙනුම බලලා විතරයි. නිශ්පාදකයා විසින් වාහනය දමා එවන
ඔරිජිනල් ස්ටීල් වීල්ස් sheet metal එකකින් කපා නිපදවයි. නමුත් ඇලෝයීවීල් සාදන්නේ ඊට වඩා අලංකාරය
ආකර්ශණය සහ performance වැඩිවන ආකාරයටයි. ඇලෝයීවීල් සාදන ආකාරය අපි ඉහත කත කරා මතක ඇති. ඒ
වගේම ඇලෝයීවීල් වල පේන්ට් හෝ සීල් ආවනරයක් තිබිය යුතුයි. මොකද ඒසේ නොමැති වුවහොත් එය මලකෑමේ ඉඩකඩ
ඇත. යම් හෙයකින් ඇලෝයී මලකෑමේ ලක්ෂණ දුටුවහොත් එයට ඉක්මණින් ප්‍රතිකර්මයක් කළ යුතුය. නැතහොත් ඔබ
මුහුණදෙන අවදානම වැඩියි.

(Visited 6,757 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment