CV එක සම්බන්ධව නිතර ඇසෙන ප්‍රශ්ණ 10කට පිළිතුරු

77

ප්‍රශ්ණය: මම අලුතෙන් CV ජොයින්ට් දැම්මට පස්සෙ වාහනේ ABS ලයිට් එක පත්තු වෙලාම තියනවා, නැතිවෙන්නෙ නෑ. ඒ
ඇයි?

පිළිතුර: CV ජොයින්ට් එක මාරු කරන අවස්ථාවේදී ඇක්සලය අසළ ඇති සෙන්සර් රිං එක හෝ සෙන්සර් වයර් එක හානිවීම
නිසා ABS මොඩියුලයට අක්‍රමවත් ආකාරයෙන් සංඥා නිකුත්වීම නිසා ABS ලයිට් එක පත්තුවේ.

ප්‍රශ්ණය: මම වාහනය ධාවනයේදී වාහනයේ ස්ටියරින් වීල් ගොඩක් කරකවන අවස්ථාවල ක්ලික් ශබ්දයක් හෝ ටක ටක
ශබ්දයක් ඇසේ. ඒ මොකක්ද?

පිළිතුර: මෙම ශබ්දයට හේතුව outer CV ජොයින්ට් එක ගෙවීයාම හෝ හානිවී තිබීමයි. මෙයට ඇති එකම විසඳුම හැකි
ඉක්මණින් CV ජොයින්ට් එක මාරු කිරීමයි.

ප්‍රශ්ණය: මම වාහනය ධාවනය කරන අවස්ථාවල වාහනයේ ඉදිරිපස අන්තයෙන් ග්‍රයින්ඩින් ශබ්දයක් ඇසේ. ඒ වගේම චැසියේ
හා සස්පෙන්ශන් වල ග්‍රීස් දක්නට ලැබේ. ඒයට හේතුව කුමක්ද?

පිළිතුර: මෙයට හේතුව outer CV බූට් එක හානිවී තිබීමයි. CV බූට් එක හානිවීම නිසා ග්‍රීස් එළියට ලීක් වන අතර
එතනින් CV එක තුළට කුණු දුහුවිලි ජලය ඇතුලුවීම නිසා CV එක හානිවේ.

ප්‍රශ්ණය: මම වාහනයේ ඇක්සල් දෙක ගලවන විට එකවර ගැලවිය යුතුද, නැතිනම් එකින් එක ගැලවිය යුතුද?

පිළිතුර: ඔබගේ වාහනයේ ඇක්සල් දෙක එකවර ගලවනු ලැබුවහොත් එහි ට්‍රාන්ස් ඇක්සල් ගියර් එලයින්මන්ට් නැතිවී යයි.
එවිට එය නැවත යථාතත්වයට ගෙන ඒම ඉතාමත් අපහසු කාර්යයකි. එම නිසා ඇක්සල් ගැලවීමේදී වරකට එක බැඟින්
ගලවා සවිකරන්න.

ප්‍රශ්ණය: පරණ ඇක්සලයේ ඇති ලොකින් ස්ටයිල් නට් එක නැවත භාවිතයට ගත යුතුද?

පිළිතුර: නැත. සැමවිටම පරණ නට් එක ඉවත දමා අලුත් එකක් සවි කරන්න.

ප්‍රශ්ණය: CV fixed joint එක hub assembly එකේ සිරවී ඇත. එය ගැලවිය හැකි වඩාත් සුදුසුම ක්‍රමය කුමක්ද?

පිළිතුර: හැමවිටම නිවැරදි ටූල් එකක් භාවිතකර පරණ ෂාෆ්ට් එක ගලවන්න. කිසිවිටෙකත් මිටියෙන් පහරදී ගලවන්නට
උත්සහ කරන්න එපා. ඒ මඟින් වාහනයේ කොටස්, විශේෂයෙන්ම හබ් බෙයාරින් ඇසෙම්බ්ලි හානි විය හැක.

ප්‍රශ්ණය: ඇක්සල් නට් එක සවිකිරීමට impact wrench එක භාවිතා කරාට කමක් නැත්ද?

පිළිතුර: කිසිවිටෙක impact wrench එකෙන් ඇක්සල් නට් එක තද කරන්න එපා. ඒ සඳහා torque wrench එක
භාවිතා කරන්න.

ප්‍රශ්ණය: ඩ්‍රයිව් ඇක්සල් මාරුකරන විට පරණ සීල් භාවිතා කරන්නද?

පිළිතුර: ඇක්සල් මාරුකරන සෑමවිටම අලුත් ට්‍රාන්ස් ඇක්සල් සීල් භාවිතා කරන්න.

ප්‍රශ්ණය: වාහනය උස්සා අලුත්වැඩියා කරන අවස්ථාවල ඇක්සල් පහළට එල්ලිලා තිබ්බට කමක් නැත්ද?

පිළිතුර: කිසිම විටෙක වාහනයේ CV shafts වලට support එකක් නොමැතිව වාහනය උස්සන්න එපා. ඒමඟින්
ඇක්සල් එක ගැලවීයාම හෝ inner joint එක හානිවීමක් සිදුවිය හැක.

ප්‍රශ්ණය: වාහනය හරවන විට වාහනයේ රෝද වැනෙන හෝ දෙදරන ගතියක් දැනෙන්නේ ඇයි?

පිළිතුර: මෙයට හේතුව අධික torque load එක නිසා broken bearing cage එක හානිවී තිබීමයි. මේක
outboard joint එකේ ප්‍රශ්ණයක්.

(Visited 7,151 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment