වීල් බෙයාරිංස් ගැන දැනගනිමු

76

වීල් බෙයාරිංස් කියන්නෙ වාහනයක සස්පෙන්ශන් වලට ඉතාමත් වැදගත් අවයවයක්. ඔයගොල්ලන්ට වීල් බෙයාරිංස්
හොයාගන්න පුලුවන් වාහනේ බ්‍රේක් සහ වීල් සම්බන්ධ වෙලා තියන හබ් එක ඇතුලේ. වීල් බෙයාරින් වාහනේ රෝද නිදහසේ
කැරකැවීමට උදව් කරනවා. ඔබට වාහනේ ධාවනය කරනකොට වාහනේ රෝද අසලින් අසාමාන්‍ය ශබ්දයක් එනවා නම් එය
වීල් බෙයාරිංස් වලින් විය හැකියි.

නවීන වාහන වලට එනකොට වීල් බෙයාරිංස් එන්නෙ සීල් කරලා. මේ වීල් බෙයාරිංස් සැතපුම් 150,000ක් හෝ ඊට වඩා වුවද
කිසිදු ප්‍රශ්ණයක් නොමැතිව ධාවනය කළ හැක. ඔන්න ඔය හේතුව නිසා අපේ ගොඩක් අය බ්‍රේක් මාරු කරද්දි හෝ බ්‍රේක්
සම්බන්ධ නඩත්තුවක් කරනකොට වීල් බෙයාරිංස් පරීක්ෂා කරන්නෙ හරි අඩුවෙන්. එහෙම බෑ වීල් බෙයාරිංස් නිරන්තර
පරීක්ෂාවට ලක් කරන්න ඕන. වීල් බෙයාරිංස් හානි වුනාම සීරුම්, ඇතිල්ලුම් හෝ ඒ ආකාරයේ වෙනත් අසාමාන්‍ය ශබ්දයක්
රෝද වලින් එන්න පටන්ගන්නවා. ඔයිට සමාන ශබ්දයක් එනවා අපේ සෙල්ලම් රිමෝට් කාර් වලිනුත්.

කොහොමද වීල් බෙයාරිංස් පරීක්ෂා කරන්නෙ?

සාම්ප්‍රදායිකම ක්‍රමය තමයි ජැක් එක ගහලා වාහනේ උස්සලා රෝද අතින් කරකවා ශබ්දයක් එනවාදැයි සියුම්ව සවන්දී
පරීක්ෂා කිරීම. ඒ වගේම රෝදය, ඔරලෝසුවේ 12 සහ 6 තිබෙන තැන් වලින් අත් දෙක තබා අල්ලාගෙන රෝදය කැරකීමේදී
රළු බවක් හෝ රෝදයේ ප්ලේ එකක් අතට දැනෙනවාදැයි පරීක්ෂා කළ හැක. එහෙමත් නැත්නම් ඕකට ගරාජ් වල dial
indicator වැනි විවිධ උපකරණ තියනවා.

වීල් බෙයාරින් වර්ග මොනවාද?

දැනට වෙළඳපොලේ වීල්බෙයාරින් වර්ග කියලා තියෙන්නෙ හබ් බෙයාරින්, බෝල බෙයාරින් සහ රෝල බෙයාරින් වගේ වර්ග
කිහිපයක් විතරයි.

Plain Bearing
මේක ඉතාමත් සරල බෙයාරින් එකක්. පැරණි කරත්ත, වාහන වල රෝද වල අඩංගු වූයේ මෙයයි. මෙහි කිසිම බෝල හෝ
රෝලර් වැනි කැරකැවෙන ද්‍රව්‍යයක් අඩංගු වන්නේ නැත. මෙහිදී ෂාෆ්ට් එකෙ සහ රෝදය අතර බෙයාරින් මතුපිටවල් 2
එකිනෙක ලිස්සායයි.

Rolling-element bearing
මේක තමයි අද සුලබව දකින්න තියෙන්නෙ. කිසියම් රෝල්වන ද්‍රව්‍යයක් නිශ්චල හා කැරකැවෙන රේසර් 2ක් මැදට යොදා එක
රේසර් 2කේ ඝර්ශණය නැති කරයි. මෙය වර්ග 2කි.

Ball bearing- මෙහි මැද අඩංගු වන්නේ ගෝලාකාර බෝල වර්ගයකි
Roller bearing- මෙහි මැද අඩංගු වන්නේ සිලින්ඩරාකාර රෝලර් වර්ගයකි

ඊට අමතරව පහත වර්ගයේ බෙයාරින් ද වෙළඳපොලේ අඩංගුවේ.

Jewel bearing
Fluid bearing
Magnetic bearing
Flexure bearing

මොකක්ද මේ වීල් බෙයාරින් සීල් එක?

වීල බෙයාරින් සීල් එක වීල් හබ් එක සහ බෙයාරිංස් පිටතින් පැමිණෙන කුණු දුහුවිලි වැනි අපද්‍රව්‍ය වලින් ආරක්ෂා කරනවා. ඒ
නිසා බෙයාරින් වල ආයුකාලයත් වැඩිවෙනවා. එම නිසා ඔබ නිතර බෙයාරින් හබ් එකේ ලීක්වීම් හෝ පළුදුවීම් තිබේදැයි
පරීක්ෂා කළ යුතුයි. බෙයාරින් වල lubrication නිසියාකාර තිබීම ඉතාමත් වැදගත්. වියළි බෙයාරිංස් නිසා බෙයාරිංස්
අධික ලෙස රත්වී හානිවීමේ ඉඩකඩ වැඩියි. ඩස්ට් කැප් එකක් යෙදීමෙන් බෙයාරිංස් වල ආරක්ෂාව තහවුරු කරගත හැක.

වීල් බෙයාරින් වලට බලපාන අනෙක් කොටස් මොනවාද?

ඔයිල් සීල්- බෙයාරින් කිරීමට සහ කුණු දුහුවිලි වලින් තොරව තබගැනීමට ඔයිල් සීල් උදව් වේ

ගෑස්කට්- වීල් සහ බෙයාරින් අතර ලීක්වීම් වලක්වයි

ඕ-රිංස්- ගෑස්කට් වගේම තාමත් කුඩා තැන්වල ලීක්වීම් වලක්වයි

(Visited 4,040 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment