එයාර් ෆිල්ටර් ගැන දැනගනිමු

73

සමහර අය අහල ඇති සමහර අය අහල නැතුව ඇති. සමහර අය ජීවිතේට චෙක් කරලවත් නැතුව ඇති. මේ හැමෝම වෙනුවෙන් අද අපි කතා කරන්න හිතුවා මේ එයාර් ෆිල්ටරේ ගැන. මොකක්ද මේකෙන් වෙන්නෙ? සරලවම කිව්වොත් එයාර් ෆිල්ටර් එක කරන්නෙ වාතයත් සමඟ පැමිණෙන අනවශ්‍ය කුණු දුහුවිලි හසුකර ගැනීමයි පිරිසිදු වාතය අනෙක් පසට යැවීමයි. ඒ කියන්නෙ එන්ජිමට ලැබෙන වායු සැපයුම පිරිසිදු කිරීමයි. මේක ඉන්ධන කාර්යක්ෂමතාවයටද බලපානවා. වායු සැපයුම පිරිසිදු වුනොත් තමයි හොඳ ඉන්ධන දහනයක් ලබාගන්න පුලුවන් වෙන්නෙ. ඉතින් එයාර් ෆිල්ටර් එක අවහිර වෙලා පළුදු වෙලා තිබ්බොත් පෙට්‍රල් කරනවා අඩුවෙන්න පුලුවන්.

මොනවද එයාර් ෆිල්ටර් වර්ග?

එයාර් ෆිල්ටර් හදලා තියෙන්නෙ කඩදාසි හෝ රෙදි වැනි අමුද්‍රව්‍ය වලින්. කාබියුලේටර් සහිත පරණ වාහන වල රවුම් හැඩැති එයාර් ෆිල්ටර් භාවිත කළ අතර ෆියුල් ඉන්ජෙක්ට් වාහන වල භාවිතා කරන්නෙ පැතැලි කොටු හැඩැති එයාර් ෆිල්ටර්ය.

paper air filter
මේක තමයි අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බෙන personal and family වාහන වල ඇති එයාර් ෆිල්ටර් එක. ප්ලාස්ටික් හෝ රබර් රාමුවක් තුළ accordion සංගීත භාණ්ඩයේ ආකාරයට රැලි කඩදාසියක් මෙහි අඩංගු වේ. මෙය මිළෙන් අඩු වන අතර ගැලවීම සවිකිරීමද පහසු වේ. මෙහි කුණු දුහුවිලි රැඳී ඇත්නම් එය පහසුවෙන්ම දැකගත හැකි අතර මාරු කළ යුතුද නැත්ද යන්න තීරණය කිරීමත් පහසුය.

oil bath air filter
වර්තමානයේ මෙම එයාර් ෆිල්ටර් වර්ගය භාවිතා නොකරන අතර මෙය අඩංගු වූයේ පැරණි එහෙමත් නැත්නම් antique or classic වාහන වලයි. මෙහිදී පිරිසිදු වාතය පෙරාගන්නේ තෙලෙහි ගිල්වූ හෝ තෙල් ආලේපවූ දැලක් හෝ එවැනි දෙයක් හරහා වාතය යෑමට සැලැස්වීමෙනි.

foam air filter
මේක හදලා තියෙන්නෙ oil-impregnated polyurethane නමුත්වූ අමුද්‍රව්‍යයකින්. මේක කඩදාසියට වඩා වාතය පෙරීමේදී හොඳයි. මෙය එතරම් මිල වන්නේ නෑ. නමුත් මෙය වඩාත් වැදගත් වන්නේ ඉතාමත් අධික ලෙස කුණු දුහුවිලි සහිත තත්ත්වයන් වල ධාවනය කරන වාහන වලටයි. කෘෂිකාර්මික වාහන, off-road trucks සහ SUV උදාහරණ වේ.

cotton air filter
මේ එයාර් ෆිල්ටර් වර්ගය සෝදා පිරිසිදු කරමින් නැවත නැවත භාවිතයට ගන්න පුලුවන්.

මොකක්ද මේ එයාර් ෆිල්ටර් එකෙන් වෙන්නෙ?

වාහනේ එයාර් ෆිල්ටර් එක එන්ජිම තුළට වායු සැපයුම හරහා එන කුණු දුහුවිලි, වැලි කැට කුඩා කෘමි සත්තු වැනි දෑ අවහිර කරමින් එන්ජිම නීරෝගීව තබාගන්නවා. ඔබ දන්නවා අභ්‍යන්තර දහන එන්ජිමක දහන ක්‍රියාවලිය සඳහා වාතය සහ ඉන්ධන අවශ්‍ය බව. ඉතින් එයාර් ෆිල්ටර් එකෙන් පිරිසිදු වාතයද පෙට්‍රල් ෆිල්ටර් එකෙන් පිරිසිදු පෙට්‍රල් ද පෙරා ලබා දෙනවා. මේ ෆිල්ටර් කාලයත් එක්ක ඉතාමත් අපිරිසිදු තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සෙ නිසියාකාරව එම කටයුත්ත සිදුවන්නේ නෑ. හැබැයි ඉතින් එහෙම කියලා “check engine” ලයිට් එක පත්තු වෙන්නෙ එහෙම නෑ. නමුත් වැඩි RPM එකකදි acceleration slow වෙනවා, පෙට්‍රල් වැඩිපුර පිච්චෙනවා වගේ ඉඟි ලබාදෙනවා.

කොහොමද එයාර් ෆිල්ටර් නඩත්තු කරන්නෙ?

නිතරම කුණු දුහුවිලි එක්ක ගැටෙන නිසා එයාර් ෆිල්ටර්වල කාර්යක්ෂමතාවය කාලයත් එක්ක අඩුවෙනවා. නියමිත් කාලයට එයාර් ෆිල්ටර් මාරු කරන්න ඕන වගේම පිරිසිදු කරන්නත් ඕන. මේකට නියමත කාලයක් කියන්න අපහසුයි. ඔබ නිතර ධාවනයේ යෙදෙන්නෙ දුහුවිලි සහිත මාර්ග වල නම් ඉක්මණින් මාරුකරන්න වෙනවා. ඒ නිසා සර්විස් එක කරන දවසට එයාර් ෆිල්ටර් ඒකත් පරීක්ෂා කිරීම තමයි හොඳ. සමහර සර්විස් ස්ටේෂන් වන නම් කරනවා.

ඔබගේ වාහනයේ ඇත්තේ Lifetime air filter එකක් නම් එය මාරු කරන්නේ නෑ. ගලවා පිරිසිදු කර නැවත සවිකරනවා. පිරිසිදු කිරීම වැකියුම් එකක් ආධාරයෙන් හෝ සෝදා කරගත හැක. මතක තබාගත යුතු විශේෂ කරුණක් තියනවා. සමහර මීයන් ගැවසෙන ගෙවල් වල ගොඩක් වෙලාවට එයාර් ෆිල්ටර් එක කියන්නෙ මීයාට හොඳ වාසස්ථානයක්. ඒ නිසා ඒ ගැනත් සැළකිල්ලෙන් ඉන්න.

(Visited 10,368 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment