Short Shifter එකකට මාරු වෙමුද?

71

මැනුවල් වාහනයක් පදින ඔබේ වමත නිතරම ඇත්තේ ගියරය උඩයි. එහෙමත් නැත්නම් ෂිෆ්ටරය උඩයි. මොකක්ද මේ short shifter කියන්නෙ? Short shifter නම ඇසූ පමණින් බොහෝ අය වරදවා වටහා ගන්නේ දිගින් අඩු ලිවරයකි. නමුත් එය වැරදි අදහසකි. ඇත්තටම කෙටි ෂිෆ්ටරයකින් සිදුවන්නේ ගියර් මාරුකරන විට ගියර් අතර දුර ප්‍රමාණය අඩු කිරීමයි. සමහර ෂිෆ්ටර් වල ගියර් අතර දුර ප්‍රමාණය අඩුකිරීමට මෙන්ම වැඩිකිරීමට ෂිෆ්ටර් එක adjust කිරීමෙන් පුලුවනි.

 

 

එතකොට ෂිෆ්ටර් එකේ දිග එහෙමත් නැත්නම් උස අඩු කරොත් මොකද වෙන්නෙ?

ෂිෆ්ටර් එකේ දිග අඩුවන්නට අඩුවන්නට ගියර් මාරුකිරීමට යෙදිය යුතු බලය වැඩිවේ. භෞතික විද්‍යාත්මකව අපි දන්නවා දුර වැඩිවෙනකොට යෙදිය යුතු බලය අඩුවන අතර දුර අඩුවන විට යෙදිය යුතු බලය වැඩිවේ. ඉතින් ඒ නිසා කෙටි ෂිෆ්ටර් එකකට යෑමේදී ස්ටොක් ෂිෆ්ටර් එකේ, එහෙමත් නැත්නම් වාහනයේ තිබූ ඔරිජිනල් ෂිෆ්ටර් එකේ උසට සමාන උසකින් යුත් ෂිෆ්ටර් එකක් තෝරාගැනීම වැදගත්.

එතකොට කෙටි ෂිෆ්ටර් එකෙන් මොකද වෙන්නෙ?

ඇත්තටම කෙටි ෂිෆ්ටර් සහ සාමාන්‍ය ෂිෆ්ටර් වල දිග එක සමානයි. විවිධ මාදිලි විවිධ වර්ග අනුව තමයි දිග පොඩ්ඩක් වෙනස් වෙන්නෙ. නැත්නම් බොහෝවිට සමානයි. හරි ඉතින් මේ කෙටි ෂිෆ්ටර් එකේ වෙන්නෙ ෂිෆ්ටර් එකේ lower pivot point එකට පහළින් ඇති arm එක දිගින් වැඩි නිසා shift tower එකේ throw එක වැඩි වීමයි. එවිට ෂිෆ්ටර් එකේ ඉහළ කොටසේ සිදුකරන පොඩි චලනයකින් ෂිෆ්ටර් එකේ පහළ කොටසේ ලොකු චලනයක් සිදුවේ. අන්න ඒ විදිහට තමයි පොඩි දුර ප්‍රමාණයක් ඇතුළත ගියර් මාරුවෙන්නෙ. සරලව කිව්වොත් සාමාන්‍ය ෂිෆ්ටර් එකක ලිවරයේ සහ ධරයේ අනුපාතය වෙනස් කිරීමක් තමයි කරලා තියෙන්නෙ. අපි මේ කියපු කතාව පහත රූපයේ දක්වා ඇත.

 

helix-short-shifter-diagram_860x

 

 

 

ඇත්තටම මේකෙ වාසි මොනවද?

ගියර් මාරු කිරීමේ පහසුව
ඉතාමත් පැහැදිලි වාසියක් තමයි එක් ගියරයක සිට තවත් ගියරයකට ෂිෆ්ටරය මාරුකිරීමට ඇති දුර අඩුවීමයි. ඒ කියන්නෙ ඉක්මණින් ගියර් මාරු කිරීමට හැකි වීමයි. එමඟින් වාහනය කාර්යක්ෂමව ධාවනය කළ හැක.

ගියර් පද්ධතියේ ආයුකාලය
දිගින් වැඩි ෂිෆ්ටර් වල මෙන් මෙම ෂිෆ්ටර් වල over-shift වීමේ සම්බාවිතාවය අඩුය. Over-shift වීමෙන් හානි වන්නේ shift fork එකයි. ඉතින් short shifter වලින් එම හානිය සාපේක්ෂව අවම කරගත හැක.

ඉතින් මේ කරුණු කාරනා සලකා බලා short shifter එකකට මාරුවීමේ හෝ නොවීමේ තීරණය ඔබ සතුයි.

(Visited 3,559 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment