රොටරි එන්ජිමක වාසි අවාසි

70

පසුගිය ලිපියකින් අපි කතා කළ රොටරි එන්ජිම ගැන. අද අපි කතා කරන්න යන්නෙ රොටරි එන්ජිමක වාසි අවාසි ගැන. ඒවා ගැනත් අපි දැනගෙන ඉන්න එපැයි. හරි මුලින්ම බලමු අපි රොටරි එන්ජිමක වාසි.

වාසි

එන්ජිමේ බලය එන්ජිමේ බරට අනුපාතිකව ගත් කළ පිස්ටන් එන්ජිමකට වඩා රොටරි එන්ජිමේ බලය වැඩිය
එකිනෙක ගැටෙන කොටස් නොමැත
පිස්ටන් එන්ජිමකට වඩා වැඩි RPM අගයකට යාහැක
කිසිදු දෙදරුමක් නොමැතිව ක්‍රියාකරයි
පිස්ටන් එන්ජිමකට වඩා රොටරි එන්ජිමේ කොටස් අඩුයි
පිස්ටන් එන්ජිමක combustion charge එක පිරීමට mainshaft එක අංශක 180ක් කැරකැවෙන අතර රොටරි එන්ජිමක එය අංශක 270ක් වේ. ඒ කියන්නෙ වායු ඉන්ධන දහනයට වැඩි ඉඩක් රොටරි එන්ජිමේ ඇත.
සම්පූර්ණ අභ්‍යන්තර දහන චක්‍රයකින් රොටරි එන්ජිම torques 2-3ක් දෙන විට පිස්ටන් එන්ජිම ලබාදෙන්නේ 1/4කි.
පුළුල් වේග පරාසයක් තිබෙන නිසා උපයෝජ්‍යතාවය වැඩිය
පුළුල් පරාසයක ඔක්ටේන් ඉන්ධන වර්ග භාවිත කළ හැක
විශේෂම කරුණ නම් රොටරි එන්ජිමේ සම්ප් ඔයිල් දහන ක්‍රියාවලිය නිසා අපවිත්‍ර නොවේ. මොකද mainshaft එකේ ඇති ඔයිල් සම්පූර්ණයෙන්ම සීල කොට ඇත.
පිස්ටන් එන්ජිමට වඩා රොටරි එන්ජිමේ කොටස් අඩු නිසා බරින්ද අඩුයි
රොටර් කවරය තුළම පෝට්ස් ඇති නිසා පිස්ටන් එන්ජිමක මෙන් අමුතුවෙන් වෑල් නැත.
කැරකෙන රොටර්ස් මඟින්ම mainshaft එකට කැරකැවුම් බලය ලබාදෙන නිසා connecting rods හෝ crankshaft නොමැත. ඒ නිසා එන්ජිමේ බලය ගලායාම සුමටව සිදුවේ.

ඕනෑම දේක වාසි අවාසිත් තියනවනේ. හරි අපි දැන් බලමු අවාසි ගැන.

අවාසි

රොටර් සීලින් එක: එන්ජින් කවරෙ තියන ලොකුම ප්‍රශ්නෙ තමයි එක එක කුටිවල තියෙන්නෙ එක එක උෂ්ණත්වයන්. ඉතිං විවිධ ඉන්ජින් කොටස් ප්‍රසාරණය වෙන්නෙ විවිධ ආකාරයට. ඒ නිසා සීලින් එක නිසියාකාරව පවත්වාගෙන යන්න බෑ. ඒ වගේම පිස්ටන් එන්ජින් එකක වගේ නෙවෙයි රොටරි එන්ජිමේ සීල් එක ඉන්ධන වලට නිරාවරණයි.

Apex seal lifting:මතක ඇති රොටරි එන්ජිමේ මැද තියන ත්‍රිකෝණ හැඩැති රොටර් එක. ඒක රොටර් කවරයට හේත්තු වෙලා තියෙන්නෙ මේ ඇපෙක්ස් සීල් වලින්. ඉතින් මේ සීල් නිතර කවරය හා ස්පර්ශ වන නිසා ඒවා ගෙවෙන්නට හෝ එහාමෙහා වෙන්නට පුලුවන්. ඉතින් එතකොට වෙන්න දහන කුටියේ වායු ඉන්ධන මිශ්‍රණය අනිත් කුටියට කාන්දුවීමයි.

දහනය මන්දගාමී: දහන කුටිය විශාල, සිහින් හා චලනය වන බැවින් දහනය මන්දගාමීවේ.

ඉන්ධන කාර්යක්ෂමතාව අඩුයි: සීල්වලින් ලීක්වීම නිසා මෙය වැඩිවේ.

වායුවිමෝචනය දුර්වලයි.

ඉතින් මේ ආකාරයට ඔබ රොටරි එන්ජිමක් සහිත වාහනයක් ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ නම් ඔබට ඉහත කරුණු ගැන සැලකිලිමත් විය හැක.

(Visited 1,695 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment