මොකක්ද මේ රොටරි එන්ජිම ?

69

මොකක්ද මේ රොටරි එන්ජිම? මේකත් අපේ සාමාන්‍ය වාහන වල තියන අභ්‍යන්තර දහන එන්ජිම වගේමයි. හැබැ‍යි මේ එන්ජිම අපේ පිස්ටන් වලින් දුවන එන්ජිමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. පිස්ටන් එන්ජිමේ intake, compression, combustion and exhaust යන අදියර 4ම එක සමාන සිලින්ඩර 4ක් තුළ සිදුවෙනකොට රොටරි එන්ජිමේ ඒ අදියර 4ට වෙන වෙනම කොටස් 4ක් තියනවා. හරියට නිකම් එක එක සිලින්ඩරයට එක එක කාර්ය වෙන් කරලා තියනවා වගේ වැඩක් තමයි රොටරි එන්ජිමෙන් වෙන්නෙ.

රොටරි එන්ජිමේ මූලධර්මය මොකක්ද?
රොටරි එන්ජිමත් පිස්ටන් එන්ජිමක වගේම පීඩනය යොදාගෙන තමයි වායු හා ඉන්ධන මිශ්‍රණය දහනය කරන්නෙ. පිස්ටන් එන්ජිමේ සිලින්ඩර තුළ ඇතිවන පීඩනය නිසා තමයි පිස්ටන් ඉහළ පහළ යන්නෙ, ඒ වගේම ඊට සම්බන්ධ වුනු ක්‍රෑන්ක්ෂාෆ්ට් එකෙන් තමයි පිස්ටන් චලනය කැරකැවුම් බලයට හරවා වාහනය චලනය කරන්නෙ. මේක අපි හැමෝම දන්න මූලික සිද්ධාන්තයක්. නමුත් රොටරි එන්ජිමේ දහනයෙන් ඇතිවන පීඩනය අන්තර්ගත වෙන්නෙ ත්‍රිකෝණ හැඩැති භ්‍රමකයක් සහිත සීල් කළ කුටියක් තුලයි. මෙය තමයි පිස්ටන් එන්ජින් වලට පිස්ටන් මෙන් රොටරි එන්ජින් වල ක්‍රියා කරන්නෙ. වචනෙන් කියනවට වඩා රූපවලින් පැහැදිලි කරාම ලේසියි නේද? ඔන්න එහෙනම් පහතින් බලන්නකො රොටරි එන්ජිමක ක්‍රියාවලිය.

rotary-engine-mp4_snapshot_00-29_2016-09-23_11-27-30

 

 

 

 

 

 

 

 

ඉහත රූපයේ අඩංගු මිඩ් හවුස් ප්ලේට් එක තමයි මේ එන්ජිම ක්‍රියාකරන surface එක. එතකොට ඔය ප්ලේට් උඩ තමයි අපි අර කියපු රොටර්ස් කැරකැවෙන්නෙ. මේක වටේට කූලන්ට් පාරක් යනවා වගේම ඔය රූපයේ දැක්වෙන ආකාරයට වැනි සමාන ආකාරයකට තමයි වායු ඉන්ධන මිශ්‍රණය ප්ලේට් එක මතට එන්නෙ.

rotary-engine-mp4_snapshot_00-38_2016-09-23_11-28-49

 

 

 

 

 

 

 

 

 

මේ රූපයේ දැක්වෙන ආකාරයට එක් පැත්තකින් ස්පාක් වන අතර අනෙක් පැත්තෙන් දහන වායුව පිටතට ගමන්කරයි.

rotary-engine-mp4_snapshot_01-02_2016-09-23_11-29-35

 

 

 

 

 

 

 

 

මේ තියෙන්නෙ අප කියූ රොටර්ස්. ඒ වගේම ඔය මැද තියන එසන්ට්‍රික් ෂාෆ්ට් එක තමයි පිස්ටන් එන්ජින් වල ක්‍රෑන්ක්ෂාෆ්ට් එක වගේ ක්‍රියාකරන්නෙ.

rotary-engine-mp4_snapshot_02-03_2016-09-23_11-30-13

 

 

 

 

 

 

 

 

හරි ඔන්න පළමු පියවර. මුලින්ම වායු ඉන්ධන මිශ්‍රණය කුටියට ඇතුලුවෙනවා. මේ රූපයේ පේන ආකාරයට ඒ පීඩනයත් එක්ක ඔය රොටර් එක කැරකෙන්න පටන්ගන්නවා. හරියට පිස්ටන් එන්ජිමේ පිස්ටන් එක පහල යනවා වගේ. ආහ් කියන්න අමතක වුනා මේක කැරකෙන්න හරි රවුමට නෙවෙයි. මේක කැරකෙන්න spirograph ආකාරයට. ඒ මොකක්ද ඒ? හරි හරි අර අපි පොඩි කාලේ එක එක හැඩේ මල් මල් අඳින ගැජට් එක! මතක නැත්තම් පහළ රූපෙ බලන්නකො…

various_spirograph_designs

 

 

 

 

 

 

 

 

හරි මතක් වුනානේ? ඔන්න ඔය විදිහට කැරකෙන්න පටන්ගන්නකොට අනිත් පැත්තෙන් පීඩනයක් ඇති කරනවා. මෙන්න මේ රූපයේ ආකාරයට…

rotary-engine-mp4_snapshot_02-13_2016-09-23_11-30-41

 

 

 

 

 

 

 

 

දැන් ඔය සම්පීඩනය වෙච්ච වායු ඉන්ධන මිශ්‍රණය ඇවිල්ලා තියෙන්නෙ ස්පාක් ප්ලග් කට ගාවට. ඔන්න දැන් ස්පාක් වෙලා වායු ඉන්ධන මිශ්‍රණය දහනය වෙනවා. බූබූම්!!! ඉතින් ඔය දහනයත් එක්ක රොටර් එක කැරකෙනවා. ඊට පස්සෙ දහනය වෙච්ච වාතය පිටවෙලා යනවා. අන්න ඒ විදිහට අදියර 4න් රොටර් එක සම්පූර්ණ වටයක් කැරකෙනවා. ඉතින් ඒ ආකාරයට නොනැවතී කැරකෙන රොටර් එකට සම්බන්ධ වුනු ෂාෆ්ට් එක සුපුරුදු ආකාරයට ක්‍රෑන්ක්ෂාෆ්ට් එක වගේ ක්‍රියා කරනවා.

rotary-engine-mp4_snapshot_02-21_2016-09-23_11-31-18

 

 

 

 

 

 

 

 

rotary-engine-mp4_snapshot_02-26_2016-09-23_11-31-32

 

 

 

 

 

 

 

 

rotary-engine-mp4_snapshot_02-31_2016-09-23_11-31-46

 

 

 

 

 

 

 

 

සම්පූර්ණ ක්‍රියාවලියම පහත රූපයෙන් බලන්න.

1445967786-screen-shot-2015-10-27-at-14241-pm

 

 

 

 

 

 

මොකද හිතෙන්නෙ? අවුලක්ම නෑ වගේ නේද? මේ රොටරි කතන්දරේ කරලියට ගේන්නෙ මැස්ඩා සමාගම. ඒ අතරින් අති සාර්ථකත්වයට පත් රොටරි එන්ජිමක් සහිත කාර් එකක් තමයි අපි කවුරුත් දන්න Mazda RX-7. හරි ඉතින් මේ රොටරි එන්ජිමේ තියන වාසි අවාසි ගුණදොස් ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු.

(Visited 2,057 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment