කැබ් තට්ටුව නඩත්තු කරමු

68

Truck Bed එහෙමත් නැත්නම් කැබ් එකක තට්ටුව කියන්නෙ නිතර රැකබලාගත යුතු නිතර නඩත්තු කළ යුතු කොටසක් නෙවෙයි. නමුත් තට්ටුව ගැන දක්වන නොසැළකිල්ල නිසා කැබ් එකට වෙන්න පුළුවන් හානිය ඉතා විශාලයි. එය පදනම් වෙන්නෙ කැබ් තට්ටුව භාවිත කරන ප්‍රමාණය අනුවයි. ඔබ නිතර භාවිත කරනවා නම් තට්ටුව ගැන නිතර සැළකිල්ලෙන් සිටිය යුතුයි. ඒ විතරක් නෙවෙයි ඔබ ඔබ භාවිත කරන හේතුව, ඔබ ප්‍රවාහනය කරන බඩුබාහිරාදිය අනුවත් තට්ටුවේ ආරක්ෂාව පදනම් වෙනවා. සමහරවිට ඔබ යකඩ වැනි ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා වෙන්නට පුළුවන්, එහෙමත් නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටි වැනි දෑ ප්‍රවාහනය කරනවා වෙන්නට පුලුවන්. ඒ ආකාරයට බරින් අධිකදෑ හෝ සැහැල්ලු දෑ ප්‍රවාහනය කරනවා වෙන්නට පුලුවන්. නමුත් කැබ් තට්ටුව පරිස්සම් කරගැනීම වැදගත්.

කැබ් තට්ටුව ආරක්ෂා කරගත හැකි ක්‍රම මොනවාද?

Bed Liner එකක් යොදන්න.

bed-liner-penda-la-mejor-calidad-del-mercado-3313-mlm4124535776_042013-f

 

 

 

 

 

 

මේක තමයි කැබ් තට්ටුව පරිස්සම් කරගන්න පුලුවන් ලේසිම පහසුම විදිහ. කැබ් තට්ටුව ආවරණය වන පරිදි සවිකරන මෙම ප්ලාස්ටික්, පොලිමර් හෝ ඇලුමිනියම් කවරය තට්ටුවට බඩු පැටවීමේදී හෝ බෑමේදී සිදුවන විවිධ තැලීම් සීරීම් වැනි බාහිර හානි වලින් ආරක්ෂා කරනවා. ගොඩක් වෙලාවට අලුත්ම කැබ්වල නම් මෙම ආවරණය නිශ්පාදකයා විසින්ම සවිකොටයි පැමිණෙන්නේ. හොඳින් මතක තියාගන්න ඔබ විසින් ආවරණයක් සවිකරන්නේ නම් ආවරණය හා තට්ටුව අතරට දුහුවිලි හෝ තෙතමනය නොයන ලෙස හොඳින් ආවරණය කිරීමට වගබලාගන්න. එහෙම නැති වුනොත් තට්ටුවට හානිවෙන්නෙ අපිට නොපෙනෙන ලෙසයි.

තට්ටුවෙහි යට පැත්ත අමතක නොකරන්න
කැබ් එකේ මතුපිටට පෙනෙන ටික පමණක් ලස්සනට තියාගෙන වැඩක් නෑ තට්ටුවේ යට පැත්ත ගැනත් සැළකිලිමත් විය යුතුයි. කැබ් තට්ටුවේ යට පැත්ත සම්පූර්ණයෙන්ම නිරාවරණයි. ඒ නිසා යට පැත්තට හානි විය හැකි සම්බාවිතාවය වැඩියි. බොහෝවිට මඩ, ජලය, දුහුවිලි වැනිදෑට නිතර නිරාවරණයවී තිබෙන නිසා තට්ටුව මලකෑමේ සම්බාවිතාවය වැඩියි. තට්ටුව විතරක් නෙවෙයි කැබ් එක හා තට්ටුව සම්බන්ධ වුනු supports පවා මලකන්න පුලුවන්. ඒ නිසා තට්ටුව මලකෑම වළකන තීන්ත වර්ගයකින් හෝ තෙල් වර්ගයකින් තට්ටුවෙහි යට පැත්ත ආවරණය වන ලෙස ආලේපකර නිතර පරීක්ෂාකාරීව සිටින්න.

තට්ටුවට ආවරණයක් යොදන්න

fusion-ps2-silver

 

 

 

 

 

 

tonneau-covers-page-banner

 

 

 

 

 

 

Bed liner එකට අමතරව ඔබට ඊළඟට තිබෙන විසඳුම තමයි තට්ටුව උඩින් ආවරණය කිරීම. ඒ කියන්නෙ truck cap එකක් හෝ tonneau cover එකක් යෙදීම. Truck cap කියන්නෙ ප්ලාස්ටික් හෝ ෆයිබර් වලින් සෑදූ කුටියක් වැනි ආවරණයක්, tonneau cover කියන්නෙ කැබ් එකේ තට්ටුව උඩින් ආවරණය කරන පියනක් වැනි පැතලි කැන්වස් හෝ ප්ලාස්ටික් ආවරණයකි. මෙමඟින් තට්ටුව ආරක්ෂා වනවාට අමතරව ඇති වාසිය නම් තට්ටුවේ ඇති බඩු භාණ්ඩ හිරු එළියෙන්, වැස්සෙන්, දූවිල්ලෙන් වැනි බාහිර දෑ වලින් ආරක්ෂා කරගත හැකි අතර ලොක් එකක් යොදා ආරක්ෂා සහිතව තැබිය හැක. නමුත් මෙහි truck cap එකේ ඇති අවාසිය නම් විශාල බඩු භාණ්ඩ තට්ටුවට දැමීමට truck cap එක ඉවත්කළ යුතුවීමයි.

කැබ් තට්ටුව නඩත්තු කරන්නෙ කොහොමද?

Prevention
කැබ් තට්ටුව නිතරම පිරිසිදුව තියෙන්න ඕන. දිනපතා පිරිසිදු කළ හැකි නම් වඩාත් හොඳයි. මොකද කුණුදුහුවිලි රැඳෙන්න රැඳෙන්න තට්ටුවට වන හානිය ඉක්මන්. පිරිසිදු කිරීමේදී මුලින් තට්ටුව කොස්සක් හෝ බ්‍රෂ් එකක් ගෙන හොඳින් පිසදා බකට් එකක් ගෙන උණුවතුර හා කාර් වොශ් මිශ්‍ර කර ස්පොන්ච් කැබැල්ලකින් තට්ටුව හොඳින් පිරිමදින්න. ඉන්පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න. ඒ වගේම තට්ටුවේ යට පැත්තත් හෝස් එකෙන් ප්‍රෙශර් කර සෝදාගන්න.

Scratch Treatment
ඔබගේ කැබ් තට්ටුවේ සීරුම් සළකුණු ඇත්නම් ඉක්මණින් පිළියම් යොදන්න. නැත්නම් එම සීරුම් තුළින් තෙතමනය ගොස් තට්ටුව මලකෑ හැක. මේ සඳහා වෙළඳපොලේ තිබෙනවා touch-up paint. ඔබගේ කැබ් එකේ වර්ණයට ගැළපෙන වර්ණයකින් මිළදීගෙන සීරුම් සඳහා ආලේප කරන්න. පළමු ආලේපය යොදා විනාඩි 20ක් පමණ වියලෙන්නට හැර දෙවන ආලේපය යොදන්න. එය වියලුනු පසු රෙදි කැබැල්ලක් ගෙන හොඳින් ඔපදමන්න. එම ස්ථානය අලුතින් පේන්ට් නොකළසේ පෙනෙන තරම් ඔපදමන්න.

Removing Rust
ඔබගේ කැබ් තට්ටුවේ මේ වන විටත් මලකඩ සලකුණු ඇත්නම් ඔබ ඉක්මණින් පිළියම් යෙදිය යුතුයි. මුලින්ම වයර් බ්‍රෂ් එකක් ගන්න. මලකෑ ස්ථානය හොඳින් පිරිමදින්න. සියලුම මලකඩ ටික ඉවත් කරගන්න. තවත් මලකඩ ඉතිරිවී ඇත්නම් වැලිකඩදාසියක් ගෙන පිරිමදින්න. ඉන්පසු body filler එකක් ගෙන මලකෑ ස්ථානවලට යොදන්න. එමඟින් එම ස්ථානවල ඇති කුඩා සිදුරු වැසී යයි. ඉන්පසු මලකෑම වළකන තීන්ත වර්ගයක් ගෙන ආලේප කරන්න. ඉන්පසු ඒ මතින් අප පෙරකී touch-up paint එකක් ගෙන ආලේප කර ඒ ආකාරයටම ඔපදමන්න.

(Visited 1,281 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment