ක්‍රෝම් කොටස් පිරිසිදු කරමු – Shine එකට තියාගමු

66

අපේ ගොඩක් වාහනවල විවිධ ආකාරයේ ක්‍රෝම් කොටස් එනවා. ගොඩක් වෙලාවට ඉදිරිපස ෂෙල් එක, සමහර බම්පර්,වින්ඩ්ස්ක්‍රීන් රාමු, ඇලෝයීවීල්… මේ වගේ විවිධ වාහන වල විවිධ කොටස් ක්‍රෝම් වලින් නිමවා එනවා. හැබැයි ඔබ මේ ක්‍රෝම් කොටස් පිරිසිදු කරන ආකාරය පිළිබඳ දැනුවත්ද? දැන්වත් නැත්නම් මේ වෙනකොට ක්‍රෝම් කොටස් වල දිදුලන ගතිය නැතිවීගිහින් ඇති. හරි එහෙනම් අද අපි කතා කරමු වාහනේ ක්‍රෝම් කොටස් පිරිසිදු කරගන්නා ආකාරය ගැන.

පළමු ක්‍රමය
1. බකට් එකකට උණු වතුර පුරවාගන්න. සාමාන්‍යයෙන් අපි වාහනයේ අනෙක් කොටස් පිරිසිදු කරන ආකාරයට ක්‍රෝම්කොටස් පිරිසිදු කරගන්න. මතක තබාගන්න වතුර මද රස්නය විය යුතුයි.

2. වතුරට සබන් එක්කර ගන්න. ඔබගේ උණුවතුර බකට්ටුවටම සබන් එකතු කරගන්න. බකට්ටුව මතුපිටට පෙණ නගිනතුරු කලවම් කරගන්න. මතක තබාගන්න මේ සඳහා රෙදිසේදුම් කුඩු භාවිතා නොකළ යුතුයි. මොකද එන කුඩු ගතිය නිසාක්‍රෝම් මතුපිට සීරීමකට ලක්විය හැක.

3. ස්පොන්ච් කැබැල්ලක් ගෙන හොඳින් සබන් පෙණ ක්‍රෝම් මතුපිට පිරිමදින්න. රවුමට සුමටව පිරිමැදිය යුතුයි.

4.ස්පොන්ච් කැබැල්ලට පිරිසිදු කළ නොහැකි අහුමුලු දත්බුරුසුවක් යොදා ගනිමින් පිරිසිදු කරන්න.

5.පිරිසිදු කර අවසානයේ සබන් පෙණ සෝදා වියළි ටවල් එකකින් සුමටව රවුමට පිසදා වියළා ගන්න.

6. ඉන්පසු ඇලුමිනියම් ෆොයිල් එකක් ගෙන ක්‍රෝම් කොටස් හොඳින් පිරිමදින්න. ඒකෙන් ක්‍රෝම් වලට දිදුලන පෙනුමක් ගෙනඑනවා.

දෙවන ක්‍රමය
1. උණු වතුර හා සබන් වලට අමතරව ක්‍රෝම් කොටස් පිරිසිදු කරගත හැකි දෑ පහතින්.

බේබි ඔයිල් – ක්‍රෝම් කොටස් පිරිසිදු කිරීම හොඳ ක්‍රමයක්. මේකෙන් ක්‍රෝම් පිරිසිදු වෙනවා විතරක් නෙවෙයි දිදුලන පෙනුමකුත් ගෙන එනවා. ඒ විතරක් නෙවෙයි ක්‍රෝම් මත වැටුනු කහට පැල්ලම් පවා මෙමඟින් ඉවත් වෙනවා.

විනාකිරි – මෙහි අඩංගු ඇසිඩ් ගතිය ක්‍රෝම් පිරිසිදු කිරීමට කදිම උපක්‍රමයක්. ස්ප්‍රේ බෝතලයකට විනාකිරි දමා ක්‍රෝම් කොටස් මත ස්ප්‍රේ කරන්න. ඉන්පසු පිරිසිදු රෙදි කැබැල්ලකින් පිරිමදින්න. ක්‍රෝම් කොටස් පිරිසිදුවී දිදුලන පෙනුමක් ගෙනදෙයි.

එතනෝල් – මේකත් විනාකිරි වගේම තමයි. ඒ ආකාරයටම ස්ප්‍රේ කර පිරිමැද ක්‍රෝම් කොටස් පිරිසිදු කර ගත හැක.

කොකාකෝලා – රෙදි කැබැල්ලක් කොකාකෝලා වලින් තෙමා ක්‍රෝම් කොටස් හොඳින් පිරිමදින්න. වෙනස ඔබටම බලාගත හැක.

දෙහි සහ බේකින් සෝඩා – දෙහි ගෙඩි බාගයක් මිරිකා එයට බේකින් සෝඩා කලවම් කර ක්‍රෝම් කොටස් වල ආලේප කරන්න. ඉන්පසු උණු වතුරෙන් සෝදන්න.

2. ඉහත ඕනෑම ආකාරයකට පිරිසිදු කරගත් පසු වියළි ටවල් එකක් ගෙන ක්‍රෝම් කොටස් හොඳින් පිසදාගන්න. රවුමට
සුමටව පිසදාගන්න.

තෙවන ක්‍රමය – ක්‍රොම් පොලිශ් කරගන්න ආකාරය
1. ඇලුමිනියම් ඔක්සයිඩ් යොදන්න. ක්‍රොම් මතුපිට ඇති මේ ඇලුමිනියම් ඔක්සයිඩ් වලට ඉවත් කරන්න පුලුවන්. ඒවා ඉවත්වූ පසු ක්‍රෝම් දිලිසෙන ගතිය නැවත පැමිණේ. මෙය වියළි ටවල් එකකට දමා ආලේපකර පිසදාන්න.

2. ස්ටීල් වූල් එකකින් පිරිමදින්න.
ක්‍රෝම් කොටස් හොඳටම අවර්ණවී ඇත්නම්, ඒ මත මලකඩ ඇවිත් ඇත්නම් එම මලකඩ ගතිය කැපී යෑමට මුලින්ම ස්ටීල් වූල් එකකින් පිරිමදින්න.

3. වැක්ස් යොදන්න
ක්‍රෝම් සඳහා වැක්ස් වර්ග වෙළඳපොලේ එනවා. රෙදිකැබැල්ලක් ගෙන වැක්ස් යොදා ක්‍රෝම් මතුපිට ආලේප කර හොඳින් පිරිමදින්න.

4. සියල්ල අවසානයේ වියළි රෙදි කැබැල්ලක් දෙන තෙතගතිය, ඇඟිලි පාරවල් ඔක්කොම මැකෙන්න හොඳින් ඔපදමන්න.

ඔබ ක්‍රෝම් කොටස් පිළිබඳ එතරම් සැළකිලිමත් නොවූයේ නම් ඒවා පිරිසිදු කළ පසු වෙනස ඔබටම දැකගත හැක.

(Visited 1,755 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment