Torque Converteරේ ගැන දැනගනිමු

62

අපි හැමෝම වගේ දන්න කාරණයක් තමයි මැනුවල් ගියර් පද්ධතියක ක්‍රියාවලිය. ඒහිදී එන්ජිම ගියර් පද්ධතියට සම්බන්ධ වෙන්නෙ ක්ලච් එකෙන්. ඉතිං මේ සම්බන්ධතාවය නොමැතිව වාහනයක් ස්විච්යෙන් නවත්වනවා හැරෙන්නට වෙන නවත්තන්නට ක්‍රමයක් නැත. හැබැ‍යි ඔටෝ ගියර් වාහන වලට එනකොට ඔටෝ ගියර් පද්ධතිය තුළ එන්ජිම ගියර් පද්ධතියෙන් වෙන් කිරීමට ක්ලච් එකක් නොමැත. ඉතිං ඔටෝ ගියර් පද්ධතිය තුළ ඒ වෙනුවට තියෙන්නෙ මේ අපි කියන්න යන torque converter එක. අපි අද කතා කරමු අන්න ඒ ගැන.

කොහොමද මේ torque converter එක වැඩ කරන්නෙ?
මැනුවල් වාහනවල වගේම ඔටෝ වාහනවලත් වාහනයේ රෝද සහ ගියර් නැවතී ඇති අවස්ථාවල එන්ජිම කැරකෙන්න ක්‍රමයක් අවශ්‍යයි. මැනුවල් වාහනවල නම් ක්ලච් එකෙන් එන්ජිමයි ගියර් පද්ධතියයි වෙන් කරන නිසා එන්ජිම තනිව කැරකෙනවා. ඔටෝ වාහනවල torque converter එක එම කටයුත්ත කරනවා.

මේක ඇත්තටම fluid coupling එකක්. ඒ කියන්නෙ මෙහි සම්බන්ධකය ලෙස ක්‍රියාකරන්නෙ ද්‍රවයක්, ඒ කියන්නෙ ගියර් ඔයිල්. ඒ මඟින් එන්ජිමට ස්වාධීනව කැරකීමට ඉඩ සලසා දෙනවා. එතකොට වාහනේ එන්ජිමේ වේගය අඩු වෙනකොට ඒ කියන්නෙ වාහනේ නවත්වනකොට torque converter එක මඟින් කැරකැවෙන වාර ගණන අඩු කරනවා. හැබැයි ඒත් ලාවට බ්‍රේක් එක පාගගෙන ඉන්න ඕන. ඔබ නැවත ගමන් ආරම්භ කරනකොට එන්ජිමේ වේගය වැඩිවී පොම්පය විසින් වැඩිපුර ඔයිල් torque converter එකට ලබාදෙනවා. එතනින් රෝදවලට යන කැරකැවුම් වාර ගණන වැඩිවෙනවා. හරි ඕක තමයි සරලම කතාව.

අපි දැන් බලමු මෙහි ඇතුළත ක්‍රියාවලිය විස්තර සහිතව.

Torque converter එක මූලිකවම කොටස් 4යි.
Pump
Turbine
Stator
Transmission fluid

හරි මුලින්ම ගත්තොත් මේකෙ housing එක, ඒක කෙළින්ම සම්බන්ධ වෙලා තියෙන්නෙ එන්ජිමේ flywheel එකට. ඉතිං මේක එන්ජිම කැරකෙන වේගෙන්ම කැරකෙනවා. ඊට පස්සෙ පොම්පයේ fins ටික සම්බන්ධ වෙලා තියෙන්නෙ මේ housing එකට. ඒ ටිකත් එන්ජිම කැරකෙන වේගෙන්ම කැරකෙනවා. මේ පොම්පය වැඩකරන්නෙ කේන්ද්‍රාපසාරීව. ඉතිං මේක කැරකෙන්නෙ ඔයිල් එළියට විසිවෙන ආකාරයට. හරියට නිකම් වොශින් මැෂින් එකක් වගේ. අර අපි කියපු පොම්පයෙන් විසිවෙන ඔයිල්, ටර්බයින් බ්ලේඩ් හරහා ටර්බයින් එකට ඇතුළ් වෙනවා. එවිට මැද රික්තයක් ඇති වෙනවා. එම රික්තය නිසා ඔයිල් මැදට ඇදෙනවා. මැදට ඇදුනු ඔයිල් නැවත පොම්පයට ඇතුළ්වෙනවා. ඕක තමයි පොම්පය හා ටර්බයින් එක අතර ක්‍රියාවලිය.

ඉතිං මේ ටර්බයින් එක සම්බන්ධ වෙලා තියෙන්නෙ ගියර් පද්ධතියට. මූලික වශයෙන් වාහනේ රෝද කැරකෙන්න මෙතනදි. ටර්බයින් එක කැරකෙනකොට ගියර් පද්ධතිය කැරකෙන්න පටන්ගන්නවා. එතකොට මේ පොම්පෙන් කැරකිලා එන ඔයිල් වලීන් ටර්බයින් එක කැරකෙන්නෙ කොහොමද? ඒක වෙන්න ටර්බයින් බ්ලේඩ් වල හැඩය නිසා. ඒ කියන්නෙ ටර්බයින් බ්ලේඩ් හැඩකරලා තියනකොට එළියෙන් ඇතුල්වන ඔයිල් මැදින් පිටවෙන්නෙ ප්‍රතිවිරුද්ධ දිශාවෙන්. ඒක ටර්බයින් එක කැරකෙන්න හේතුවෙනවා. හැබැයි ටර්බයින් එකට ඔයිල් ඇතුල්වෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඔයිල් පිටවුනාම ඔයිල් හා පොම්පය අතර ඝට්ටනයක් ඇතිවෙන්න පුලුවන්. ඒක බලය අපතේ යෑමක්. අන්න ඒක වලක්වන්න තමයි torque converter එකේ stator කියලා කොටසක් තියෙන්නෙ.

ඉතිං මොකක්ද මේ stator එකෙන් වෙන්නෙ?
මේක තියෙන්නෙ torque converter එකේ හරිම මැද. මෙයාගෙ මූලිකම කාර්ය තමයි ටර්බයින් එකෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට කැරකී එන ඔයිල් පොම්පයට යෑමට පෙර නැවත නිවැරදි දිශාවට හැරවීම. මේකෙන් torque converter එකේ කාර්යක්ෂමතාව වැඩිවෙනවා. මේකෙ තියන බ්ලේඩ් සෙට් එක සම්පූර්ණයෙන්ම ඔයිල් එන දිශාව වෙනස් කරනවා. මේක ඇතුලෙ one-way clutch එකක් තියනවා, ඒක සම්බන්ධවෙලා තියෙන්නෙ transmission එකේ fixed shaft එකකට. ඒමඟින් stator එක ඔයිල් සමඟ කැරකෙන්නෙ නැතුව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට කැරකෙනවා.

මේ කතන්දර ඔක්කෝටම අමතරව වාහනේ නවතිනකොට එන්ජිම නවතින්නෙ නැතිවෙන්න තියාගන්න torque converter එකෙන් වැඩිපුර බලයකුත් දෙනවා. නවීන torque converter වල torque එක දෙගුණ තෙගුණ කිරීමේ හැකියාවකුත් තියනවා. වේගය වැඩිවෙන්න වැඩිවෙන්න එන්ජිමේ වේගය හා ගියර් පද්ධතියේ වේගය එකතැනකදි සමාන වෙනවා. අන්න ඒ අවස්ථාවෙදි බලය නාස්තිවීමක් සිදුවෙනවා. ඔන්න ඔය බලය නාස්තිවීම තමයි ඔටෝ ගියර් වාහන මැනුවල් වාහන වලට වඩා ඉන්ධන භාවිතය වැඩිවීමට හේතුවෙන්නෙ.

(Visited 1,378 times, 2 visits today)
Share This:

Related posts

Leave a Comment