ඔටෝ ගියර් ලෙඩ – ගියර් delay වීම

61

පසුගිය ලිපියෙන් අපි කතා කළා ඔටෝ ගියර් වාහනයකට එන්න පුලුවන් එක ලෙඩක් ගැන. අද අපි කතා කරමු තවත් ලෙඩක් ගැන. මේක තමයි Automatic Transmission Delayed Engagement. මේ ලෙඩේ ලක්ෂණ අපි බලමු පහතින්.

ගියර් එක D එකට දාලා තිබියදීත් වාහනය ධාවනය නොවීම
ගියර් එක දැම්මට ගියර් එක වැටෙන්න ප්‍රමාදවීම ( ගියර් එක වැටෙන විට අනවශ්‍ය ලෙස ගැස්සීම )
ධාවනය ආරම්භයේදී වාහනය පැන පැන යාම
ගියර් එක දමන විට ඇතිවන අනවශ්‍ය ශබ්දය
D එකට හෝ රිවස් එකට දැම්මද රේස් කරන තුරු වාහනය නිවුට්‍රල් තිබීම
පාක් එකේ හෝ නිවුට්‍රල් එකේදීත් වාහනය ගමන් කිරීමට උත්සහ කිරීම
ගියර් ලිවරය එහා මෙහා කිරීමේ අපහසුව හා තද ගතිය

ගොඩක් වෙලාවට මේක වෙන්නෙ උදේ වරුවෙ හෝ එහෙමත් නැත්නම් වාහනය බොහෝ වේලාවක් නවත්වා තබා නැවත යාමට හදන වේලාවේ. ඒ වගේම තමයි මේ ලෙඩේ වාහනය ටික දුරක් ගමන් කරාට පස්සෙ හරි යනවා. ඉතිං එතනින් එහාට වාහනයේ ගියර් පද්ධතිය සාමාන්‍ය ආකාරයට ක්‍රියාකරනවා. ඒ නිසා ගොඩක් අය මේ ගැන සැළකිලිමත් වන්නේ නෑ. ඉතිං මේක වාහනයට කොච්චර හානිදායකද? transmission එක ඇතුළෙ තියනවා clutches සහ bands. මේවගෙන් තමයි වාහනය ධාවනය කරවන්නෙ. ඉතිං transmission එක අභ්‍යන්තරයේ ඇති සීල් නිතර ඔයිල් ගැවසීම නිසා කාලයත් එක්ක ගෙවුනම හෝ තදගතියෙන් වැඩිවුනාම ඔයිල් පීඩනය නිසියාකාරව ක්‍රියාවලිය හරහා යන්නෙ නෑ. ඉතිං වැඩේ පරක්කු වෙනකොට ගියර් වැටෙන්නත් පරක්කු වෙනවා. ඉතිං අපි රේස් කරන්න රේස් කරන්න මොකද වෙන්නෙ? එන්ජිමෙ වේගය වැඩි වීමෙන් ඇතිවන ඝර්ශණය නිසා clutches සහ bands වලට හානිවෙනවා. වැඩ වැඩිවෙනවා. ඒ නිසා මේ සීල් ඉක්මනට මාරුකරගෙන හානිය අවම කරගන්න ඕන.

ඊට අමතරව අපි මොකද කරන්න ඕන?
අපි කලින් ලිපියෙන් කිව්වා වගේ මොනදේ කරන්නත් කලින් ඔයිල් චෙක් කරලා ඉන්න. ඔයිල් අඩු නම් ඉක්මණින් ඔයිල් දාන්න. හැබැ‍යි නිතර නිතර ඔයිල් අඩුවෙනවා නම් අනිවාර්යයෙන් කොහේහරි ලීක් එකක් තියෙන්න ඕන. ඒවගේම තමයි ඔයිල් එකේ පාට චෙක් කරන්නත් අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් තද රතු තමයි තියෙන්න ඕන. දුඹුරු පැහැයට හැරිලා තිබ්බොත් ඔයිල් වල කාලෙ ඉවරයි. මාරු කරන්න ඕන.

ඊළඟට බලන්න ඕන ඔයිල් ෆිල්ටර් එක. ඔයිල් ෆිල්ටර් එක අවහිර වීම නිසාත් ගියර් ක්‍රියාවලිය නිසියාකාරව සිදුනොවෙන්න පුලුවන්. මේක නිතර මාරුකරන ෆිල්ටර් එකක් නෙවෙයි. හැබැයි කාලයත් එක්ක මාරුකළ යුතුයි. මතක තියාගන්න transmission සම්බන්ධ ගැටලු පරීක්ෂා කළ යුත්තේ වාහනය ස්ටාර්ට් කිරීමෙන් පසුවයි.

ඔබ ගියරය දැමු සැනින් ගියරය වැටෙන්නෙ නැත්නම් එතන අනිවාර්යයෙන් ලෙඩක්. වෑල්, වෑල් බොඩි එකට ඇලීම නිසාද ගියර් වැටීම පරක්කු වෙන්න පුලුවන්. මොකක්ද මේ වෑල් බොඩි එක? මේකෙන් තමයි pressurized transmission fluid, valves network වලට යවා ඒ හරහා clutch packs වලට යවන්නෙ. එතකොට තමයි ගියර් සුමටව මාරුවෙන්නෙ. ඒ නිසා අනිවාර්යයෙන් වෑල් බොඩි එකත් චෙක් කරන්නම ඕන. අලුත් වාහනවල නම් මේක කෙරෙන්නෙ computer device එකකින්. එක ලෙඩ දුන්නොත් අලුතින් දාන්න වෙනවා.

ඒ වගේම automatic transmission වල අඩංගු වෙනවා spring-loaded dampeners එහෙමත් නැත්නම් accumulators. මේක තමයි ගියර් සුමටව මාරුවීම සහතික කරන්නෙ. ඉතිං ගියර් මාරුවෙනකොට ගැස්සෙනවා නම් ගියර් එක තදයි නම් පරීක්ෂා කරන්න ඕන එතන.

ඒ වගේම වාහනේ Low gears සහ reverse එක ලෙඩ නම් බලන්න ඕන torque converter එක. මේකට කියන්නෙ one-way clutch එකක් කියලා. මේකෙන් තමයි gear components එකම පැත්තට කරකවන්නෙ. ඉතිං ඒක ලෙඩ නම් low gears සහ රිවස් එක ලෙඩ. මේ දේවල් ගැන සවිස්තරාත්මකව කතා කරන්න අපි බලාපොරොත්තුවන්නේ නෑ. මොකද එහි ඇති සංකීර්ණතාවය හා නිවසේදීම මේවා අලුත්වැඩියා කිරීමට ඇති අපහසුව නිසා. කොහොම නමුත් මේ දේවල් ගැන මූලික දැනුම තිබීම වැදගත්. අන්න ඊට අදාල දේවල් පමණයි අප කතා කලේ.

(Visited 1,614 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment