දැනගෙන Tint කරමු

57

ගොඩක් අය වාහන ටින්ට් කරනවා. ඒ ඇයි කියලා ඇහුවොත් ඉර එළිය නිසා හරි රස්නෙ නිසා හරි කියලා තමයි කියන්නෙ. හැබැයි ගොඩක් අය දන්නෙ නෑ වාහන වලට ගහන ටින්ට් වර්ග මොනවද හෝ ටින්ට් කරන හේතු මොනවද කියලා. ටින්ට් කියන්නෙ නිකම්ම නිකම් කලුපාට ස්ටිකර් එකක් නෙවෙයි. හරි අපි මුලින්ම බලමු වාහනයක් ටින්ට් කරන්න හේතු මොනවද කියලා.

වාහනය තුළ උෂ්ණත්වය අඩුකිරීමට
වාහනය තුළ සිසිලස ආරක්ෂා කරගැනීමට
UV කිරණ වලින් වාහනය ඇතුළත ආරක්ෂා කරගැනීමට
වාහනයේ ගමන් ගන්නා පුද්ගලයන්ගේ හා වාහනය තුළ ඇති බඩුබාහිරාදියෙහි රහස්‍යබාවය හා ආරක්ෂාවට
වාහනයේ අලංකාරයට
වාහනයේ වීදුරු සීරීම වලින් වළකාගැනීමට

හරි අපි දැන් බලමු මොනවද මේ ටින්ට් වර්ග කියලා.

Dyed Window Film
Dyed Window Film හදලා තියෙන්නෙ ඇලෙන ලේයරයට හා ආරක්ෂිත polyester top coating එක අතරට ඩයි එකතු කිරීමෙන්. ඇලෙන ලේයරය වීදුරුවට ඇලවෙන අතර මතුපිට top coating එක වීදුරුව ආරක්ෂා කරනවා. මැද ඇති ඩයි එක මඟින් ආලෝකය අවහිර කරයි. මේ ටින්ට් එකට පුලුවන් වාහනය තුළට එන ආලෝකයෙන් 5%-50% අතර ප්‍රමාණයක් අවහිර කරන්න.

වාසි
Dyed film මඟින් වීදුරු වලට තද අඳුරු පෙනුමක් ගෙනදෙයි.
රේඩියෝ තරංග අවහිර නොකරයි, ඒ නිසා ග්ලාස් ඇන්ටනාවට කිසිදු කරදරයක් නෑ
හිරු එළියට දුර්වර්ණ නොවේ
අනිත් වාහන වලින් එන තද හෙඩ්ලයිට් ආලෝකය හෝ වෙනත් ඉතා දීප්තිමත් ආලෝකයන් අවහිර කරයි.
මෙම වර්ගයේ ටින්ට් මිළෙන් අඩුයි

අවාසි
හරියට ඇලෙව්වෙ නැත්නම් බබල් මතුවෙනවා
මෙය ආලෝකයෙන් ආරක්ෂා කලද තාපයෙන් ආරක්ෂා නොකරයි
මෙය ඉතා සිහින් බැවින් මෙහි ලේයර් වෙන වෙනම වෙන්වී යාහැක
කාලයත් සමඟ UV කිරණ නිසා මෙහි ඩයි එක විනාශවී කලු පැහැය දම් පැහැ විය හැක.

Metalized Window Film
ලේයර් කිහිපයකින් සමන්විත මෙම ටින්ට් එකෙහි මුල් ලේයරය ඇලෙන සුලු වන්නේ වීදුරුවට ඇලීමටය. ඉන්පසු ඇති ලේයරය UV කිරණ අවහිර කළ හැකි ලෙස නිමවා ඇත. ඉන්පසු ඇති ලේයරය metalized (ලෝහමය ආලේපය) ලේයරයයි. එමඟින් තාපය හා ආලෝකය අවහිර කරයි. අවසාන ලේයරය වීදුරුව සීරුම් වලින් ආරක්ෂා කරන top coat ලේයරයයි. මේ ටින්ට් එක ආලෝකය හැරෙන්නට අනෙක් සියලුදෑ මුලුමනින්ම අවහිර කරන අතර ආලෝකය අවහිර කරන්නෙ 10%-40%කි.

වාසි
තාපය වාහනය තුළට ඇතුල්වීමට පෙර පරාවර්තනය කරන බැවින් තාපය අවහිර කිරීම ඉතා කාර්යක්ෂමයි
දීප්තිමත් ආලෝකය ඇතුළ්වීම වළක්වයි
UV කිරණ සම්පූර්ණයෙන්ම අවහිර කරයි
කාලයත් සමඟ දුර්වර්ණ නොවේ
කල්පැවැත්ම වැඩියි

අවාසි
මෙම ටින්ට් එක නිසා රේඩියෝ තරංග වලට බාධා පැමිණිය හැක, ඒවගේම මොබයිල් සිග්නල්ද අවහිර විය හැක
Tire pressure monitoring system එක නිසිලෙස ක්‍රියානොකිරීමට ඉඩ ඇත
ලෝහමය ආලේපය නිසා වීදුරු වලට දිලිසෙන පෙනුමක් ගෙනෙයි
ඩයි ටින්ට් එකට වඩා මිලෙන් වැඩිය

Hybrid Tinting Film
මෙම ටින්ට් එක නිපදවා ඇත්තේ dyed සහ metalized films වල ඇති වාසි සහ අවාසි සැළකිල්ලට ගෙනය. මූලිකවම මෙම ටින්ට් එකේ අඩංගුවන්නේ ඇලෙන ලේයරය, ඩයි ලේයරය, ලෝහ ආලේපිත ලේයරය සහ මතුපිට ආරක්ෂිත ලේයරයයි. මේ සියලුම ලේයර් ලැමිනේට් එකකින් එකට කොට ඇත. මෙයින් ආලෝකය 5%-50% අවහිර කරයි.

වාසි
ලෝහ ආලේපය නිසා තාපය පරාවර්තනය කරයි
ආලෝකය සහ UV කිරණ අවහිර කරයි
ලෝහමය ආලේපය නිසා අවර්ණවීම වළකයි
ලෝහමය ආලේපය නිසා කල්පැවැත්ම වැඩියි
මෙහි ලෝහමය ආලේපය පෙර ටින්ට් වර්ගයට වඩා අඩු බැවින් මොබයිල් සිග්නල්, රේඩියෝ තරංග අවහිර වන්නේ නැත
ඩයි අඩංගු නිසා වීදුරු දීප්තිමත්වීම අවමයි
Metalized film වලට වඩා මිලෙන් අඩුයි

අවාසි
මෙය dyed film වලට වඩා මිලෙන් අධිකයි.

Carbon Window Film
මෙහි අඩංගුවන්නේ ඇලුනු ලේයරයට සබැඳුනු කාබන් අංශු සහිත ලේයරයක් සහ ඊට උඩින් ආරක්ෂිත ලේයරයකිනි. මෙම කාබන් අංශු තාපය, ආලෝකය අවහිර කරනවා විතරක් නෙවෙයි ඩයි වගේ අවර්ණ වෙන්නෙත් නෑ. මෙහි ආලෝකය 40% දක්වා අවහිර කරයි.

වාසි
තාපය සහ ආලෝකය පරාවර්තනය කරයි
UV කිරණ අවහිර කරයි
ලෝහ අඩංගු නොවන නිසා රෙඩියෝ තරංග සහ මොබයිල් සිගනල් කිසිදු අවහිරයකින් තොරව ගමන් කරයි
වීදුරු දුර්වර්ණ නොවීම
දිගුකල් පැවැත්ම
වීදුරු දීප්තිමත් නොවීම

අවාසි
මෙහි ඇති එකම අවාසිය නම් සෙරමික් මෙන්ම මිලෙන් අධික වීමයි

Ceramic Film
මෑත කාලීනව ආපු ටින්ට් වර්ගයක් තමයි මේක. මේක හදලා තියෙන්නෙ ඇලෙන ලේයරයට සබැඳුනු සිහින් සෙරමික් ලේයරය සහ මතුපිට ආරක්ෂිත ආවරණයකිනි. සෙරමික් තාපය සහ ආලෝකය පරාවර්තනය කරයි. ආලෝකය 30%-50% අවහිර කරයි.

වාසි
තාපය අවහිර කිරීම ඉතාමත් කාර්යක්ෂමයි
UV කිරණ අවහිර කරයි
දුර්වර්ණ නොවේ
රෝඩියෝ තරංග කිසිදු කරදරයකින් තොරව ගමන් කරයි
වීදුරු දිලිසෙන්නේ නැත

අවාසි
මෙහි ඇති එකම අවාසිය නම් අනෙක් සියලුම වර්ග වලට වඩා මිලෙන් අධික වීමයි.

තව වෙළඳපලෙහි කාබන් සහ සෙරමික් එක්කොට සෑදූ නැනෝ කාබන් සෙරමික් ටින්ට් වර්ගයක්ද ඇත. මෙය කාබන් වල සහ සෙරමික් වල වාසි අවාසි සළකා නිපදවා ඇත.

ලංකාවෙ වාහන ටින්ට් කිරීමට අදාල නීතිමය තත්වය මොකක්ද?
දැනට ලංකාවේ පවතින නීතිමය තත්වයට අනුව වාහනයේ ඉදිරිපස වීදුරු අඳුරු කළ හැක්කේ 25%ක් පමණක් වන අතර වාහනයේ පසුපස වීදුරු අඳුරු කළ හැක්කේ 50%ක් පමණි.

ඉතින් ඔබත් වාහනය ටින්ට් කිරීමට පෙර ඔබගේ අවශ්‍යතාවයට අතේ ඇති මුදලට ගැළපෙන ටින්ට් වර්ගය තෝරාගෙන වාහනය ටින්ට් කරන්න.

(Visited 4,575 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment