මොකක්ද මේ O/D ?

56

ඔබ ඔටෝ ගියර් වාහනයක් පදින්නෙක්ද? එසේනම් බොහෝවිට ඔබ දැක ඇති ඔබගේ ගියරයේ ශිෆ්ට් නොබ් (shift knob) එක අසල තවත් පොඩි button එකක්. එහි සමහර වාහන මාදිලිවල O/D ලෙසද සඳහන් කර ඇත. මේ මොකක්ද මේකෙන් මොකද්ද වෙන්නෙ. අද කතාව ඒ ගැන.

මේ button එක හඳුන්වන්නෙ over drive එහෙමත් නැත්නම් O/D button එක ලෙසයි. මේක ඔබගේ වාහනයේ ඔටෝ ගියර් පද්ධතිය ක්‍රමවත්ව ක්‍රියාකරවීමට ආපු button එකක්. එහෙනම් ඔබට හිතෙන්න පුලුවන් ඇයි මේක අමතරව ආවෙ කෙලින්ම ගියර් පද්ධතිය තුළ තිබ්බා නම් හරිනෙ කියලා. හැබැ‍යි මේ button එක කොතරම් ප්‍රයෝජනවත්ද කියලා ඔබට හිතෙයි මේ ලිපිය අවසානයේ.

ඇත්තටම මේකෙන් මොකක්ද වෙන්නෙ?
දෙන්න පුලුවන් කෙටිම පිළිතුර තමයි O/D button එක ඔබගේ ඉන්ධන සඳහා යන මුදල් ඉතිරි කරයි. ඒ කියන්නෙ ඉන්ධන පිරිමැසුම් කරයි. හැබැයි මේ button එක නවීන වාහන වල නම් එන්නෙ නෑ. නවීන වාහන වල මේක automatically ON OFF වෙන විදිහට gear system එකට install කරලාමයි එන්නෙ. එතකොට වාහනය 70kmph පනිනකොට O/D automatically ON වෙනවා. O/D කියන්නෙ වාහනයක තියන ලොකුම ගියර් එක. O/D එක බලන්නෙ අපි දෙන වේගයට වාහනය අඩු rpm එකක තියාගෙන ධාවනය කරන්න. ඉතින් මේ නිසා ඉන්ධන කාර්යක්ෂමතාව වැඩියි. ගොඩක් වෙලාවට අධිවේගී මාර්ගයක ධාවනය කරනකොට O/D දාගෙන යෑම සුදුසුයි. ඔබ O/D button එක ON කරලා තිබ්බොත් වාහනය 70kmph පනිනකොට over drive mode එකට වැටෙනවා. හැබැයි ඉතින් ලෝඩ් එක වැඩි නම් over drive mode එකට වැටෙන්නෙ නෑ. උදහරණයක් විදිහට ඔබ යමක් ඇදගෙන යනවා නම් හෝ කන්දක් නගිනවා නම් O/D එකෙන් direct drive එකට වැටෙනවා. ඒවගේම එන්ජින් බ්‍රේක් කරන වෙලාවට O/D OFF කරලා තියන්න. උදාහරණයක් ලෙස කන්දක් බැසීම ගත හැක. ඉතින් සමස්තයක් විදිහට බැලුවම දුර ගමන් වලට විශේෂයෙන්ම තැනිතලාවේ, O/D ON කරතැබීම හොඳයි. කඳු සහිත මාර්ගවල ධාවනයට O/D OFF කරතැබීම හොඳයි.

RPM කියන්නෙ තත්පර 60ක් තුළ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක සම්පූර්ණ අංශක 360ක් කැරකෙන වාර ගණනනේ. බොහෝ වාහනවල ඩෑෂ්බෝඩ් එකෙහි මීටරයෙන් ඔබගේ වාහනයේ rpm එක බලාගන්න පුලුවන්. මේ මීටරේ බලන්න අග රතු පැහැති කොටසක් තියනවා. ඒ කියන්නෙ danger zone කියන එක. එහෙමත් නැත්නම් ඉහළ ගියරයකට නොදමා නොයායුතු කොටසයි. වාහනේ rpm එක වැඩිවෙන්න වැඩිවෙන්න වාහනය දැඩි වෙහෙසක් දරා ඔබට අවශ්‍ය වේගය සහ බලය ලබාදෙයි. O/D එකෙන් වෙන්නෙ ඒ වෙහෙසට උදව්වක් දීමයි.

ඔයගේ O/D එක ON නම් rpm එක තියෙන්නෙ බොහෝම අඩු මට්ටමක. ඒ කියන්නෙ වාහනේට ලැබෙන්නෙ අඩු බලයක්. හැබැයි ඔබ O/D OFF කළ විට වාහනයෙහි බලය වැඩිවේ. ඒ කියන්නෙ ඔබට අමතර බලයක් එහෙමත් නැත්නම් අමතර බූස්ට් එකක් අවශ්‍ය විට O/D එක OFF කරන්න.

කොහොමද O/D ON කරන්නෙ?
සාමාන්‍යයෙන් හැකි සෑම වෙලාවකම මේ function එක use කරන්න තමයි මේක නිශ්පාදකයා අපිට එවලා තියෙන්නෙ. ඒ නිසා O/D button එක press කරාම වෙන්නෙ O/D function එක OFF වෙන එක. බොහෝ වාහන ඇත්තේ එලෙසයි.

(Visited 5,480 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment