කැලිපර් පේන්ට් vs කැලිපර් කවර

55

කැලිපර් කවර දාන්න හිතුවද? එහෙමත් නැත්නම් කැලිපර් පේන්ට් කරන්න හිතුවද? හරි අද අපි කතා කරමු ඒ ගැන. බ්‍රේක් කැලිපර් කියන්නෙ කොහොමත් පිරිසිදුව ලස්සනට තියන දෙයක් නෙවෙයි. කුණු දුහුවිලි වගේම මලකඩද රැඳෙන තැනක් තමයි බ්‍රේක් කැලිපර් කියන්නෙ. පල්ස් සයිස් සිහින් ස්පෝක් වීල් තියන වාහනයක මේ කැලිපර් එළියට පේන්න ගන්නවා. ඉතිං ඒක වාහනේට කැතයි. ඉතිං මෙන්න මේ මූලික හේතුව නිසානේ අපි කැලිපර් පේන්ට් කරන්නෙ හෝ කවර දාන්නෙ. හරි අපි මුලින්ම බලමු කැලිපර් පේන්ට් කිරීම ගැන.

කැලිපර් පේන්ට් කරනවා කිව්වම ගොඩක් අයට හිතෙන්නෙ මේක වැරදි විදිහට. ඒ කියන්නෙ කැලිපර් පේන්ට් කරන එක අඩු වියදමෙන් කරන බාල වැඩක් විදිහට. හැබැයි ඒ නිකම් පේන්ට් වර්ගයකින් ස්ප්‍රේ කරොත් තමයි. කැලිපර් පේන්ට් කරන්න ඒ සඳහාම කැලිපර් පේන්ට් වර්ග වෙළඳපොලෙහි තියනවා. ඒ වගේම තමයි වාහන නිශ්පාදකයෝ විසින් කැලිපර් කොහොමත් පේන්ට් කරලා තමයි එළියට දාන්නෙ. ඉතිං මේ කැලිපර් පේන්ට් සාමාන්‍ය පේන්ට් වර්ග වගේ ටික දවසකින් පාට යන්නෙ පතුරු යන්නෙ නෑ. ඊට අමතරව වැඩි දියුණු කළ කැලිපර් පේන්ට් වර්ග වෙළඳපොලෙහි තියනවා. මේවට පුලුවන් උෂ්ණත්ව ප්‍රතිරෝධකයක් ලෙස ෆැරන්හයිට් අංශක 900 දක්වා ක්‍රියාකරන්න. ඉතිං කැලිපර් රත්වෙන එක අවම කරගන්නත් පුලුවන්.ඉතිං ඔබ කැලිපර් පේන්ට් කරන්න හිතාගෙන ඉන්නවා නම් කැලිපර් ගලවා හොඳින් පිරිසිදු කර වෙනම පේන්ට් කරන්න. වාහනයේ තියෙද්දිම පේන්ට් කරන්න යන්න එපා. එහෙම වුනොත් පෑඩ්ස් වල, රොටර්ස් වල පේන්ට් ගෑවෙන්න පුලුවන්.

ඔබ පේන්ට් නොකර කැලිපර් කවර දාන්න හිතාගෙන ඉන්නවාද? එහෙනම් මෙන්න ඒ ගැන. වෙළඳපොලේ විවිධ කවර වර්ග විවිධ පාටින් හැඩයෙන් තියනවා. ඔබගේ වාහනයේ මාදිලියට ගැළපෙන එකක් තෝරාගන්න. එහෙමත් නැත්නම් දැන් යුනිවර්සල් කවර එනවා ඕනෑම වාහනයකට ගැළපෙන ලෙස. මතක තියාගන්න Original Brembo වගේ හොඳ brand එකකට යන්න. ඒවා powder-coated ඇලුමිනියම් කවර, ශක්තිමත් වගේම කල්පැවැත්මත් හොඳයි. වෙළඳපොලේ ඇති මිළෙන් අඩු ප්ලාස්ටික් කවර වලට නම් යන්න හිතන්නවත් එපා. අනෙක් අතට කැලිපර් කවර සවිකරන්නත් ලේසී. වාහනය ඔසවා රෝද ගලවා කැලිපරයට කවරය තබා ක්ලිප් එකක් දමා තද කරන්නයි තියෙන්නෙ.

ලස්සන සහ සවිකිරීමේ පහසුවට අමතරව මොනවද කැලිපර් කවරවල තියන වාසි? කැලිපර් කවර නිසා රෝදවලට brake dust වැටෙන එක වළකිනවා. ඒ නිසා රෝද පිරිසිදුයි. ඒවගේම කැලිපර් උෂ්ණත්වය අඩුකරගන්නත් පුලුවන්. හොඳ කැලිපර් කවර heat sink එකක් ලෙස ක්‍රියාකරමින් කැලිපර් උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 30-50ට අඩුකරනවා. හැබැයි හොඳ කැලිපර් කවර වල විතරයි!

හරි ඔන්න අපි බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත කැලිපර් පේන්ට් සහ කැලිපට් කවර ගැන කියා දුන්නා. තෝරාගැනීම ඔබ සතුයි.

(Visited 3,181 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment