Tiptronic පදින්නෙ කොහොමද?

54

ඔටෝ ගියර් පදින්න කම්මැලිද? මැනුවල් පැදලා එපා වෙලාද? ඔය දෙකම තියන ඔප්ෂන් එකක් පදින්න තිබ්බොත් මොකද කියන්නෙ? සමහර විට ඔබ අහලත් ඇති පැදලත් ඇති දන්නවත් ඇති Tiptronic ගැන. දන්න නොදන්න හැමෝම එක්ක අද අපි කතා කරමු tiptronic gear use කරන්නෙ කොහොමද කියලා.

Porsche තමයි මුලින්ම tiptronic gear system එක මුලින්ම වාහන වලට හඳුන්වා දුන්නෙ. මේකෙ මූලිකම සිද්ධාන්තය සරලව කිව්වොත් ඔබ සාමාන්‍ය ඔටෝ ගියර් වාහනයක් පදින ලෙස මෙය පදින අතරතුර එම ගියර් ලිවරයම හෝ වෙනත් ලිවරයක් tiptronic mode එකට දමා මැනුවලි ගියර් මාරුකරමින් ධාවනයේ යෙදිය හැක. මැනුවලි කිව්වට ඉතිං සාමාන්‍ය වාහනයක වගේ ගියර් මාරු කරන්න නෑ. මේකෙ තියෙන්නෙ අර automatic mode එකේ පැදපු ගියර් ලිවර් එකම upshift හෝ downshift කරන්න හරි ස්ටියරින් වීල් එකේ එනවා upshift හෝ downshift කරන්න button 2ක් සහිත paddle shifters. කොහොමද මේ upshift හෝ downshift කරන්නෙ?
මේකෙ එන්නෙ (+) හා (-) ලකුණු 2ක්. (+) ලකුණෙන් upshiftද (-) ලකුණෙන් downshiftද පෙන්නුම් කරයි.

ගියර් ලිවරය වරක් (+) හෝ (-) ලකුණ දෙසට තල්ලු කළ විට ගියරය වැටී ලිවරය නැවත මැදට පැමිණේ. එවිට ඔබට නැවත ඊළඟ ගියරයට යාහැක. මේ ආකාරයට ඔබට අවශ්‍ය පරිදි upshift හෝ downshift කරමින් වාහනය පැදවිය හැක. ස්ටියරින් වීල් එකේ නම් අවශ්‍ය ආකාරයට button press කිරීමයි සිදුකළ යුත්තේ. Tiptronic system එකේ එන්නෙ auto clutch එකක්. ඒ නිසා ඔබට අමුතුවෙන් භාවිත කිරීමට ක්ලච් එක්ක නෑ.

මේක විවිධ වාහන නිශ්පාදකයන් විව්ධ ආකාරයට යොදවා තියනවා. උදාහරණයක් ලෙස Audi වාහනවල five-speed Tiptronic එකෙන් 1, 2 සහ 3 වෙනකම් upshift වෙන්නෙ automatically. වාහනේ නවත්තලා තිබිලා ගමන් කිරීමට පටන්ගන්නකොට මුල් ගියර් 3 වැටෙනවා. හැබැයි එතනින් එහාට නෑ. එතනින් එහාට 3, 4 සහ 5 විතරයි අපිට දාන්න දෙන්නෙ. කොහොම නමුත් ඒ වෙලාවටත් අපි ගියර් නොදා රතු කට්ට පනිනකම් හිටියොත් එයාම ඉතුරු ටිකත් දාගන්නවා. ඒවගේම වාහනයේ වේගය අඩුවෙනකොට එන්ජිම අඩු rpm එකක දුවන එක වලක්වන්න එයාම downshift කරගන්නවා. හැබැයි අපි රතු කට්ට පනින්නෙ නැතුව පැද්දොත් අපිටම downshift කරගන්න පුලුවන්. මේකෙන් වාහනේ එන්ජිම රතු කට්ට පැනීම, ඇණහිටීම වගේ එන්ජිමට අනවශ්‍ය පීඩනයක් ලැබීම වළකනවා.

සමහර වාහනවල තියනවා sport mode එකක්. මේකෙන් වෙන්නෙ අපිට හොඳ sporty ride එකක් ලබාදෙන්න අපි නිසිවේලාවට කලින් ඇක්සලරේට් හෝ downshift කළොත් upshifting delay කරලා එන්ජින් එකේ වේගය උපරිම මට්ටමේ ස්ථාවරව තියලා දෙනවා.

සමස්තයක් ලෙස ගත්තම එන්ජින් එකේ වේගය සහ ක්ලච් එක දියයුතු වෙලාව ගැන ඔලුවෙ මවාගෙන ගියර් මාරුකරන්න අපිට skill එක තියෙන්න ඕන. අවසාන වශයෙන් Tiptronic® කියන්නෙ සමාගමට අයිති registered trademark එකක්. ඕකට විවිධ වාහන නිශ්පාදකයෝ කියන විවිධ නම් පහතින් බලන්න. සමස්තයක් ලෙස මෙම තාක්ෂණයට කියන්නෙ Manumatic කියලා.

Alfa Romeo: Selespeed, Sportronic, Q-System, Q-Tronic
Aston Martin: Touchtronic
Audi: Tiptronic, S-Tronic
BMW: Steptronic
Citroen: EGS, SensoDrive
Chevrolet: TAPshift
Chrysler / Dodge / Jeep / Ram: AutoStick
Ford (Australia): Sequential Sports Shift
Ford (USA): SelectShift
Honda: iShift, S-matic, MultiMatic, SportShift
Hyundai: Shiftronic, HIVEC H-Matic
Infiniti: Manual Shift Mode
Jaguar: Bosch Mechatronic
Kia: Sportmatic
Land Rover: CommandShift
Lexus: E-Shift
Mazda: ActiveMatic, SportMatic (North America)
Mercedes-Benz: TouchShift, G Tronic
Mitsubishi: TC-SST,[2] INVECS, INVECS II, INVECS III, Sportronic, tiptronic,
Allshift
Nissan: Xtronic (also used in “Xtronic CVT”)
Opel / Vauxhall: ActiveSelect, tiptronic
Peugeot: 2Tronic, tiptronic
Porsche: Tiptronic, Tiptronic S
Proton: PROTRONIC
Subaru: Sportshift
Toyota: ECT, Multimode manual transmission
Volkswagen Commercial Vehicles: tiptronic
Volkswagen Passenger Cars: tiptronic inclusive of Direct-Shift Gearbox (DSG)
Volvo: Geartronic
Volvo Trucks and buses: I-Shift

(Visited 3,917 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment