සීට් බෙල්ට් ගැන දැනගනිමු

45

සීට් බෙල්ට් ගැන මොනවද කියවන්න තියෙන්නෙ කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. හැබැ‍යි දන්න නොදන්න හැමෝටම අපි කියලා දෙන්නෙ අද සීට් බෙල්ට් ගැන. මේකට කියලත් කියනවා. සරලවම කිව්වොත් ඔව් සීට් බෙල්ට් එක තියෙන්නෙ වාහනයක ගමන් කරන පුද්ගලයන් වාහනයේ සිදුවන හදිසි ඒ වගේම හානි කරන චලනයන්ගෙන් ආරක්ෂා කරන්න. හදිසි අනතුරකදි වාහනයේ ගමන් කළ පුද්ගලයන් නිසිලෙස එයාර් බෑග් එකට ස්ථාන ගත කරන්න, වාහනයෙන් එළියට විසිනොවී තියාගන්න වගේ පුද්ගලයන්ගේ ආරක්ශාව වෙනුවෙන් නිමැවුනු මෙවලමකි. සීට් බෙල්ට් එක කරන්නෙ ඒ වගේ හදිසි අවස්ථාවල ප්‍රතිවිරුද්ධ බලයක් යොදා එම පුද්ගලයා සිරකරගැනීමයි. හරි ඔය ගැන ඔයිටවඩා කියන එකේ තේරුමක් නෑ. මොකද අපි නොදන්න දෙයක් නෙවෙයි මේක.

සීට් බෙල්ට් වර්ග මොනවද?

Two-point
මේක තමයි අපි නිතර දෙවේලේ දකින් බෙල්ට් එක. මේ බෙල්ට් එකට සම්බන්ධවූ බකල් එක මඟින් මෙම සීට් බෙල්ට් එක දැමූවිට එක් පැත්තක් උරහිස හරහාද අනෙක් පැත්ත ඉණ හරහාද පැමිණ සිරුර හොඳින් තදවේ. මේගැන කියලා දෙන්න දෙයක් නෑ අපි හැමෝම දන්නවා.

Three-point
මේක Y හැඩේ සීට් බෙල්ට් එකක්. මේකත් කලින් සීට් බෙල්ට් එක වගේමයි. හැබැයි මේකේ එන්නෙ වෙනම පටි 2ක්. සීට් එකේ උඩින් හා පහලින් එන මේ පටි 2 තනි බකල් එකකට සම්බන්ධවේ. පෙර ලෙසම උරහිස හා ඉණ තදවන ලෙස මෙය සිරකරගනී.

Belt-in-Seat (BIS)
මේ සීට් බෙල්ට් වර්ගය තියෙන්නෙ රේසිං වලට එනකොට. මේ බේල්ට් එක සම්බන්ධ වෙලා තියෙන්නෙ සීට් එකටමයි. මේ 3, 4, 5, 6 point ලෙස විවිධ ආකාරයෙන් එනවා. මේ සීට් බෙල්ට් එකේ විශේෂත්වය තමයි මෙහි ඉණ හා සම්බන්ධ කොටස සම්බන්ධ වෙන්නෙ කකුල් දෙක මැදින්. ඉණෙන් ඉහළ කොටස සම්බන්ධ වෙන්නෙ විවිධ පටි සමූහයකින්.

3 point බෙල්ට් එකේ උරහිස් 2 දෙපැත්තෙන් පටි 2ක් එන අතර කකුල් 2 මැදින් අනෙක් බෙල්ට් එකට ඇත. 5 point බෙල්ට් එක තමයි ගොඩක් වෙලාවට රේසිං වලට සහ child safety seats වලටත් එන්නෙ. ඒ සීට් බෙල්ට් එකේ කකුල් 2 මැදින් එක පටියක් එන අතර උරහිස් සඳහා පටි 2 බැඟින් 4ක් ඇත. 4 point බෙල්ට් එකත් 5 point එක වගේමයි, හැබැයි ඒකෙ කකුල් 2 මැදින් එන පටිය නෑ. 6 point බෙල්ට් එකේ විශේෂත්වය නම් කකුල් 2 මැදින් පටි 2ක් තිබීමයි. 6 point බෙල්ට් එන්නෙ ගොඩක් වෙලාවට NASCAR වලට.

7 point බෙල්ට් එක ගොඩක් වෙලාට එන්නෙ ගුවන් යානා සහ අභ්‍යවකාශ කටයුතු සඳහා. මේකත් 5 point බෙල්ට් එක වගේමයි හැබැ‍යි මේකෙ අනෙක් පටි සම්බන්ධ වෙලා තියෙන්නෙ ඉණත් සමඟ යානයේ විවිධ කොටස්වලට. උදාහරණයක් විදිහට pilot eject එක parachute එක වගේ දේවල් වලට.

කොහොමද සීට් බෙල්ට් එක වැඩ කරන්නෙ?

Locking retractors
Locking retractors එකෙන් වෙන්නෙ සීට් බෙල්ට් එක පළඳින් පුද්ගලයාට රිසිසේ පැලදීමට රීල් එකක් ආධාරයෙන් බෙල්ට් එක දිගහැරීමට ඉඩ හරින අතරතුර හදිසි ඇදීමකදී ලොක්වීමයි. ඒකනෙ හදිසියෙ සීට් බෙල්ට් එක දාගන්න හැදුවොත් දාගන්න බැරි. ඔව අන්න ඒ විදිහට තමයි රිය අනතුරකදි සීට් බෙල්ට් එක ක්‍රියාකරන්නෙ. මේ locking system එකට කියන්නෙ inertial locking mechanism කියලා. මේක වර්ග 2යි.

webbing-sensitive lock
මේක වැඩ කරන්නෙ සීට් බෙල්ට් එක ඔතපු රීල් එක කැරකෙන විදිහ අනුව. අපි අර මුලින් කිව්වා වගේ රීල් එක සෙමෙන් කැරකෙමින් රීල් එක දිග හැරෙනවා නම් ප්‍රශ්ණයක් නෑ, හැබැයි රීල් එක වේගෙන් කැරකැවෙනවා නම් රීල් එක ලොක් වෙනවා.

vehicle-sensitive lock
මේකට යොදාගෙන තියෙන්නෙ අවලම්බයක් සෘජු පිහිටීමේ සිට වැනෙන ක්‍රියාවලියයි. මේක වැඩ කරන්නෙ හදිසි බ්‍රේක් ගැසීමක් වැනි අවස්ථාවක බෙල්ට් එක එතූ රීල් එක විරුද්ධ අතර කැරකැවීමෙනි. මේකේදි පුද්ගලයාට නිදහසේ එහාමෙහා විය හැක නමුත් රීල් එක විරුද්ධ අතර කැරකැවී පවතී.

Pretensioners and Webclamps
මේවා එන්නෙ නවීන වාහන වලට. මේවා අපි කලින් කියපු සීට් බෙල්ට් වලට වඩා වේගවත්. වාහනයේ ගමන්ගන්න මගීන්ට වියහැකි අනතුරු ඉතාමත් අඩුයි. මේවා ඉතා ක්ෂණිකව ක්‍රියාත්මකවේ. මෙහි වාහනයේ බඳට සම්බන්ධ කළ සෙන්සර් එකක් ඇත. තවත් සමහර සිස්ටම් වල ක්ෂණිකව පිපිරී පිස්ටනයක් හරහා සීට් බෙල්ට් එක ක්‍රියාකරන ගෑස් එකක් ඇත. හැබැයි මේවා ක්‍රියාත්මක වෙන්නෙ හදිසි අනතුරකදි විතරයි. සමහර සිස්ටම් වල අර කියපු සෙන්සර් එකෙන් වාහනේ වේගය අධික ලෙස වැඩිවෙද්දි වගේ අඩුවෙද්දිත් සීට් බෙල්ට් එක තද කරනවා.

Inflatable
මේකෙ අඩංගු වෙන්නෙ බටයක් වගේ පටියක්. හදිසි අවස්ථාවක මේ බටය ගෑස් එකකින් පිරිලා පිම්බෙනවා, හරියට එයාර් බෑග් එක වගේ. ඒකත් හොඳ ආරක්ෂාවක්.

Automatic
මේ සීට් බෙල්ට් වර්ගය ක්‍රියාකරන්නෙ ස්වයංක්‍රීයව. ඒ කියන්නෙ වාහනේ යන පුද්ගයාට අමුතුවෙන් සීට් බෙල්ට් එක පැළඳිය යුතු නෑ. ඔබ වාහනයට නැග්ග පසු එය ස්වයංක්‍රීයවම ඔබට පැළඳේ. මෙහි වර්ග 3කි.

Manual lap belt with automatic motorized shoulder belt
වාහනේ දොර ඇරියවිට දොර frame එකෙහි ඇති track එක දිගේ උරහිස හා සම්බන්ධ පටිය fixed point එකට යයි. දොර වසා වාහනය ස්ටාර්ට් කල පසු නැවත සීට් බෙල්ට් එක දොර frame එක දිගේ උරහිසට පැමිණේ. Lap belt එක මැනුවල් දාගන්න ඕන.

Manual lap belt with automatic non-motorized shoulder belt
මේකත් කලින් එකම තමයි, හැබැ‍යි පටි දෙකම මැනුවල් දාගන්න ඕන.

Automatic shoulder and lap belts
මේකෙ සියලුම දේවල් වෙන්නෙ ස්වයංක්‍රීයව. වාහනේ දොර ඇරිය ගමන් සීට් බෙල්ට් එක වාහනේ මැද සිට දොර දෙසට යයි. ඔබට සීට් බෙල්ට් එක අතරෙන් රිංගා වාහනයට නැගීමට සිදුවන අතර දොර වැසූ පසු නැවත සීට් බෙල්ට් එක fixed point එකට ගොස් සෙට් වෙයි. මෙහි හදිසි අවස්ථාවල බෙල්ට් එක ගලවා ගැනීමට බොත්තමක්ද ඇත.

Automatic seat belt වල අවාසි වැඩියි. මොකද හදිසි අනතුරකදි දොරට හානි වුනොත් හෝ දොර ගැලවිලා ගියොත් සීට් බෙල්ට් නෑ. ඒ වගේම කාලයත් එක්ක ලෙඩ දෙනවා වැඩියි.

(Visited 3,789 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment