OFF-ROAD වාහන ගැන දැනගනිමු – Part 1

40

වාහන ගැන උනන්දුවක් කැමැත්තක් දක්වන අය අතරෙ ඉන්න එක කොටසක් තමයි off roading කියන්නෙ. සරලවම කිව්වොත් off roading කියන්නෙ නිසිලෙස සකස් නොකළ එහෙමත් නැත්නම් සාමාන්‍ය වාහනවලට ධාවනයට අපහසු වැලි, බොරළු, ගංගා, මඩ, හිම, ගල් පර්වත හා වෙනත් ස්වාභාවික මාර්ග තත්වයන් ඔස්සේ එයට ගැළපෙන වාහන යොදාගනිමින් ධාවනය හෝ ක්‍රියාකාරකම් කිරීමයි. ඒ සඳහා යොදා ගන්න වාහන වලට කියන්නෙ ATVs (All-Terrain Vehicle)කියලා. හරි කොහොම නමුත් දන්න නොදන්න හැමෝටම අද අපි කියලා දෙන්න යන්නෙ off road වාහනයක ඔබ දැන සිටියයුතු එම අමතර කොටස් හා ඒවාගෙන් සිදුවන කාර්යයන්. ඒවගේම විශේෂත්වය තමයි කවුරුහරි තමුන්ගෙ SUV එක off roading condition එකට හදාගන්න හිතාගෙන ඉන්නවා නම් මේ ලිපිය වැදගත්වේවී.

Ackerman Angle

1

 

 

 

 

 

 

 

මේකට toe-out turns කියලත් කියනවා. වාහනයක හැරවුම් රෝද දෙකේ හැරවුම් කෝණ වෙනස්. ඒ කියන්නෙ අපි හරවන පැත්තෙ රෝදයට ගමන්කරන්න තියෙන්නෙ පොඩි දුරයි, හැබැයි පිටපැත්තේ රෝදයට ගමන් කරන්න තියන දුර වැඩී. ඒනිසා වැඩේ කාර්යක්ෂම කරගන්න වාහනේ හරවන පැත්තේ රෝදයේ කෝණය වැඩි කරනවා. ඒ කියන්නෙ වමට හරවද්දි වම්පැත්තේ රෝදය වමට හැරවෙනවා වැඩී දකුණු පැත්තෙ රෝදය අඩුයි, හැබැයි දකුණට හරවද්දි දකුණු පැත්තෙ රෝදය දකුණට හැරවෙනවා වැඩී වම්පැත්තේ රෝදය දකුණට හැරෙන්නෙ අඩුවෙන්.

Add-a-Leaf

2

 

 

 

 

 

 

 

අනිවාර්යෙන් off road වාහනයක උස වැඩිවෙන්න ඕන. අමතර දුනුකොල එකතු කරගැනීම තමයි විසදුම. ඒ අනුව මේ රූපයේ තියන විදිහට අමතර දුනුකොල යොදා වාහනය උස්සගන්න පුලුවන්.

Amp Draw
කිසියම් විදුලිය හා සම්බන්ධ කටයුත්තක් කිරීමට අවශ්‍ය ඇම්පියර් පැය ගණන. ඒ කියන්නෙ අපිට off roading වලදි winch එක වගේ විදුලි උපකරණයක් භාවිත කරන්න වුනොත් අපේ වාහනේ බැටරියට සපයන්න පුලුවන් උපරිම බලය. මේක දැනගෙන සිටීම වැදගත්. මොකද off roading කියන්නෙ අනපේක්ෂිත සිදුවීම වලින් පිරිච්ච තැනක්.

Approach Angle

3

 

 

 

 

 

 

වාහනේ කන්දක් නැගීමට හෝ බැසීමට යාමේදී වාහනයේ ඉදිරිපස බම්පර්, බඳ හෝ චැසිය වැනි වාහනයේ ඉදිරිපස කොටස පොළොව ස්පර්ශ වියහැකි උපරිම කෝණය. Off roading වලිදි මේ ගැනත් අවධානෙන් ඉන්න ඕන. රූපය බැලුවොත් ඔබට තවත් පැහැදිලි වේවී.

Articulation

4

 

 

 

 

 

 

වාහනය bump එකක් මතින් යාමේදී හා වලක වැටීමේදී ඇක්සලය පාලනය කරගත හැකි සස්පෙන්ශන් ධාරිතාවය. මෙහිදී වාහනයෙ බඳ කොටස එක මට්ටමට පොළොවට සමාන්තරව තබාගනිමින් ඇක්සලය විෂම පොළෝ මතුපිටෙහි ක්‍රියාකළ හැකි හැකියාව ගැන බැලිය යුතුයි.

Bead Lock

5

 

 

 

 

මේක ලෝහ රිං සෙට් එකක්. මේකෙන් කරන්නෙ පුලුවන් තරම් ටයර් එක හා රිම් එක තද කරලා තියාගන්න එක. අතිදුශ්කර මාර්ගවල යනකොට වගේම ගල් පර්වත තරණය කරන්න tire pressure අඩු කරපු වෙලාවට ටයර් එක රිම් එකෙන් පනින්නෙ නැතිවෙන්න තියාගන්න මේක උදවු වෙනවා.

Bed Bar

6

 

 

 

 

 

 

අපි හැමෝම දන්නවා මේක වානේ බාර් එකක්. ගොඩක් වෙලාවට කැබ් හෝ ට්‍රක් වල බෙඩ් එකට තමයි සවිකරන්නෙ. මේක off road lights සවිකරන්න වගේම බෙඩ් එකේ ප්‍රවාහනය කරන බඩුබාහිරාදිය රඳවන්න උදව්වනවා.

Breakover Angle

7

 

 

 

 

 

 

මේකට කියලත් කියනවා. මේකෙදි වාහනය ගැට්ටක් හරහා යනවිට වාහනයේ මැදකොටස බිම ස්පර්ශ නොවී යාහැකි උපරිම කෝණය ගණනය කරනු ලබනවා.

Bridle

WK2-Recovery-Hook-with-Bridle-Strap-1800-WEB

 

 

 

 

 

 

 

 

මේක ලක්ෂයන් 2ක් එකට සම්බන්ධ කර රඳවා තබාගත හැකි පටියක්. උදාහරණයක් ලෙස තවත් වාහනයක් ඇදීමේදී එම වාහනයේ චැසියේ වම හා දකුණ සම්බන්ධ කර අනෙක් පැත්ත අනිත් වාහනයට සම්බන්ධ කර ඇදිය හැක.

Bull Bar

8

 

 

 

 

 

 

අපි කලින් ලිපියකත් මේ ගැන කත කළා. මේක වාහනේ ඉදිරිපස ආරක්ෂාව සඳහා එන යකඩ හෝ වානේ ආවරණයක්. ඊට අමතරව මේක off road lights, winch වගේ දේවල් සවිකරන්නත් භාවිත කරන්න පුලුවන්.

Bumper Bar

9

 

 

 

 

 

 

 

මේකෙන් වෙන්නෙත් bull bar එකෙන් වෙනවා හා සමාන වැඩක්. මේක බම්පර් එකේ ආරක්ෂාවට එන යකඩ බට වලින් සැදුම්ලත් ආවරණයක්.

Center of Gravity

10

 

 

 

 

 

 

ගුරුත්වකේද්‍රය. අපි මොනවා කරත් මේක ගැන නම් සලකාබලන්නම ඕන. අපි වාහනයක් off road design කරනකොට විවිධ අමතර කොටස් එකතුවෙනවා. ඉතින් අපි වාහනේ ගුරුත්වකේද්‍රය නොසලකා හැරියොත් ප්‍රශ්ණ ගොඩයි. සරලවම කිව්වොත් වාහනේ ඉදිරිපස පසුපස වගේ වම දකුණත් සමබර වෙන්න ඕන. එහෙම නැත්නම් වාහනේ පෙරළෙන්න තියන අවස්ථාව වැඩී.

Coordinated Tow
Off roading වලදි හිරවෙච්ච වාහනයක් තව වාහනයකින් recover කරන්න යද්දි වාහන දෙකම පළමුවර එකවර throttle කිරීම තමයි coordinated tow කියන්නෙ. මේක off road පදින අය අතර තියන method එකක්.

Dead-Man

11

 

 

 

 

 

 

Deadman කියන්නෙ winching කරන්න ඕනවෙන වෙලාට යොදාගන්න fixed anchor point එකට. මේක ගහක් ගලක් වගේ winch එකෙන් අදිනකොට ඒ ශක්තිය දරාගන්න පුලුවන් ඕනෑම දෙයක් යොදාගන්න පුලුවන්.

Departure Angle

12

 

 

 

 

 

 

වාහනේ කන්දක් නැගීමට හෝ බැසීමට යාමේදී වාහනයේ පසුපස බම්පර්, බඳ හෝ චැසිය වැනි වාහනයේ පසුපස කොටස පොළොව ස්පර්ශ වියහැකි උපරිම කෝණය. Off roading වලිදි මේ ගැනත් අවධානෙන් ඉන්න ඕන. රූපය බැලුවොත් ඔබට තවත් පැහැදිලි වේවී.

D-Ring

13

 

 

 

 

 

 

මේක heavy-duty, D හැඩැති වානේ කොක්කක්. මේකට tow straps, චේන්, කේබල් වගේ දේවල් අමුනා කිසියම් දෙයක් අදින්නට හෝ වාහනය සිරවූවිට winch එක සම්බන්ධ කිරීමට හැක.

D-Ring Attachment

14

 

 

 

 

 

 

මෙන්න මේකට තමයි එක සවි කරන්නෙ. මේක සමහර බම්පර්ස් වල වගේම බුල්බාර් වලත් වෙනම තව්වක් විදිහටත් එනවා.

Drum Storage Capacity (Winching)

15

 

 

 

 

 

 

මේකට Cable Capacity on the Spool කියලත් කියනවා. මේක ඩ්‍රම් එකක් වටා එතුනු දිගු වයර් එකක් හෝ කේබල් එකක්. මේක යාන්ත්‍රිකව එතෙනවා වගේම දිගහැරෙනවා. මේක පාවිච්චි කරලා වෙනත් යමක් හෝ වාහනයක් අදින්න නැත්නම් තමුන්ගේ වාහනේම හිරවුනු තැනකින් ඇදලා ගන්න පාවිච්චි කරන්න පුලුවන්.

Duty Cycle

16

 

 

 

 

 

 

Duty-cycle කියන්නෙ කිසියම් යන්ත්‍රයක ක්‍රියාකිරීමේදී එකදිගට ON එකේ තැබිය හැකි කාලය සම්පූර්ණ කාලයේ ප්‍රතිශතයක් ලෙස දැක්වීමයි. තේරුණේ නෑනේද? හරි කිසියම් යන්ත්‍රයක duty-cycle එක 25% කියලා හිතමු. ඒ කියන්නෙ ඒ යන්ත්‍රයෙන් එක වැඩකට අවශ්‍ය කාලය විනාඩියයි නම් එකෙන් 25% ON එකේද 75% OFF එකේද තියලා තමයි ආපහු ඊළඟ වැඩේ කරන්න පුලුවන්.ඒ කියන්නෙ තත්පර 15ක් වැඩකරොත් තත්පර 45ක් OFF එකේ තියන්න ඕන. මේක අපිට වැදගත් වෙන්නෙ winch වලට එනකොට. ඒ overheating නැති කරන්න.

Duty Cycle Thermal Rating
අපි ඉහත කිව්ව විදිහට බලලා winch එකෙන් වැඩ ගන්න ඕන. නැත්නම් ලිහිසිතෙල් උෂ්ණත්වය 100F – 250F විතර නගින්න පුලුවන්. ඒ නිසා කොච්චර දුරක් අදින්න තියනවද කොච්චර බරක් අදින්න තියනවද කියලා මුලින්ම බලන්න ඕන.

තව ගොඩක් දේවල් කතා කරන්න තියනවා. ඉදිරි ලිපි වලින් හමුවෙමු.

(Visited 2,255 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment