වාහනේට quality sound system එකක්?

39

අපි සමහරුන්ට වාහනයක යනකොට සිංදුවක් රේඩියෝ චැනල් එකක් අහගෙන යන්න නැතුවම බෑ. ඒ අතරින් සමහරුන්ට සවුන්ඩ් සිස්ටම් එක උපරිමේටම ඕන අයත් ඉන්නවා. කොහොමවුනත් වාහනය පදවන ගමන් සින්දුවක් අහගෙන යන එකේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි ඕනවට වඩා සද්දෙන් අහගෙන ගියොත් අපිට අපිට අනෙක් වාහනවලින් දෙන හෝන් සංඥා, පොලිස් සංඥා වගේ විවිධ ශබ්ද සංඥා වගේම වාහනේ දෝශයක් වුනොත් ඒ ශබ්දයක්වත් ඇහෙන්නෙ නැතුව යනවා. හරි කොහොමවුනත් අපි අද කතා කරන්න යන්නෙ වාහනේට quality sound system එකක් සාදාගන්න හරි විදිහ.

1.වාහනේ ස්පීකර්ස් මාරුකරන්න
ගොඩක් වෙලාවට මේක අදාල වෙන්නෙ පරණ වාහන වලට, නවීන වාහන වලට එනකොට වාහන නිශ්පාදකයො ගොඩක් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා තමයි ස්පීකර්ස් හදලා තියෙන්නෙ. කොහොමවුනත් හැමවිටම original speakers වලට වඩා aftermarket හොඳ speakers තියනවා. අනිත් එක වාහන පරණ වෙන්න ස්පීකර් එහෙමත් පරණයි නේ. ඒ නිසා හොඳ bass & clear ස්පීකර්ස් සෙට් එකකට යන්න.

2. Bit rate වැඩි music files use කරන්න
වාහනේ සවුන්ඩ් සිස්ටම් එක කොච්චර හොඳ වුනත් වැඩක් නෑ music files quality නැත්නම්. ඒනිසා ඔයා අහන්න තෝරගන්න music files quality වෙන්න ඕන. සරලයි, mp3 ගත්තොත් චෙක් කරලා බලන්න ඒකෙ bit rate එක. 320kpbs වලට වඩා වැඩි ඒවා තෝරගන්න පුලුවන් නම් හොඳයි.

3. Dynamite හෝ soundproof material use කරන්න
වාහනයේ ශබ්දය හා බාහිරින් එන ශබ්දය අඩුකිරීම සඳහා මේවා යොදාගන්න. ඒකෙන් පුලුවන් අපිට පැහැදිලි හොඳ සවුන්ඩ් එකක් රසවිඳින්න. අපි හොඳටම දන්නවනේ මොබයිල් එකේ වුනත් ස්පීකර් එකට වඩා හෙඩ්සෙට් එකෙන් අහද්දි quality වැඩී කියලා.

මුලින්ම වාහනේ දොරවල් වලට apply කරන්න. මොකද ස්පීකර්ස් ගොඩක් වෙලාවට එන්නෙ දොරවල් වල. එක එක music වලට අනුව එන vibration එක ඒකෙන් අඩුකරගන්න පුලුවන්. ඊට පස්සෙ නිකමටවත් කල්පනා කරාද වාහනේ ගොඩක් හෙමින් යද්දි sound quality එකයි වාහනේ වේගෙන් යද්දි sound quality එකයි? වෙනස් නේද? ඒනිසා වාහනේ බඳ ඇතුල් පැත්තෙන් සම්පූර්ණ ආවරණය කරන්න. එන්ජින්බේ, ඩිකිය සහ උඩ කොටස ඇතුලු සියල්ල.

4.ඈම්ප් එකක් එකතු කරගන්න
මේක අපි හැමෝම දන්න සාමාන්‍ය දෙයක්. සරලව කිව්වොත් amplifier එකෙන් වෙන්නෙ stereo එකේ වොට් ගාන වැඩිකරලා දෙන එක. ඉතිං හොඳ සවුන්ඩ් එකකට යන්න හොඳ ඈම්ප් එකක් use කරන්න. හැබැයි මතක තියාගන්න වැඩේට විශේෂඥයෙක්ගෙන් උපදෙස් ගන්නම වෙනවා. මොකද වාහනයට වගේම stereo එකට හැම ඈම්ප් එකම ගැළපෙන්නෙ නෑ. වැරදි ඈම්ප් එකෙන් වාහනේ විද්‍යුත් පද්ධතියම හානි වෙන්න පුලුවන්.

5. Signal processor හෝ equalizer එකක් එකතු කරගන්න
වාහනේ කියන්නෙ ගෙදර හෝ ෆිල්ම්හෝල් එකේ වගේ හොඳට ඉඩ තියන තැනක් නෙවෙයි. හරිම පොඩි ඉඩක තමයි සවුන්ඩ් ගැවසෙන්නෙ. ඉතිං ඔය අතරෙ වාහනේ ඇතුලෙ තියන වීදුරු වගේම ප්ලාස්ටික් කොටස් ශබ්දය පරාවර්තනය කරනවා. ඔය අතරෙ සීට් කවර, කාපට් වගේ දේවල් ශබ්දය විනිවිද යවනවා. මේක හරියට මික්ස් කරගන්න ඕන. නැත්නම් අපි ගොඩක් වෙලාවට සවුන්ඩ්ස් මදිවුනාම volume වැඩිකරනවා ඊට පස්සෙ වාහනේ ඇතුලෙ අනිත් අය එක්ක කතා කර කර යන්න බෑ ටික වෙලාවක් යද්දි කනට අපහසුයි වගේ ප්‍රශ්ණ එනවා. හැබැයි equalizer එකකින් මේක හරියට මික්ස් කරගත්තොත් මේ කරදර නෑ. Signal processor වලට පුලුවන් frequency response peaks නැති කරන්න වගේම bass response වැඩි කරන්න. ඉතිං කනට කරදරයක් නොවී සින්දු අහන්න පුලුවන්.

6.හොඳ sub box එකකට යන්න
මේක තමයි වැදගත්ම කතන්දරේ. Sub box එක හොඳට සීල් වෙන්න ඕන. ඒයාර් ලීක්ස් තිබ්බොත් අපිට ඕන performance ගන්න වෙන්නෙ නෑ. ඒවගේම තමයි එකේ ප්‍රමාණය වාහනේට ගැළපෙන්න ඕන. අනවශ්‍ය විදිහට ලොකු වුනොත් වාහනේ ඉඩ ඇහිරෙනවා වගේම කරන්නත් perform ඉඩ මදිවෙනවා.

7.Crossover එකෙන් සවුන් සිස්ටම් එක improve කරන්න
නවීන වාහන වල නම් frequency filter එකක් එනවා preamp එක හා speaker output එකට සම්බන්ධ වෙච්ච. හැබැයි ඔයා හොඳ සබ් එක පවිච්චි කරනවා නම් high-pass filter එකෙන් low bass නැතිකරගන්න පුලුවන්. ඉතිං ඔයාට වඩාත් පැහැදිලි සවුන්ඩ් එකක් වගේම හොඳ බේස් punch එකක් ගන්න පුලුවන්. හැබැයි ඔයාට ඇහෙන්නෙ බේස් එක ඔයාට පිටිපස්සෙන් වදිනවා විතරයි. ඒකට low-pass filter එකේ crossover point එක අඩුවැඩි කරලා බේස් එක ඉස්සරහටත් දැනෙන විදිහට හදාගන්න පුලුවන්. ඒවගේම ගොඩක් ඈම්ප් වලට subsonic filter එකක් එනවා. ඒකට පුලුවන් මිනිස් කනට ඇහෙන්නෙ නැති හඬ පරාසයේ super-low bass කරන්න. ප්‍රශ්ණයක් නෑ, කොහොමත් අපිට ඕන quality sounds නේ..

8. Subwoofer එක
මේක ගැන ඉතිං වෙන මොන කතාද. අපි හැමෝම ආසයිනෙ සබ් එකකට. ඇත්තටම මේක මුලින්ම කතා කරන්න ඕන දෙයක් මං මේ අන්තිමට දාගත්තට. අපිට සාමන්‍ය ස්පීකර්ස් වලින් ඇහෙන්නෙ නැති ගොඩක් දේවල් සබ් එකත් එක්ක ඇහෙනවා. ඒ බේස් එක ඊට පස්සෙ නැතුවම බැරිවෙනවා. ඒ නිසා හොඳ සවුන්ඩ් සිස්ටම් එකකට ටිකක් වියදම් වුනත් කමක් නෑ හොඳ සබ් එකක් පාවිච්චි කරන්න. මොකද ටික කාලයක් යද්දි හම් එකක් වගේ කනට අමිහිරි ශබ්දයක් අහන්න අපි කවුරුත් කැමති නැති නිසා.

9.කැපසිටර් එකක් දාලා සබ් එකෙන් තව වැඩ ගන්න
සාමාන්‍ය සබ් එකක් මදි වෙන්න පුලුවන්, හැබැයි සබ් එක ලොකු වෙන්න ලොකු වෙන්න ඒක වාහනේ අනික් ඉලෙක්ට්‍රික් සිස්ටම් වලට ප්‍රශ්ණයක්. මොකද ලොකු බේස් එකක් දෙන්න ගොඩක් පවර් ඕන නිසා. කැපසිටර් එකකට පුලුවන් ඔයාගෙ ඈම්ප් එකයි වාහනේ බැටරි එකයි අතර අවරෝධකයක් ලෙස ක්‍රියා කරන්න. මේක බැටරියෙන් අවශ්‍ය තරම් බලය ලබාගෙන ගබඩා කරගෙන ඉන්නවා ඈම්ප් එකට ඕන වෙලාවට විතරක් දෙන්න. නැත්තම් මොකද වෙන්නෙ? වාහනේ පවර් ඔක්කොම ඈම්ප් එකට අදිනවා. ඉතිං රෑට හොඳ බේස් දාගෙන යනකොට හෙඩ්ලයිට් ගැස්සෙන්න සමහරවිට හෙඩ්ලයිට් නැතිවෙලාම යන්න පුලුවන්.

10.High-quality කේබල් පාවිච්චි කරන්න
අපි quality sound system එකකට යනකොට quality cables තිබීම වැදගත්. මොකද ඇති තරම් පවර් යන්න හොඳ කේබල් තියෙන්නෙ ඕන, නැත්තම් මොකද වෙන්නෙ ඈම්ප් එකට පවර් මදිවුනාම සවුන්ඩ් මදිවෙනවා, ඉතිං අපි volume වැඩි කරනවා අනවශ්‍ය විදිහට. කොහොමවුනත් ඈම්ප් එකට නිදහසේ පවර් එන්න ඕන. ඒවගේ හොඳ කේබල් වලට පුලුවන් noise නැති කරන්නත්.

(Visited 3,444 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment