විවිධ කහට පැල්ලම් ඉවත් කරන ක්‍රම

38

ඔබ දන්නවා වාහනයක් පාවිච්චි කරනකොට පිරිසිදුව තියාගන්නවා කියන්නෙ ලංකාවෙ අපිට නම් හරිම අමාරු වැඩක්. ඒ වුනාට වාහන වලට ආදරේ අපි වගේ අය නිතරම වාහනේ පිරිසිදුකම ගැන සැළකිලිමත් වෙනවා. හරි අද අපි කියන්න යන්නෙ වාහනය තුළ වැටෙන විවිධ වර්ගයේ කහට පැල්ලම්, විවිධ වර්ගයේ කුණු අපද්‍රව්‍ය වලින් වාහනය පිරිසිදු කරගන්නෙ කොහොමද කියලා.

1. සාමාන්‍ය කහට උණුවතුරෙන් ඉවත් කරගන්න
සාමන්‍ය කහට වල අඩංගු වෙන්නෙ ගොඩක් වෙලාවට තෙතනමය එහෙමත් නැත්නම් ජලය, මඩ සහ දුහුවිලි. හරි කුඩා භාජනයක් ගන්න එයට උණුවතුර ගැලුමක් එක්කර ගන්න ඊට පස්සෙ ඔය පිඟන් හෝදන විම් වගේ liquid එකකින් බින්දු 2-3ක් දාන්න. තව සුදු විනාකිරි කෝප්පයක් එකතු කරගන්න. නෑ නෑ මේක කුකරි ක්ලාස් එකක් නෙවෙයි. හරි හරි ඊට පස්සෙ ස්පොන්ච් කැබැල්ලකින් අර කහට පැල්ලම ඇති තැන පොඟවාගන්න. ඊට පස්සෙ බ්‍රෂ් එකකින් රවුමට පිරිමදින්න. අවසානයේ පේපර් ටවල් එකකින් වේලා ගන්න.

2. කෝපි, මධ්‍යසාර සහ සෝඩා වර්ග වල පැල්ලම් සීතල වතුරෙන් ඉවත් කරගන්න
මුලින්ම සීතල වතුර කහට පැල්ලම මතට දමන්න. උණුවතුර දැම්මත් කහට තව කැටිගැහෙන්න පුලුවන්. ඒ නිසා සීතල වතුරම දමා පේපර් ටවල් එකකින් පිසදාගන්න. ස්වාබාවිකව වේලෙන්නට ඉඩහරින්න.

3. වමනය පැල්ලම් ක්ලබ් සෝඩා දමා පිරිසිදු කරගන්න
අපි කවුරුත් කනබොන මිනිස්සුනේ…… හරි ඒකට කමක් නෑ මේකට සෝඩා කෑන් එකක් ගන්න. හැබැයි කිසිම ෆ්ලේවර් එකක් එකක් නැති. කහට එක මතට දමන්න. ඉන්පසු තෙත රෙදි කැබැල්ලකින් රවුමට පිසදාන්න. පැල්ලම ගියපසු ටවල් එකකින් වේලාගන්න. ඊට අමතරව ඉතිං බේකින් සෝඩා මිශ්‍ර වතුර වලින්ද මේ වැඩේ කරගන්න පුලුවන්.

4. පෑන් තීන්ත ඉවත් කරගන්න හෙයාර් ස්ප්‍රේ හෝ ලුණු
හෙයාර් ස්ප්‍රේ හෝ ලුණු, පෑන තීන්ත වැටී ඇති ස්ථානයට දමන්න. ඉන්පසු තෙත රෙදි කැබැල්ලකින් රවුමට පිසදාගන්න. ටවල් එකකින් වේලාගන්න.

5. ග්‍රීස් සහ තීන්ත පැල්ලම් සඳහා තිනර්
තිනර් ස්වල්පයක් කපු රෙදි කැබැල්ලකට දමා පැල්ලම රවුමට පිසදාගන්න. ඉන්පසු පේපර් ටවල් එකකින් තිනර් ටික පිසදාගන්න. මතක තියාගන්න තිනර් නිසා කාපට් එක අවර්ණ වෙන්න පුලුවන් ඒ නිසා බොහෝම සුලුවෙන් යොදාගන්න.

6. ලේපැල්ලම් සඳහා ලොන්ඩරි සේදුම් කුඩු
ලොන්ඩරි සේදුම් කුඩු ජලය හා මිශ්‍රකර ලේ පැල්ලම මතට දමන්න. විනාඩි 30ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු රෙදි කැබැල්ලකින් පිසදා හරින්න.

7. චුයින්ගම් සීතකර ලේසියෙන් ඉවත්කරගන්න
මේක තමයි එපා වෙන සීන් එක. ඒ වුනාට මේ විදිහට ඉවත් කරගන්න එච්චර අමාරු නෑ. අයිස් කැට 2ක් ගන්න. චුයින්ගම් එක මත තබන්න. විනාඩි 10 පමණ තිබෙන්නට හරින්න. මේකෙන් චුයින්ගම් එක ෆ්‍රීස් වෙනවා. ඊට පස්සෙ නිකම් ගල් කැටයක් වගේ ඉවත් කරලා දාන්න පුලුවන්. හැබැ‍යි ඊට පස්සෙ ඒ ස්ථානය වතුරෙන් පිරිසිදු කරගන්න.

8. සත්තුන්ගෙ ගඳට බෝරැක්ස්
ඔබ නිතර බල්ලාව පූසාව වාහනේ එක්කන් යනවා නම් සමහර වෙලාවට පොඩි ගඳක් එන්න පුලුවන්. කොච්චර සුද්ද කරත් ගඳ යන්නෙ නැතිවෙන්න පුලුවන්. ඒකට හොඳම විසදුම බෝරැක්ස්. කාපට් එක පුරා දමන්න. පැයක් පමණ තබන්න. ඊට පස්සෙ වැකියුම් කරලා දාන්න.

9. ග්ලාස් ක්ලීනර් වලටද පැල්ලම් යැවිය හැක
ග්ලාස් ක්ලීනර් දමා විනාඩි 5-10 තබන්න. ඉන්පසු පිසදාන්න.

10. තද පැල්ලම් සඳහා හයිඩ්‍රොජන් පෙරොක්සයිඩ්
සමහර පැල්ලම් තියනවා ලේසියෙන් යන්නෙ නැති ඒවා. ඉතිං හොඳම විසදුම හයිඩ්‍රොජන් පෙරොක්සයිඩ්. එය දත් බෙහෙත් සමඟ මිශ්‍රකර පැල්ලමට දමා විනාඩි 5ක් පමණ තබා පිසදාහරින්න.

විශේෂ කරුණු

  • පිසදැමීමේදී සෑමවිටම රවුමට පිසදමන්න.
  • කලබලෙන් කරන්න එපා, වෙලාව අරන් හරියට කරන්න.
  • එක පාරින් පැල්ලම ඉවත්කල නොහැකි වුවහොත් 2-3 පාරක් උත්සහ කරන්න.
(Visited 4,155 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment