වාහනේ ආරක්ෂාවට Bull Bar

35

බුල්බාර් කියන්නෙ වාහනේ විවිධ ඝට්ටනයන් වලින් ආරක්ෂා කරගැනීම සඳහා වාහනේ ඉදිරිපසට යොදන ආරක්ෂිත යකඩ හෝ ඇලුමිනියම් ආවරණයක්. දැන් දැන් අලුත් වාහනවල නම් පොලිකාබනේට් සහ පොලි එතිලින් වගේම ප්ලාස්ටික් වලින් හදපු ඒවත් එනවා.

කොහොම වුනත් බුල්බාර් කියන නම හැදුනෙ ඕස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවල දුෂ්කර පැතිවල මාර්ග හරහා නිතර ඉබාගාතේ ඇවිදින හරක් වාහනවල හැප්පෙන එකෙන් වාහන ආරක්ෂා කරගන්න ගහපු ආවරනයක් නිසා. කොහොම වුනත් බුල්බාර් වලින් වාහන ආරක්ෂා වුනාට බුල්බාර් නිසා පදිකයන්ට වෙන හානිය වැඩී කියලා තමයි ඒ ගැන research කරපු අය කියන්නෙ.

බුල්බාර් වලින් මොකද වෙන්නෙ?

වාහනයේ ඉදිරිපස ආරක්ෂා කිරීම
ඔව් අපි මුලින් කතාකරා වගේ වාහනේ ඉදිරිපස ආරක්ෂා කරගැනීම තමයි මේකෙන් මූලිකවම වෙන්නෙ. ඔබ නිතර කැළෑ සහිත මාර්ග වල යනවා නම් එහෙමත් නැත්නම් ඔබ එදිනෙදා වැඩ කරන්නෙ ඉදිකිරීම ක්ෂේත්‍රය වැනි අනාරක්ෂිත ප්‍රදේශවල නම් ඔබගේ වාහනය ආරක්ෂා කරගැනීමට විතරක් නෙවෙයි වාහනේ හෙඩ්ලයිට් වගේ විවිධ කොටස් ආරක්ෂා කරගන්නත් පුලුවන්.

වාහනයේ අලංකාරයට
Off Road ඇලුම්කරන අය ඔවුන්ගේ වාහනයේ අලංකාරය වෙනුවෙන් බුල්බාර් එකක් වාහනයට එකතුකරගන්න අමතක කරන්නේ නෑ.

Off Road සම්බන්ධ අමතර කොටස් සවිකිරීමට
වාහනේ ආරක්ෂාවට විතරක් නෙවෙයි Off-Road lights, vehicle recovery winches, Radio antennas වැනි අමතර කොටස් සවිකිරීමට උදව්වන්නේ බුල්බාර් එකයි.

බුල්බාර් වර්ග මොනවද?

Full Grille Guards
මේකෙන් වාහනේ ඉදිරිපස මුහුණත සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. ඒ කියන්නෙ center guard එකෙන් වාහනේ මුහුණෙහි මැදකොටස ආවරණය කරන අතර brush guards වලින් වාහනේ හෙඩ්ලයිට් සහ ඉදිරිපස මුලු දෙක ආරක්ෂා කරයි. එමෙන්ම මෙහි නවීන මාදිලි වාහනයේ එයාර් බෑග් සමඟද සම්බන්ධවේ.

Center Grille Guards
මේකෙන් ආවරණය වෙන්න වාහනේ ඉදිරිපස මැද කොටස විතරයි. හෙඩ්ලයිට් ආවරණය වන brush guard එක එන්නෙ නෑ

Bull Bars
මේකෙන් වෙන්නෙ වාහනේ ඉදිරිපස මුහුණ ඉහළ සිට පහලට යනතුරුම ආරක්ෂා කිරීමයි. ඒ කියන්නෙ වාහනේ ග්‍රිල් එක වගේම ඉදිරිපස බම්පරය හා පහළ කොටසත් මේ මඟින් ආරක්ෂාවේ.

Bull Bar Skid Plates
මෙම සවිමත් තහඩුව සවිවන්නේ බුල්බාර් එකේ පහළ කොටසටයි. මෙමඟින් වාහනේ දෙසට විසිවන කුඩා ගල් කැබැලි වැනි ද්‍රව්‍ය මඟින් වාහනය ආරක්ෂා කරනවා.

Nudge bars
මේක අලුත් වාහනවල රේඩියේටරේ ආරක්ෂා කරගන්න එන පොලිකාබනේට් ආවරනයක්, මේකට බෑ අනෙක් බුල්බාර් වලට වගේ වාහනේට ලොකු ආරක්ෂාවක් දෙන්න.

Rear Bumper Guards
ඉදිරිපස වගේම තමයි පසුපසත්, පසුපස බම්පර් එකේ ආරක්ෂාවට එන එක තමයි rear bumper guards කියන්නෙ.

වාහනේට ගැළපෙන බුල්බාර් එකක් තෝරගන්නෙ කොහොමද?

ඉදිරිපස ආවරණය කිරීමේ අවශ්‍යතාව
ඔබ නිතර කැළෑ සහිත මාර්ගවල ධාවනයේ යෙදෙන්නේ නම් සම්පූර්ණ ආවරණයකට යෑම සුදුසුය. එසේ නොමැතිව ඔබ නිතර පදිකයන් ගැවසෙන නගර තුල ධාවනයේ යෙදෙන්නේ නම් සම්පූර්ණ ආවරනය අවදානම්, ඒවිට center guard or bull bar එකකට යෑම සුදුසුය.

සවිකිරීමට බලාපොරොත්තුවන අමතර කොටස්
ඔබ සවිකිරීමට බලාපොරොත්තුවන winch, off road lights වැනි අමතර කොටස් අනුව බුල්බාර් එකේ වර්ගය වෙනස් වේ.

Style
මෙහිදී වාහනයේ ප්‍රමාණයට හා හැඩයට ගැළපෙන බුල්බාර් එකක් තෝරාගත යුතුය. වාහනයට වඩා අනවශ්‍ය ප්‍රමාණයෙන් යුතු බුල්බාර් සවිකිරීම වාහනයේ චැසියට හොඳ නැත.

බුල්බාර් පිළිබඳ ලංකාවේ විවිධ නීතිමය තත්ත්වයන් ඇත. එමෙන්ම බුල්බාර් පදිකයන්ට ගෙන එන අවදානමද සුලුපටු නැත. එම නිසා ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන බුල්බාර් එකක් තෝරාගැනීම ඔබේ යුතුකමක් මෙන්ම වගකීමකි.

(Visited 2,964 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment