A\C මදිද ?

32

A\C තියන වාහන පදින අය අතරෙ තියන පොදු ප්‍රශ්ණයක් තමයි ටික කාලයක් යනකොට A\C මදිවෙන එක. සමහර විට සීතල දවස් වලට ඇති වෙනවා හැබැ‍යි රස්නෙ දවස් වලට මදි. ඒ වෙලාවට ෂටර්ස් පහත්කරගෙන යනවා ඊටවඩා හොඳයි කියලා හිතෙනවා. හරි කොහොම වුනත් A\C හරියට maintain කරොත් ඔය ප්‍රශ්ණ නෑ. අපි අද කියන්න යන්නෙ අන්න ඒ ගැන.

මුලින්ම කියන්න ඕන පොඩිම පොඩි A\C ගෑස් ලීක් වුනත් ඇති වාහනේ A\C මදිවෙන්න. ඒ නිසා ඔබ වාහනයක් මිළදීගත්ත ගමන් (භාවිත කළ ) හෝ A\C මදි කියලා දැනුන සැණින් කළයුත්තේ වාහනේ A\C ගෑස් ලීක් තියනවද බැලීමයි.

ඊට අමතරව A\C එකේ එන ලෙඩ මොනවද?

  • Drive belt එක ඇදී තිබීම
  • කන්ඩෙන්සර් හා රේඩියේටරය හරහා යන air flow එක අවහිරවී තිබීම
  • Compressor, hoses, pipes or fittings වල refrigerant oil ලීක් වුන පැල්ලම් දක්නට ලැබීම
  • Compressor mounting brackets loose හෝ දෝෂ සහිත වීම
  • Service port cap එක missing වීම

ඉහත කියපු ලක්ෂණ වලින් එකක් හරි තියනවා නම් A\C technician කෙනෙක් ගාවට වාහනේ අරං යන්න.

හරි අපි ලෙඩ ගැන කතා කරානේ, දැන් බලමු වාහනේ A\C හරියට maintain කරගන්නෙ කොහොමද කියලා.

වාහනයක A\C අවම වශයෙන් සතියකට විනාඩ් 10-15ක් වත් දුවන්න ඕන. ඔව් ඔව් හැමදාම පදිනවා නම් ප්‍රශ්ණයක් නෑ. හැබැයි ඉතිං සමහරු පෙට්‍රල් ඉතුරු කරගන්න A\C නොදාම ඉන්නවනේ. අමතක වෙයි කියලයි කිව්වෙ. මේකෙන් හෝස් තදවීම හෝ කොම්ප්‍රෙශර් සීල් විනාශවීම වලකිනවා. A\C එක දාලා coolest setting වලට හදලා ෆෑන් එක highest speed දාන්න. ඊට පස්සෙ ‘defrost’ mode එකට දාන්න. විනාඩි 10ක් දුවන්න දෙන්න. ඒකෙන් A\C system එක හොඳට clean වෙනවා. ඒ වගේම පුස් ගතිය සහ පල් ගඳත් නැතිවෙනවා.

මතක තියාගන්න A\C එකෙන් කරන්නෙ වාහනේ ඇතුල කූල් කරන එක විතරක්ම නෙවෙයි. වාහනය ඇතුලත ආර්ද්‍රතාවය නැති කරන්නෙත් A\C එකෙන්ම තමයි. ඒ නිසා සීත හෝ වැසි කාලෙටත් A\C දාගෙන යන්න. ඒකෙන් තව දෙයක් වෙනවා. windscreen එකේ කරදරකාරී මීදුම බැඳෙන එකත් නැති වෙනවා.

අමතර කරුණක් කතා කරමු. ගොඩක් අය පෙට්‍රල් ගැන හිතලා A\C නොදා යනවා. හැබැ‍යි ඇත්තටම ගත්තොත් A\C OFF කරාම ෂටර්ස් පහත් කරනවා, එකෙන් වාහනේ aerodynamics එකට ප්‍රශ්ණයක් වෙනවා. ඇයි හුළං වාහනේ ඇතුළට බදනවා. ඉතිං වාහනේ ඉදිරියට යන්න වැඩි බලයක් දෙන්න ගිහින් fuel consumption වැඩි වෙනවා. ඊට අමතරව වාහනේ interior කොටස් අපිරිසිදු වෙනවා. කොහොමද හොඳ? ඔයාම තීරණය කරන්න.

වාහන නිශ්පාදකයෝ කියන විදිහට වසරකට A\C system එකෙන් A\C gas 10%ක් කොහොමත් පාරගමනය වෙනවා. ඒ නිසා වසර 2කට සැරයක් A\C චෙක් කරලා gas refill කරගන්න කියලා තමයි ඔවුන් කියන්නෙ. රස්නෙ කාලෙ පටන්ගන්න කලින් මේ වැඩේ කරානම් ගොඩක් හොඳයි. එතකොට රස්නෙ කාලෙට කරදරයක් නොවී වාහනේ පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම කොම්ප්‍රෙෂර් වල ලෙඩක් තිබ්බොත් හදාගන්නත් පුලුවන්.

ඒවගේම වැදගත් කරුණක් තමයි කවදාවත් ඔයිල් හෝ ගෑස් අඩුවෙන් A\C එක දුවන්න එපා කොම්ප්‍රෙශර් එකට හොඳනෑ. ටික කාලයක් දිව්වොත් කොම්ප්‍රෙශර් එකක් අලුතෙන් දාන්නත් වෙයි.

(Visited 15,174 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment