වැස්සට වාහනේ ready කරමු

27

රස්නෙයි රස්නෙයි කියකිය බැන බැන ඉඳලා ඔන්න එක පාරටම වැස්ස පටන්ගත්තා නේද? වැස්ස හිතපු නැති විදිහට වැඩිවෙලා සමහර පැති යට වෙලා ගොඩක් අය වැස්සෙ වාහන අරං යනකොට විවිධ කරදර වලට මූණදීලා… ඉතිං ප්‍රශ්ණ ගොඩයි. හරි කොහොම වුනත් වාහන පදින අපිට මේ දවස්වල වාහනේ හැටි දැක්කම පපුව හෝස් ගාලා යනවා. මොනවා කරන්නද ඉතිං… අන්න ඒ මොනවා කරන්නද කියලා තමයි අද අපි කතා කරන්න යන්නෙ. වැස්සත් එක්ක කොහොමත් අනතුරු වලට ලේසියෙන් අත වනනවා. ධාවනයට පාර පැහැදිලි නොවීම, පාර ලිස්ස්න සුළුවීම, පාරෙහි වලවල් මතුවීම ඒ ඔක්කොමත් හරි මඩ නිසා වාහනයට සිදුවන හානිය වගේම බ්‍රේක් ඩ්‍රම් හා ඩිස්ක් අතර වතුර කාන්දුවීම නිසා බ්‍රේක් අඩුවීම.. මේ වගේ තව ගොඩක් හේතු තියනවා. හරි අපි දැන් බලමු වැසි සමයත් එක්ක වාහනයේ විශේෂයෙන් සැළකිය යුතු කොටස් මොනවද කියලා.

  • Tyres
  • Wipers And Washer
  • Brakes
  • Body
  • Electricals
  • Interiors

Tyres
වැසි සමයත් එක්ක ටයර් ගැන හොඳ අවධානෙකින් ඉන්න ඕන. මොකද අපි දුවන්නෙ වතුර උඩ, ඒ නිසා ටයර් හොඳට තියෙන්න ඕන. විශේෂයෙන්ම ටයර් කට්ටා වල ගැඹුර නිසිලෙස තියෙන්න ඕන. මොකද අපි ජලය සහිත මතුපිටක් ඔස්සේ ගමන් කරනකොට ජලය ටයරයෙන් පිටතට වෑස්සෙන්නේ එහෙම නැත්නම් ඇක්වා ප්ලෑනින් කාර්යය සිදුවෙන්නෙ ටයරයේ කට්ටරටා මඟින්. කට්ට රටා නිසිලෙස තිබ්බෙ නැත්නම් ටයරය හා පාර අතර සම්බන්ධතාව ජලය නිසා ගිලිහෙනවා, අන්න එතකොට තමයි ලිස්සන්නෙ.

Wipers And Washer
අපි මීට කලින් ලිපියකත් මේගැන කතා කළා. වැස්සත් එක්ක වයිපර් නිතර පාවිච්චි කරන්න ඕන වෙනවා. ඒ නිසා වයිපර් බ්ලේඩ් පළුදු වෙලාද ගෙවිලද කියලා බලන්න. ඒ වගේම තමයි වයිපර් වේග 3කින් වැඩ කරනවා. ඒ වේග 3ත් හරියට වැඩද බලන්න. ඊට අමතරව washer bottle එක නිතර full එකේ තියාගන්න. ඔව් ඔව් සබන් හෝ ෂැම්පු මිශ්‍රණයකින් පුරවගන්න පුලුවන් නම් වඩාත් හොඳයි.

Brakes
වැසි කාලෙදි බ්‍රේක් කැලිපර් වලට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. බ්‍රේක් කැලිපර්ස් නිතර පිරිසිදුව තියාගන්න ඕන. ඒ වගේම බ්‍රේක් ගොඩාක් තදට හෝ ගොඩාක් ලිහිල්ව තියාගන්න එපා. සාමාන්‍ය මට්ටමට adjust කරගන්න. ඒ වගේම ධාවනයේදී නිතර බ්‍රේක් ගහන්න මොකද බ්‍රේක් ඩ්‍රම් එකේ වතුර ගැවුනාම බ්‍රේක් අඩුවෙනවා. ඉතිං නිතර බ්‍රේක් භාවිතයෙන් බ්‍රේක් ඩ්‍රම් වියළිව තියාගන්න පුලුවන්. තව පොඩී ටිප් එකක් දෙන්නම් හදිසියෙ ලොකු වතුර වලකින් වාහනේ ගියොත් වාහනේ දකුණු කකුලෙක් හෙමීට රේස් කරන ගමන වම් කකුලෙන් බ්‍රේක් කරන්න. බ්‍රේක් ඩිස්ක් හෝ ඩ්‍රම් වල වතුර ඉක්මණින් වියළෙනවා.

Body
වැසි වතුර වල අඩංගු ඇසිඩ් වාහනේ බඳට අහිතකරයි. දිගු කාලයක් වාහනය වැස්සට තෙමුනොත් වාහනේ බඳ damage වෙනවා. කොහොමද වාහනේ බේරගන්නෙ? හොඳ වැක්ස් එකකින් පොලිශ් කරන්න. වැක්ස් එකෙන් වාහනේ පේන්ට් එක ආරක්ෂා වෙනවා විතරක් නෙවෙයි වාහනේ මතට වැටෙන් වැහි බිංදු ඉක්මණින් රෝල්වෙලා යනවා. ඒ වගේම වාහනේ දොර සරනේරු හොඳට ග්‍රීස් කරගන්න. එළියට නිරාවරණයවූ ලෝහ කොටස් ඇත්නම් anti-moisture ස්ප්‍රේ පාරක් ගහන්න. ඔව් ඔව් WD40 තමයි. නැත්තම් මලකඩ කනවා. ඒ වගේම දොරවල rubber lining එක චෙක් කරන්න. පලුදු වෙලා හෝ ලිහිල් වෙලා නම් ඉක්මණින් මාරුකරගන්න.

Electricals
වාහනේ කොහේහරි තැනක loose or weak electrical connection එකක් තියනවා නම් ඉක්මණට පැච් කරන්න. අපේ කට්ටිය ලස්සන තොරණ් වගේ ලයිට් කෑලි ගහගෙන යනවා හැබැයි වයරිං බාගෙට. එහෙම බෑ. ඒවා හොඳට සීල් වෙන්න ඕන. ෆියුස් ඔක්කොම හොඳට වැඩද බලන්න. අමතර ෆියුස් කෑලි ටිකක් ළඟ තියාගන්න. වාහනේ ලයිට් ඔක්කොම වැඩද බලන්න. පාකින්, හෙඩ්, ඩිම්, බ්‍රේක් සහ නම්බර් ප්ලේට් ලයිට්. මේ ඔක්කොම චෙක් කරන්න. ආහ් ඊට අමතරව ෆොග් ලෑම්ප් හසාඩ් ලෑම්ප් වගේම හෝන් එකත් චෙක් කරන්න. හෝන් වලට වතුර අපලයි.

Interiors
මොකට කියනවද නේහ්? වාහනේට නිතර නගින බහින මිනිස්සු නිසා වාහනේ කොච්චර මඩ වෙනවද. වැස්ස කාලෙට ගෙදර තියන පරණ කාපට් සෙට් එකක් දාගෙන යන්න. රබර් කාපට් වෙනුවට ෆැබ්‍රික් කාපට් දාගන්න පුලුවන් නම් වඩාත් හොඳයි. නිතර වාහනේ වැකියුම් කරන්න. නැත්තම් තෙතගතියත් එක්ක එන අමුතු ගඳ ඉවසන්න බැරිවෙයි. පුලුවන් හැම වෙලාවකම වාහනේ ඇරලා තියන්න. ඒකෙන් ෆන්ගස් හැදෙන එක වළකිනවා.

General Tips

  • නිතර බැටරි එක චෙක් කරන්න. බැටර් ටර්මිනල් වල ලුණු බැඳිලා තියෙන්න පුලුවන්.
  • A\C හරියට use කරන්න. කොහොමද? ෆෑන් ස්පීඩ් එක අඩුකරන්න.vent control එක windscreen එකට දාන්න. fresh outside air mode එකට මාරු කරන්න. ඒකෙන් glasses වල මීදුම බැඳෙන එක නවතිනවා. රෙදි කෑලි අරං පිහිදාන්න නම් යන්න එපා ඔන්න.
  • නිතර ෆොග් ලයිට් දාගෙන යන්න.
  • මාර්ගයේ ඇති වතුර පරිමාව ගැන සැලකිලිමත්වන්න. ඔන්න SUV නම් ප්‍රශ්ණයක් නෑ එන්ජිම සීල් නේ…
  • වාහන අතර වැඩි පරතරයක් තියාගෙන සෙමෙන් ධාවනය කරන්න. මුලින් කිව්වා වගේ නිතර බ්‍රේක් කරන්න.

source: carblogindia.com

(Visited 7,102 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment