හෙඩ්ලයිට් නඩත්තුව හරියට කරමු

25

හෙඩ්ලයිට් චෙක් කරනවද පුරුද්දක් විදිහට? හෝදනකොට හෝදලා පිහිදනකොට පිහිදලා බල්බ් එකක් පිච්චුනාම අලුත් එකක් විතරක් දාලා හරියන්නෙ නෑ. ඊට පස්සෙ එළිය මදි කියලා ඕන තැනටයි එපා තැනටයි හැම තැනම ෆුල් එක ගහගෙන ගිහින් හරියන්නෙ නෑ. හරි හරි අද අපි බලමු හෙඩ්ලයිට් හරියට නඩත්තු කරන විදිහ.

හෙඩ්ලයිට් නඩත්තුවේදී සැලකිය යුතු මූලික කරණු මොනවද?

  • එලයින්මන්ට්
  • බල්බ් quality
  • ආයුකාලය
  • ලයිට් එකේ පාට
  • ලෙන්ස් එකේ පිරිසිදුකම

එලයින්මන්ට්

මුලින්ම හෙඩ්ලයිට් වල එලයින්මන්ට් හරියට තියනවද බලන්න. අලුත් වාහන වල නම් එලයින්මන්ට් හදන්න ඉලෙක්ට්‍රික් ස්විච් එකක් තියනවා. අනිත් වාහන වල තියෙන්නෙ පොඩි adjustment screw එකක්. හරි හෙඩ්ලයිට් adjustment කියන්නෙ ටිකක් දිග කතාවක්. අපි ඒක වෙනම ලිපියකින් කියන්නම්.

බල්බ් quality
වාහනේට ආපු ඔරිජිනල් බල්බ් පිච්චුනොත් අලුත් බල්බ් එකකට යනකොට ඔරිජිනල් එකම හොයාගන්න පුලුවන් නම් හොඳයි. Performance වැඩි බල්බ් එකකට යන්න හිතාගෙන ඉන්නවා නම් වාහනේට ගැළපෙන බල්බ් එකක්ද කියලා හොයලා බලන්න. මොකද නැත්නම් සමහරවිට බල්බ් එක අධික ලෙස රත්වීමෙන් බල්බ් හෝල්ඩර්, වයර් වගේම ලෙන්ස් එකටත් හානි වෙන්න පුලුවන්. ඒ වගේම තමයි ඔබ වැඩිපුර වාහනේ පදවන්නේ රාත්‍රියේ නම් අමතර බල්බ් 2ක් ළඟ තියාගන්න අමතක කරන්න එපා. ගාන වැඩි වුනත් හැමතිස්සෙම quality බල්බ් එකකට යන්න. හැබැ‍යි නිතර බල්බ් පිච්චෙනවා නම් electrician කෙනෙක් ගාවට අරං යන්න සමහරවිට ෆියුස් වල හරි වයරින් වල හරි අවුලක් වෙන්න පුලුවන්.

ආයුකාලය
බල්බ් වල ආයුකාලය විවිධ හේතු නිසා අඩුවෙන්නෙ පුලුවන්, ඔබ වැඩිපුර පදවන්නෙ රාත්‍රියට නම් වගේම නිතර හෙඩ් ඩිම් මාරුකරනවා නම් සමහර විට නිතර අබලන් පාරවල් වල යනවා නම් ඒ ගැස්සීමට හෙඩ්ලයිට් වලට සුලුවෙන් බලපාන්න පුලුවන්.

ලයිට් එකේ පාට
මුලින් කිව්ව හේතු නිසා බල්බ් එකේ ආයුකාලය අඩුවෙනකොට බල්බ් එකේ brightness අඩුවෙනවා, ඒ කියන්නෙ ටික ටික ඩිම් වෙනවා. බල්බ් දෙකම එක පාටින් තියෙන්න ඕන. එකක් අනෙකට වඩා අඩුවෙනවා කියන්නෙ ඒක පිච්චිලා ටික දවසකින් අතින් එකත් පිච්චෙනවා කියන එක. ඒ නිසා බල්බ් දානකොට එකවර දෙකම දාන්න.

ලෙන්ස් එකේ පිරිසිදුකම
මේක තමයි හැමෝටම තියන හිසරදය. හෙඩ්ලයිට් ලෙන්ස් එක පාරෙ තියන කුණු දුහුවිලි වලට වගේම හිරුකිරණ වැටීමෙනුත් අවර්ණ වෙන්න පුලුවන්. කාලයත් එක්කම ලෙන්ස් එක ඉරිතලන්න දිරාපත් වෙන්න වගේම කැඩිලා යන්න පුලුවන්. මේකට තියනවා ගොඩ වෙදකමක්. දත් බෙහෙත්. ඔව් ඔව් දත් මදින්න ගන්න එව්වා තමයි. දත් බෙහෙත් යොදා ලෙන්ස් එක පිරිසිදු කරන්න. එතකොට ඔය අවර්ණ ගතිය යනවා. එහෙමත් නැත්නම් වෙළඳපොලෙ හෙඩ්ලයිට් තියනවා cleaners. එහෙමත් නැත්නම් හෙඩ්ලයිට් ආරක්ෂාවට ස්ටිකර් එකක් තියනවා. ඒ ස්ටිකර් එකට පුලුවන් විවිධ බාහිර බලපෑම් වලින් හෙඩ්ලයිට් ආරක්ෂා කරගන්න.

සාරංශයක් විදිහට ගත්තම හෙඩ්ලයිට් එලයින්මන්ට් හරිද බලන්න. හෙඩ් ඩිම් දෙකම ලයිට් දෙකේම වැඩද බලන්න. ලෙන්ස් පිරිසිදුව තියනවද බලන්න. එච්චරයි.

(Visited 5,925 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment