Timing Belt Replacement ගැන දැනගනිමු

21

වාහන හිමියෙක් කියන්නෙ වාහනය නිකම්ම වාහනය පදින කෙනෙක් නෙවෙයි. වාහන හිමියෙක් වුනාම වාහනයේ නඩත්තු කරන්න රැකබලාගන්න පුලුවන් වෙන්නත් ඕන. හරියට දරුවෙක් හදාවඩා ගන්නවා වගේ. සාමාන්‍යයෙන් වාහනේ දුවපු දුර වැඩිවෙන්න වැඩිවෙන්න වාහනේ මාරුකළ යුතු කොටස් කිසිපයක් වනවා. එයින් එකක් තමයි Timing Belt එක කියන්නෙ. බොහෝවිට කිලෝ මීටර 100,000 පහුකරනකොට timing belt මාරුකරන්න කාලය එනවා. ඒක් තීරණය වෙන්නෙ එන්ජින් එක මත.
මොකක්ද මේ timing belt එක? මේකෙන් මොකක්ද වෙන්නෙ?
Timing belt එකෙන් කරන්නෙ crankshaft එක හා camshaft එක එකිනෙකට සම්බන්ධ කිරීම හා පාලනය කිරීම. තව විදිහකට කිව්වොත් ඒ දෙක කැරකැවීම. එමඟින් crankshaft එක හා සම්බන්ධ පිස්ටන් සංචලනය වන අතර camshaft එක මඟින් intake සහ exhaust වෑල් අරිමින් වහමින් එන්ජිමට අවශ්‍ය වාතය හා ඉන්ධන ලබාදෙනවා. ඉතිං මෙම ක්‍රියාදාමය සුමටව කරමින් එන්ජිම ධාවනයේ යෙදෙන්නේ crankshaft එක හා camshaft එක සම්බන්ධ timing belt එක නිසාය.ඉතිං මේ timing belt එක හරියටම adjust වෙලා තියෙන්න ඕන. නැත්නම් පිස්ටන් චලනය වෙන වෙලාවල් වෑල් ඇරෙන වැහෙන වෙලාවල් ඔක්කොම වෙනස් වෙනවා. ඉතිං වෑල් සහ පිස්ටන් එකට ගැටෙන්න පටන්ගන්නවා. ලොකු ප්‍රශ්ණෙකට මුල තමයි ඒක.

මොනවායින්ද මේ timing belt හදලා තියෙන්නෙ?
අලුත් timing belt හදලා තියෙන්නෙ කට්ට සහිත රබර් වලින්. ඒකෙ අඩංගු වෙනවා Fiberglass or Kevlar වගේ ඇදෙන සුලු ෆයිබර්. සමහර පරණ timing belt හදලා තියෙන්නෙ ලෝහමය චේන් එකකින්. ඉතිං චේන් එක රබර් බෙල්ට් එකට වඩා හයිය නැත්ද? හොඳ නැත්ද? හැබැයි චේන් එකෙන් නිකුත් කරන ශබ්දය වැඩී ඒ වගේම බරිනුත් වැඩී. ඒ වගේම චේන් එකේ ඝර්ශණය අඩුකරන්න තෙල් වර්ග දාන්න වෙනවා. රබර් වලට එහෙම අවශ්‍යත් නෑනේ. ඒ වගේම මේ timing belt cover කරලා තියෙන්නෙ ලෝහමය හෝ polymer කවරයකින්. ඒක ගලවලා තමයි බෙල්ට් එක චෙක් කරන්න ඕන. හැබැයි මෑත කාලෙ ආපු වාහන වල නම් සෙන්සර් එකක් එනවා timing belt එක replace කරන කාලෙ ආවම dashboard light එකකින් warn කරනවා. ඉතිං නිතර check කරන්න ඕන වෙන්නෙ නෑ.

Timing Belt සහ එන්ජින් වර්ග
Timing belt එක ගැන දැනගන්න කලින් තමුන්ගේ වාහනේ එන්ජිම මොන වර්ගයට අයත්ද කියලා දැනගෙන සිටීම වැදගත්. මූලිකවම එන්ජින් වර්ග 2යි. ඒවා interference හා non-interference වේ.

Interference Engines
Interference Enginesවල වෑල් හා පිස්ටන් අතර ඇත්තේ ඉතාමත් කුඩා ඉඩකි. Timing belt එක හදිසියේ කැඩීගිය අවස්ථාවක පිස්ටන් එක වෑල් එකේ ගැටී විනාශවී යාහැක.

Non-Interference Engines
මෙහි වෑල් හා පිස්ටන් අතර තරමක ඉඩක් ඇත. එම නිසා විශාල හානියක් සිදුවීමේ අවදානම අඩුය.

Timing Belt එක මාරුකළ යුත්තේ කුමන අවස්ථාවේදීද?
අපි මුලින් කිව්වා වගේ වාහනේ සෙන්සර් එකක් තියනවා නම් එතරම් ප්‍රශ්ණයක් නෑ. හැබැයි සෙන්සර් එකක් නැත්නම් timing belt එක දුවපු දුර ගැන අවධානයෙන් ඉන්න ඕන. timing belt එක replace කරාම ඒ වෙනකොට mileage එක කීයද කියලා බොනට් එකේ යට හෝ timing belt එකේ කවරෙ ස්ටිකර් එකක ගහලා තියනවා. ඒ අනුව ඊළඟ මාරු කලයුත්තේ කොපමණ දුරකින්ද කියලා තීරණය කරන්න පුලුවන්.

Timing belt එක මාරු කළයුතු දුර කොපමණද?
සාමන්‍ය timing belt එකක් සැතපුම් 60,000-75,000 අතර දුවන්න පුලුවන් හොඳ timing belt එකක් උපරිම සැතපුම් 100,000ක් දක්වා දුවන්න පුලුවන්.ඒ නිසා සාමන්‍යයෙන් සැතපුම් 80,000 කිට්ටුවෙනකොට timing belt එක ගැන අවදානෙන් ඉන්න එක වැදගත්.

Timing Belt ගෙවෙන්න හෝ කැඩෙන්න හේතු මොනවාද?
රබර් කොහොමත් උෂ්ණත්වයට සංවේදී. එන්ජිම අධික උෂ්ණත්වයකින් ධාවනය වන්නේ නම් timing belt එක ගෙවීයාම වැඩියි. හැබැයි ටිකක් මිළෙන් අධික බෙල්ට් වර්ග වෙළඳපොලේ තියනවා HSN (or highly saturated nitrile)වගේ. ඒවගේ ගෙවීයාම අනෙක් timing belt වලට වඩා අඩුයි. ඒවගේම තෙතමනය හෝ වතුර වලටද timing belt එකට බලපෑම් කරන්න පුලුවන්. පරන timing beltවල කටු සහිත උල් තියන නිසා ඒවා ඉක්මණින් ගෙවීයනවා. හැබැයි අලුත් timing beltවල උල් ගතිය අඩු නිසා ආයුකාලය වැඩී.

Timing Belt එක මාරුකල යුතුබව කියන මූලික ලක්ෂණ
Timing Belt එකෙ ඉරි තලා තිබීම, පැලී තිබීම හෝ බුරුල්වී තිබීම. Timing Beltඑක මත ලීක්වූ තෙල් හෝ කූලන්ට් පැල්ලම් තිබීම. Timing Belt එක බුරුල්වී ඇත්නම් බෙල්ට් එක ලිස්සීමට හෝ පැනීමට ඇති හැකියාව වැඩී. ඒ වගේම වාහනේ start කළවිට යමක් ඇතිල්ලෙන විශාල ශබ්දයක් එයි නම් එය timing belt එක ගෙවීයාමට මුලපිරීමක්. වාහනේ හරියට start වෙන්නෙ නැත්නම් 2-3 පාරක් try කරන්න වෙනවානම් timing belt එක එක හේතුවක් වෙන්න පුලුවන්.

ඉතිං නිසි කාලෙට timing belt එක මාරු කළහොත් කිසිදු කරදරයකින් තොරව තවත් සැතපුම් දහස් ගණනක් දිවිය හැක.

(Visited 6,132 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment