මුහුදුබඩ වාහන ලුණු වලින් බේරගමු

20

අපේ වාහන සාමාජයේ තියෙන මතයක් තමයි මුහුදුබඩ පළාත් වල වාහන ඉක්මණින් මලකෑමට ලක්වෙනවා කියන එක. ඒ
වගේම හොඳ වාහනයක් හොයාගන්න නුවර කුරුණෑගල පැත්තේ යන්න ඕන කියන එක. සමාජයේ මත කොහොමවුනත් අපි
අද බලමු මේකෙ ඇත්ත නැත්ත.

වාහන මලකන්න හේතුවෙන්නෙ මොනවද?
මල කනවා කියන්නෙ සරලවම කිව්වොත් විවිධ හේතූන් මත ලෝහ ක්ෂයවීම. සාමන්‍යයෙන් මල කෑමට මූලිකම හේතුව
ලෝහයන් ඔක්ෂිජන් හෝ ජලයට නිරාවරණය වීම. ඔක්ෂිජන් හෝ ජලය ලෝහ මත ඇති කරන රසායනික ප්‍රතික්‍රියාව නිසා
ලෝහ ක්ෂයවීම පටන්ගන්නවා. වාහන වල තැන තැන දිරුම් මලකෑම් එන්න හේතුවත් මේකම තමයි. ඒ නිසා පුංචි මලකෑමක්
දැක්කම ගමන්ම ඒකට පිළියම් කරන්න ඕන. නැත්නම් නතරවෙන්නෙ ලොකු හානියකින්.

හරි එහෙනම් ඇයි මුහුදුබඩ පළාත්වල වාහන ඉක්මණින් මලකන්නෙ?
අපි හැමෝම දන්නවා මුහුද කියන්නෙ ලුණු ගතිය අඩංගු තැනක්. ඉතිං මුහුදුබඩ පළාත්වල වායුගෝලයේ ලුණු මිශ්‍ර තෙතනමය
අඩංගු වෙනවා. අපි මුලින් කිව්වා වගේ ජලය ලෝහ මලකන්න ප්‍රධාන හේතුවක්. ලුණු මිශ්‍ර ජලයෙහි මලකෑමේ හැකියාව ඊට
වඩා වැඩී. ඉතිං ලුණු මිශ්‍ර වායුගෝලයේ වාහන වල මලකෑම වේගවත්.

එහෙනම් මුහුදුබඩ වාහන ලුණු මාරයාගෙන් බේරගන්නෙ කොහොමද?

1. වාහනය සතියකට සැරයක් සේදීම අනිවාරයයි. ඔබ ඉන්නෙ මුහුදට ගොඩාක් සමීපව නම් දවසක් හැර දවසක් වාහනය
සේදීම වඩා ආරක්ෂාකාරියි.

2. මාස 4කට සැරයක් වාහනය වැක්ස් කරන්න. වාහනයේ වැක්ස් එක වාහනේ පේන්ට් එකට හොඳ ආරක්ෂිත ආවරණයක්
ලෙස ක්‍රියා කරනවා.

3. වාහනයේ ඇතුළතත් නිතර පිරිසිදු කරන්න. වාහනයට නගින බහින අයගේ ඇඟේ කකුල් වල ලුණු ගතිය තිබෙන නිසා.

4. නිතර වාහනේ යට කොටස ගැන සුපරීක්ෂාකාරීව සිටින්න. මාර්ගවල ඇති ලුණු ගතිය සහිත වැලි පස් නිතර වාහනයේ
ගැටෙන නිසා වාහනේ යට කොටස වීල් වෙල්ස් ( වාහනේ බඳ හා රෝද අතර හිදස ) දොරවල් වල යට, කොටස මඩ කවර හා
බම්පර් සතියකට වරක් විශේෂ පරීක්ෂාවක් සිදුකර පිරිසිදුව තබාගන්න.

5. කුඩා මලකෑ සලකුණක් දුටු සැණින් ඉක්මන් පිළියම් යොදන්න. ඔව් ඔව් WD40 තමයි ඉතිං. ඉක්මනට ස්ප්‍රේ පාරක් ගහන්න.

6. වාහනය නිතරම වියළිව තබාගැනීමට වගබලාගන්න

7. වාහනයේ ගිනිගන්නා සුළු තැන්වල ස්ප්‍රේ කිරීමට යෑමේදී ප්‍රවේසම්වන්න. ස්ප්‍රේ කරන් හොඳින් වියලුනු පසුව පමණක්
පණගන්වන්න.

8. වාහනේ යනකොට ඉදිරියෙන් යන වාහනවලට ගොඩාක් කිට්ටු කරන්නෙ නැතුව යන්න. මොකද ඒ වාහන වලින් විසිවෙන
ලුණු සහිත වැලි දුහුවිලි කෙලින්ම වදින්නෙ ඔයාගේ වාහනේ මූණේ.

9. පුලුවන් හැම වෙලාවකම වාහනේ කවරයකින් වහලා තියන්න.

10. නිතර වාහනේ පුරුද්දක් ලෙස බැලියයුතු තැන් 3ක් තියනවා. එන්ජිම හා ට්‍රන්ක් එක ( ඩිකිය ඩිකිය ), undercarriage
හා external painted parts.

කොහොමවුනත් වාහනේ බබල් ඇවිත් හරි මල කෑමක් හරි වෙලා දිරලා තිබ්බොත් ඒ කියන්නෙ ස්ප්‍රේ එකෙන් ගොඩදාන්න
බැරි තරම් වැඩෙ අවුල් වෙලා තිබ්බොත් ඉක්මණින් ගැරේජ් එකකට අරං යන්න වෙනවා. ඉක්මනට කපලා පේන්ට් එකක්
ගහන්න වෙනවා. නැත්නම් වාහනේ අත ඇරලා දාන්න තමයි වෙන්නෙ.

(Visited 4,071 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment