පවර් ස්ටියරින් පදින ඔබ දැන සිටිය යුතු වැදගත් කරුණු

17

පවර් ස්ටියරින් කියන්නෙ අද වාහනේකට නැතුවම බැරිදෙයක් වෙලා. පවර් ස්ටියරින් පැදපු කෙනෙක්ට ආපහු පවර් නැති වාහනයක් දුන්නම පදින්න මැලිකමක් දැනෙනවා. කොහොමවුනත් පවර් ස්ටියරින් කියන්නෙ වාහනය පැදවීම පහසු කරන තවත් එක් කොටසක්. වැඩි දෙනෙක් පවර් ස්ටියරින් පැද්දට පවර් ස්ටියරින් නඩත්තු කරන්නෙ කොහොමද කියලා හරියට දන්නෙ නෑ. ඒ වගේම තමයි පවර් ස්ටියරින් හරිහැටි පාවිච්චි කරන්නෙ කොහොමද කියලා දන්නෙත් නෑ.

හරි අපි දැන් බලමු පවර් ස්ටියරින් care tips ටිකක්:
වාහනය පදවන විට සාමාන්‍ය වේගයකින් ස්ටියරින් වීල් එක කරකවන්න. වේගයෙන් ළඟ කැපීම වගේම අධික වේගයෙන් වංගු ගැනීමෙන්ද අඩුවන්නෙ පවර් ස්ටියරින් ආයුකාලයයි. දැන් බලයි එතකොට අපිට වේගෙන් යන්න බැරිද කියලා. පුලුවන් හැබැයි වාහන නිශ්පාදකයෝ ඔය වාහන හදලා තියෙන්නෙ රේස් පදින්න නෙවෙයි නේ. ඉතිං අපේ වාහනවල හයිඩ්‍රොලික් system එක ෆෝමියුලා 1 වල වගේ අධික වේගයට ඔරොත්තු දෙන්නෙ නෑ.

ස්ටියරින් වීල් එක වට කීයක් කැරකැවෙනවද කියලා මතකයේ තියාගන්න. බොහෝවිට මේක වාහන පදින අයට නිකම්ම දැනෙනවා. අපි දැකලා තියනවා ගොඩක් අය අගටම කරකවනවා “ඩග්” ගාලා වදිනකම්ම. අගට කැරකෙන්න කැරකෙන්න ස්ටියරින් පම්ප් එකෙන් දෙන pressure එක වැඩී. ඒ pressure එකත් එක්ක එක පාරට කැරකැවෙන එක නැවතුනාම පවර් ස්ටියරින් කොටස්වලට එන pressure එක වැඩී. ඉතිං එම කොටස් ගෙවීයාම වැඩී.

ස්ටියරින් වීල් එක Full කරකවා ගොඩක් වෙලා තැබීමෙන් වලකින්න. ගොඩක් වෙලාවට park කරලා යනකොට ස්ටියරින් වීල් එක කෙලින් කරලා යන්න සමහර අයට අමතක වෙනවා. අපි කලින් කිව්වා වගේ අගට කැරකැවෙන්න pressure එක වැඩී. හිතන්න ඒ pressure එකෙන් පැය ගානක් එකම විදිහට තියනකොට?

බ්‍රේක් කරන ගමන් හැරවීම් අවම කරන්න. මොකද බ්‍රේක් කිරීමත් එක්ක ටයර් වලට එන pressure එක වැඩී. ඉතිං ඒ pressure එක ඒ විදිහටම ස්ටියරින් රැක් එකටත් යනවා.

ස්ටියරින් එක වාහනය එකතැන තියෙද්දි කරකවනවට වඩා වාහනය move වෙද්දි කරකවන්න. වාහනය move වෙද්දි ස්ටියරින් load එක අඩුයි.

හරි අපි දැන් පවර් ස්ටියරින් ලෙඩ අඳුරගමු

HARD STEERING

  • වැරදි Tyre Pressure
  • Pump Drive Belt එක ලිහිල්වීම
  • වැරදි පවර් ස්ටියරින් ඔයිල් යෙදීම හෝ පවර් ස්ටියරින් ඔයිල් අඩුවීම
  • Front End කොටස් ( ටයර් රොඩ්, ජොයින්ට්… වැනි ටයර් හා ස්ටියරින්වීල් සම්බන්ධ කොටස් ) බුරුල්වීම හෝ ලිහිසි ගතිය
    අඩුවීම
  • වැරදි Front End Alignment
  • Steering Column හා Linkage අතර ඇති සම්බන්ධය අවමවීම
  • Hydraulic System එක තුළ වාතය පිරීම
  • Pump Output එක අඩුවීම හෝ ලීක්වීම
  • පවර් ස්ටියරින් ඔයිල් අවහිරවීම
  • Pump Valves හිරවීම
  • ස්ටියරින් රැක් එක ගෙවීයාම

LEAKING HOSES AND SEALS

  • Pump Tank එකේ වැඩිපුර ඔයිල් තිබීම
  • Hoses and Seals Damage වීම
  • Pump Fittings ලිහිල්වීම
  • දෝෂ සහිත පොම්පය

TIGHT / LOOSE STEERING

  • වීල් බෙයාරින්ස් ලිහිල්වීම
  • දෝශ සහිත ශොක්ස්
  • ගෙවුනු Linkage කොටස්
  • ලිහිල් Steering Gear Mountings හෝ Linkage Points
  • වැරදි Steering Rack Alignment
  • ඇඹරුණු Bar Bent

ස්ටියරින් වීල් එක කරකවන විට ශබ්දයන් ඇසීම

  • බෙල්ට් එක ලිහිල් වීම
  • ගියර් ඔයිල් අඩුවීම
  • CV joints ගෙවීම
  • Gear Mountings ලිහිල්වීම
  • රැක් එකේ වැරදි Alignments
  • දෝශ සහිත පොම්පය

ස්ටියරින් වීල් එක දෙදරීම හෝ පාලනයට අපහසුවීම

  • ඉදිර්පස හා පසුපස වැරදි Alignment
  • වැරදි Tyre Pressure
  • බ්‍රේක් Bind වීම
  • Engine Rack එක බුරුල්වීම හෝ රිය අනතුරකින් Damage වීම
  • දෝශ සහිත Shock or Springs
  • Drop Arm එකේ පොඩි play එකක් තිබීම
  • Wheel Bearings ලිහිල්වීම
  • Drop Arm Ball Joint තදවීම
  • Tie Rod ගෙවීම
  • ටයර් කම්බි කැඩීම

හරි අන්තිමට අපි බලමු පවර් ස්ටියරින් නිතර පරීක්ෂා කරන්නෙ කොහොමද කියලා. හරි ලේසී !

  • පවර් ස්ටියරින් ඔයිල් level එක නිතර පරීක්ෂාකරන්න
  • Hoses and lines වල ලීක් තියනවද බලන්න
  • වාහනේ ඉදිරිපසට ජැක් එක ගහලා රැක් එකේ සීල් ටික වගේම බූට් ටික පරීක්ෂාකරන්න
  • බෙල්ට් එක ලිහිල්ද බලන්න

 

source- steering-racks.co.uk | howtomaketips.blogspot.com | auto.howstuffworks.com

(Visited 18,432 times, 2 visits today)
Share This:

Related posts

Leave a Comment