Spark plug ලෙඩ අඳුරගමු

8

ඔයත් පෙට්‍රල් වාහන හිමිකාරයෙක්ද? වාහනය හොඳින් maintain කරනවද? එහෙනම් අද අපි කියලා දෙන්න යන්නෙ spark plug inspect කරන විදිහ. හැමදේටම ඉතිං ගරාජ් ගානේ දුවන්නෙ මොකටද නේද. සාමන්‍යයෙන් වෙලඳපොලේ තියන spark plug වලට සැතපුම් 10,000-20,000 අතර දුවන්න පුලුවන්.

මුලින්ම coil pack එක check කරන්න. coil pack එක හරියට වැඩ කරනවා නම් voltage එක 50,000-75,000 Volts අතර තියෙන්න ඕන.

මිළ ගැන තැකීමක් නොකර quality spark plugs use කරන්න, fuel economy සහ performance වැඩි කරයි.

Engine එක රත්වූ කිසිදු වෙලාවක spark plug check කිරීමෙන් වලකින්න. spark plugද අධික ලෙස රත්වී ඇත.

spark contact area එක check කරන්න. එහි පිළිස්සුනු තද අලු පැහැයක් ගෙන ඇත්නම් spark plug අලුතින් දැමීමට සිදුවේ.

Ratchet, long extension and deep socket(16mm) මේ සඳහා අවශ්‍ය උපකරණවේ.

නැවත සවිකිරීමේදී thread එක නිවැරදිව හසුවන ලෙස සවිකිරීමට සැළකිලිමත්වන්න.

Spark plugs මාරු කරන්න ඕන වෙලාව කලින් දැනගන්නෙ කොහොමද?

Traffic එකේ වගේ යනකොට එකෙන් අමුතු “කර කර” ශබ්දයක් එක්ක ලොකු vibrations එකක් වෙනවා නම්

වාහනේ start වෙන්න හොරයි නම් ( බැටරි එක හොඳයි නම්, වාහනේ පෙට්‍රල් තියනවානම් )

Engine එක නිතර misfire කරනවානම්, හේතුවක් නැතුව engine එක නතර වෙනවානම්

සාමන්‍ය තරමට වඩා වැඩිපුර පෙට්‍රල් පිච්චෙනවා නම්

Acceleration එකේ තරමට pick up වෙන්නෙ නැත්තම්

(Visited 1,714 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment